විපතට පත්වූ පිරිසට ආධාර බෙදීම සඳහා කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරයේ ආධාර එකතු කිරීමක් සිදු කළේය. වෙසක් උත්සවය සඳහා විහාරයට ලැබුණු දන්සල් සඳහා වන භාණ්ඩ ආදියද ගංවතුරෙන් අවතැන්වූවන්ට බෙදා දීමට කටයුතු යොදා ඇත. ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා ඇතුළු පිරිසක් ද අද එහි ගොස් ආධාර ලබාදීමේ කටයුතුවලට එකතු විය.
කැළණි ගඟ පිටාර ගැලීම නිසා විපතට පත්වී සිටින වැල්ලම්පිටිය, කොලොන්නාව, කොටිකාවත්ත යන පෙදෙස් වල ජනතාවට ආධාර ලබාදීමක් අද (20) සිදු විය.
ඔවුහු විද්‍යාවර්ධන විද්‍යාලයේ සහ කොලොන්නාව කොට්ඨාස අධ්‍යාපන කාර්යාලයේ තාවකාලිකව ලැඟුම් ගෙන සිටිති.
මීට අමතරව සිවිල් සංවිධාන හා මාධ්‍ය ආයතන එකතුවෙන් මගීන්ගේ සහය ඇතිව ගංවතුරින් විපතට පත් ජනතාවට වියළි ආහාර ද්‍රව්‍ය , පානීය ජලය ඇතුළු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය එකතු කිරිමක් කොළඹ කොටුව දුම්රියපළේ දී සිදු විය.
ජායාරූප - ගයාන් අමරසේකර
ඡායාරූප - ශාන්ත රත්නායක
ඡායාරූප - ඩික්සන් වසන්ත










COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕනෑම ආපදාවකදී අපේ ජනතාව එකාවන්ව එකතුවෙනවා. නමුත් සමහර තැන්වලට පිසූ අාහර වැඩිපුරත් එකතුවෙලා අපතේ යනවා. ඒ නිසා පිසූ අහර බෙදද්දී, ඒවා නැති තැන්වලට හොයලා දෙන්න. මගේ ප්‍රණාමය! (නි)
ඉතා හොඳ සද්ක්‍රියාවක් (නි)