හදවත් කුසලානය 2014 විවෘත කරාටේ ශූරතාවලිය අගෝස්තු 23 සෙනසුරාදා දවස පුරා වෙන්නප්පුව ශ්‍රීමත් ඇල්බට් ඇෆ් පීරිස් ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට සියළු කටයුතු සුදානම් බව ජිකෝ ශ්‍රී ලංකාව කියයි.
කාතා සහ කුම්තේ තරග ඉසව් ජ්‍යෙෂ්ට සහ කණිෂ්ට කණ්ඩායම් අංශවලින් පැවැත්වෙන අතර මෙවර තරගාවලිය සඳහා ශ්‍රී ලංකා යුධ හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඇතුළු කරාටේ සංගම් රැසක ක්‍රීීඩක ක්‍රීීඩිකාවෝ තරග වදිති.
සමස්ත ශූරතාවලිය සඳහා ශූරතා සහ අනශූරතා කුසලාන මෙන්ම ජ්‍යෙෂ්ට සහ කණිෂ්ට අංශයන්හි දක්ෂතම ක්‍රී්ඩකයා සහ ක්‍රීීඩිකාව සඳහා ද ඉතාලියෙන් පිරිනමන ලද ඉතා වටිනා කුසලාන හිමිවන අතර රන්, රිදී, ලෝකඩ පදක්කම්ද සියළු ඉසව් සඳහා පිරිනැමීමට සංවිධායක මණ්ඩලය තීරණය කර ඇත.
මීට අමතරව ජ්‍යෙෂ්ට සහ කණිෂ්ට අංශයෙන් දක්ෂතම ක්‍රීඩකයාට සහ ක්‍රීඩිකාවට වටිනා තෑගි සමූහයක් සමග විශේෂ මුදල් ත්‍යාගයක් ද පිරිනැමේ.
ඉතාලියේ ජිකෝ කරාටේ ජාත්‍යන්තර සම්මේලනය සහ ජිකෝ ශ්‍රී ලංකා ශාඛාව මෙම තරගාවලිය සංවිධානය කර ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි එනවා අනිවාර්යෙන් අපි තමා මේ පාර හදවතේ ශූරයෝ සුබ පැතුම්.(අ)
අපි එනවා අනිවාර්යයෙන්ම. තෑගි ටික සූදානම් කරලා තියන්න. අපේ සංගමයේ ක්‍රීඩකයින් ඔක්කොම එනවා. ගිය පාරත් අපි ආවා. මෙදාපාර නම් කප් එක ගන්නවා (නි)
මගේ දරුවෝ දෙන්නත් කරාටේ කරනවා. ලංකාවේ මම ඒ අයට දැන් දැනුම් දුන්නා, හොඳ ශූරතාවලියක් පිළිබඳ තියනවා ලංකාදීපේ වෙබ් එක බලන්න කියලා.ඒ ශූරතාවලියට යන්න කියලා මම කිවුවා.මම අනිවාර්යයෙන් මගේ දරුවෝ දෙන්නව එවනවා. මට මේ ශූරතාවලියට ගොඩක්ම කැමති හිතුණේ ඒකට තියලා තියන නම නිසයි. (නි)
පැතුම්, ඒක නම් ඇත්ත තමයි.ශූරතාවලියට තියලා තියන නම නම් නියමයි. මමත් කැමතියි ගොඩක්.මමත් ඉස්සර කරාටේ කළ කෙනෙක්. වෙන්නප්පුවේ අපෙන් සුබ පැතුම්! (නි)
අනෙක් තරගාවලියන්ට වඩා වෙනස් තරගාවලියක් (නි)
නියම නමක්නේ දාලා තියෙන්නේ. ලස්සනයි. මමත් ඔය දන්නා කියන කට්ටියක් තමයි මේ ශූරතාවලිය සංවිධානය කරන්නේ. මගෙන් සුබ පැතුම් (නි)
මුදල් ත්‍යාගය කීයද දන්නේ නැහැ නේද (නි)
හදවතේ කුසලානයට අපේ කණ්ඩායම හදවතින්ම සහභාගි වෙනවා. (නි)
කරාටේ තරඟ නම් මෙන්න අපි නම් එනවෝ! සල්ලියි තෑගියි සූදානම් කරලා මල්ලකට දාලා තියන්න. ආව ගමන් අපි දිනනවා හදවතේ කුසලානය. (නි)
කවූද එන්නේ ආරාධිත අමුත්තාට? දේශපාලනය නම් වැද්දගන්න එපා. මොකද ඔය හදවතේ කුසලානයක්. (නි)
ඔබ සැමට සුබ පැතුම්! (නි)
අවුරුදු ගානකට පෙරත් ඔය ඔක්කොම තරඟ තිබුණා. හැබැයි නම වෙනස් (නි)