හදවත් කුසලානය ( හාට් කප් 3) ජිකෝ විවෘත කරාටේ ශූරතාවලිය 2014 මෙවර වෙන්නප්පුව ශ්‍රීමත් ඇල්බට් ඇෆ් පීරිස් ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී අගෝස්තු 23 සහ 24 දිනයන්හි පැවැත්වීමට නියමිතය.
කාතා සහ කුම්තේ තරග ඉසව් ජ්‍යෙෂ්ට සහ කණිෂ්ට කණ්ඩායම් අංශවලින් පැවැත්වෙන අතර මෙවර තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා යුධ හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඇතුළු කරාටේ සංගම් රැසක ක්‍රීීඩක ක්‍රීීඩිකාවෝ තරග වදිති.
සමස්ත ශූරතාවලිය සඳහා ශූරතා සහ අනශූරතා කුසලාන මෙන්ම ජ්‍යෙෂ්ට සහ කණිෂ්ට අංශයන්හි දක්ෂතම ක්‍රී්‍ඩකයා සහ ක්‍රීීඩිකාව සඳහා ද ඉතාලියෙන් පිරිනමන ලද ඉතා වටිනා කුසලාන හිමිවන අතර රන්, රිදී, ලෝකඩ පදක්කම්ද සියළු ඉසව් සඳහා පිරිනැමීමට සංවිධායක මණ්ඩලය තීරණය කර ඇත.
මීට අමතරව ජ්‍යෙෂ්ට සහ කණිෂ්ට අංශයෙන් දක්ෂතම ක්‍රීඩකයාට සහ ක්‍රීඩිකාවට වටිනා තෑගි සමූහයක් සමග විශේෂ මුදල් ත්‍යාගයක් ද පිරිනැමේ.
ඉතාලියේ ජිකෝ කරාටේ ජාත්‍යන්තර සංගමය සහ ජිකෝ ශ්‍රී ලංකා ශාඛාව මෙම තරගාවලිය සංවිධානය කර ඇත.
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
‘හදවත් කුසලාන‘ 23,24 වෙන්නප්පුවේ
බසී Tuesday, 08 July 2014 10:09 AM
හොඳ නරක දෙකටම වෙන්නප්පුව හා ඉතාලිය අතර සම්බන්දයක් තියනව මයි . මේක හොද ගනයේ වැඩක් ඕනෑව උනත් අපෙන් සුබ පැතුම් (දී)
සුරනි Tuesday, 08 July 2014 10:20 AM
හදවතින් කරන ඕනෑම දෙයක් සාර්ථක වෙනවා . මේ තරගාවලිය ගියවර හදවතින්ම කරපු නිසා මෙවරත් අනිවාර්යෙන්ම සර්තකයි ගියවර මම මේ තරගාවලියට සහබාගි උනා මගෙන් සුබ පැතුම් (දී)
රෝෂේන් Wednesday, 09 July 2014 08:57 AM
සුභ පැතුම්! (නි)
ලක්මාලි Tuesday, 08 July 2014 10:05 AM
හොඳ වැඩක්. මේ තරගාවලියේ නමට මමත් කැමතියි. (නි)