හදවත් කුසලානය ( හාට් කප් 3) ජිකෝ විවෘත කරාටේ ශූරතාවලිය 2014 මෙවර වෙන්නප්පුව ශ්‍රීමත් ඇල්බට් ඇෆ් පීරිස් ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී අගෝස්තු 23 සහ 24 දිනයන්හි පැවැත්වීමට නියමිතය.
කාතා සහ කුම්තේ තරග ඉසව් ජ්‍යෙෂ්ට සහ කණිෂ්ට කණ්ඩායම් අංශවලින් පැවැත්වෙන අතර මෙවර තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා යුධ හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඇතුළු කරාටේ සංගම් රැසක ක්‍රීීඩක ක්‍රීීඩිකාවෝ තරග වදිති.
සමස්ත ශූරතාවලිය සඳහා ශූරතා සහ අනශූරතා කුසලාන මෙන්ම ජ්‍යෙෂ්ට සහ කණිෂ්ට අංශයන්හි දක්ෂතම ක්‍රී්‍ඩකයා සහ ක්‍රීීඩිකාව සඳහා ද ඉතාලියෙන් පිරිනමන ලද ඉතා වටිනා කුසලාන හිමිවන අතර රන්, රිදී, ලෝකඩ පදක්කම්ද සියළු ඉසව් සඳහා පිරිනැමීමට සංවිධායක මණ්ඩලය තීරණය කර ඇත.
මීට අමතරව ජ්‍යෙෂ්ට සහ කණිෂ්ට අංශයෙන් දක්ෂතම ක්‍රීඩකයාට සහ ක්‍රීඩිකාවට වටිනා තෑගි සමූහයක් සමග විශේෂ මුදල් ත්‍යාගයක් ද පිරිනැමේ.
ඉතාලියේ ජිකෝ කරාටේ ජාත්‍යන්තර සංගමය සහ ජිකෝ ශ්‍රී ලංකා ශාඛාව මෙම තරගාවලිය සංවිධානය කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ නරක දෙකටම වෙන්නප්පුව හා ඉතාලිය අතර සම්බන්දයක් තියනව මයි . මේක හොද ගනයේ වැඩක් ඕනෑව උනත් අපෙන් සුබ පැතුම් (දී)
හදවතින් කරන ඕනෑම දෙයක් සාර්ථක වෙනවා . මේ තරගාවලිය ගියවර හදවතින්ම කරපු නිසා මෙවරත් අනිවාර්යෙන්ම සර්තකයි ගියවර මම මේ තරගාවලියට සහබාගි උනා මගෙන් සුබ පැතුම් (දී)
සුභ පැතුම්! (නි)
හොඳ වැඩක්. මේ තරගාවලියේ නමට මමත් කැමතියි. (නි)