(රන්ජන් කටුගම්පොල සහ නිමන්ති රණසිංහ)
රජය මගින් සීනිවලට පනවා තිබූ අධිභාර බදු අඩු කිරීමෙන් සිදුවූ පාඩුවට රුපියල් කෝටි 05ක වන්දි මුදලක් ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමෙහි වගඋත්තරකරුවකු වශයෙන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ නම ඇතුළත් කර සංශෝධන පෙත්සමක් ඉදිරිපත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම්කරුවන්ට අද (04) අවසර ලබා දුන්නේය.
මෙම පෙත්සම ලබන ජුලි මස 27 වැනිදා යළි කැදවන ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් නිකුත් කළේය.
ප්‍රියන්ත ජයවර්ධන, මෘර්දු ප්‍රනාන්දු සහ යසන්ත කෝදාගොඩ යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම සලකා බැලූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විය.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අගමැති මහින්ද රාජපක්ෂ, භාණ්ඩාගාර ලේකම් එස්. ආර්. ආටිගල යන මහත්වරුන් ඇතු`ථ 07 දෙනකු නම් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුළුවන් නම් කාර් පර්මිට් එකයි, විශ්‍රාම වැටුපයි එපා කියලා උසාවි යන්නකෝ... එතකොට විජිතගේ ලක්ෂ 80 වාහනය ගැන මිනිස්සු අහන්නේ නැහැනේ....!