(ඩයනා උදයංගනී)

හදිසි නීතියට විරුද්ධව ඡන්දය දුන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට ඒ සම්බන්ධයෙන් පැවති පාර්ලි‍මේන්තු විවාදයේ දී අදහස් දැක්වීමට අවස්ථාවක් නොදුන් බව පාර්ලි‍මේන්තු මන්ත්‍රී ආචාර්ය නාලක ගොඩහේවා මහතා පැවසීය.

‍ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායකවරයාගෙන් අදහස් දැක්වීමට අවස්ථාවක් ඉල්ලා සිටියත් හදිසි නීතියට විරුද්ධ කිසිවකුටත් විවාදයේදී අදහස් දැක්වීමට ඉවක් නොදුන් බව හෙතෙම සඳහන් කළේය.

යහපාලන සමයේ සාමාන්‍ය නීතිය පවා අවභාවිතා කරමින් විශාල ලෙස දේශපාලන ප්‍රතිවාදින් මර්ධනය කිරිමේ ඉතිහාසයක් ඇති පාලකයන්ගේ අතට  හදිසි නීතිය වැනි අවියක් ලබාදීම ඉතා අනතුරුදායක බැවින් තමන් එයට විරුද්ධ වූ බව ද නාලක ගොඩහේවා මහතා කීවේය.

හදිසි නීතියට මුවාවී සියලු ආකාරයේ විරෝධතාවන් මර්ධනය කල හැකි වතාවරණයක් සදා ගන්නට රජයට ඉඩදීම මන්ත්‍රීවරයකු ලෙස වගකීම පැහැර හැරීමක් බවත් තම තීන්දුව නිවැරදිද යන්න ඉතිහාසය තීන්දු කරනු ඇති බවත් හෙතෙම පැවසීය.