මේ දිනවල විකාශය වෙන "වස්සාන සිහිනේ" හා "සිකුරුලන්තයේ" කියන ටෙලි නාට්‍යය හරහා ඔබ දකින දිලිනි ලක්මාලි ජනප්‍රිය යොවුන් නිළියකි. පුංචි තිරයට, සිනමා තිරයට මෙන්ම වේදිකාවටද එකසේ දායකත්වය සපයන දිලිනි උදාවෙන අලුත් අවුරුද්දේ අලුත් වැඩ කටයුතු කිහිපයකටම සුදානමින් සිටියි. මේ අවුරුද්දෙ නම් තියෙන ලොකුම බලාපොරොත්තුව තමයි හදාගෙන යන මගේ ගෙදර වැඩ ටික ඉවර කරන එක. හදාගෙන යමින් ඉද්දි තමයි කොස්ගම, ශාලාව යුදහමුදා කඳුවුරේ පිපිරීම සිද්ධ වුණේ. ඒ පිපිරීමත් එක්ක ගෙදරට හානි සිදුවුණා.
ඉතින් මේ අවුරුද්දේ ගෙදර සියලු වැඩ කටයුතු සියල්ල ඉවර කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව සුපුරුදු පරිදි රංගන කටයුතුවලට වැඩි කාලයක් වෙන් කරන්න සැලසුම් කරලා තියෙනවා. මා දායක වුණ ටෙලි නිර්මාණ 7ක් විතර ආරම්භ වන අලුත් අවුරුද්දේ විකාශය වෙන්න නියමිත වෙලා තියෙනවා. ඊට අමතරව වේදිකාවටත් යම් තැනක් දෙන්න 2017 වසරෙදි බලාපොරොත්තු වෙනවා.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd