රාජ්‍ය සේවාවේ ස්ථාන මාරු අගෝස්තු මාසයේ කැඳවා සැප්තැම්බර් මාසයේ නියෝග ලබාදී ක‍්‍රියාත්මක කළ යුතු නමුත් 2017 වසරට අදාලව හෙද සේවාවේ ස්ථාන මාරු නියෝග මේ වන තුරුත් ප‍්‍රසිද්ධියට පත් කර නැතැයි රජයේ හෙද නිලධාරින්ගේ සංගමය කියයි.
හෙද සේවාවේ ස්ථාන මාරු මණ්ඩලය ඉකුත් 30දා රැස්වූ අතර එහි දී 1000 ක පමණක් ස්ථාන මාරු නියෝග ලබා දුන් බවත් එම නියෝග කෙටුම්පත් කර අවසන්ව ඇතත් මේ වන තුරු එම නියෝග ප‍්‍රසිද්ධියට පත් කර නැතැයි රජයේ හෙද නිලධාරින් ගේ සංගමයේ සභාපති සමන් රත්නප‍්‍රිය මහතා පැවැසීය.
සේවකයින් සඳහා ස්ථාන මාරු වසර ආරම්භයේ දී කි‍්‍රයාත්මක විමට ආයතන සංග‍්‍රහයේ උපදෙස් ලබා දී ඇති අතර සෞඛ්‍ය අමාත්‍යංශයේ ප‍්‍රමාදයේ තරම කොතරම්ද යත් පෙබරවාරි මාසය වනතුරුත් ස්ථාන මාරු නියෝග ලබාදී නැතැයි හෙතෙම සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආ ඇත්තද?(හේ)
කාටද ඕක කියන්නේ ජනතාවටද? තමුන්ලම කඩේ ගිහින් පත්කර ගත්ත යහපාලනේ නේද? (බ)
යාපනයේ දැනට වසර 03 ක් ඉක්මවු හෙද නිලධාරිනියන් වන අපට තවමත් ස්ථාන මාරුවීම් නැහැ. කුඩා බිළිඳු දරුවන් තියාගෙන මරබියෙන් දුක්විදිනවා. ඇයි මේවා දෙන්නේ නැත්තේ? කවදද දෙන්නේ? ජිවිත හානියක් සිදුවුණොත් කවුද වගකීම ගන්නේ? ඉක්මනින් ස්ථාන මාරුවීම් ලබාදෙන්න. (නි)
ඔයගොල්ලොම නේද ගේ හදාගත්තේ. ඇයි දැන් තෙමෙනවද. (නි)
මේවාට උත්තර දෙන්න ගන්න අපේ කාලයත් අපරාදේ! (නි)
"ඇතැම් රජයේ වෛද්‍ය පීඨවල සයිටම් ආයතයේ සිටින සිසුන් තරම්වත් සුදුසුකම් නැති අය සිටින බව සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා පවසයි“. මේ කතාව ඇත්තද? (නි)