වසර 40ක් වෙනත් අයෙකුගේ නමින් පෙනී සිටිමින් රැකියා කැර විවාහ වී සිටි අයකු බැංකු ගිණුමක් මගින් අල්ලා ගත් බව කෑගල්ල පොලිසිය කියයි. කලගෙඩිහේන හපුගස්තැන්නේ පදිංචිකරුවෙක් 1965-70 කාලයේදී මාවනැල්ල මන්ත‍්‍රී සී.ආර්. බෙලිගම්මන මහතා සොයා ආවේය. ඔහුගේ උප්පැන්න හා අධ්‍යාපන සහතිකවල මුල් පිටපත් නැතිවිය. ඔහු පසුගියදා බැංකුවක් වෙත ආවේය. ඒ බැංකු ගිණුමක් ඇරැඹීමටය. පරිගණකය පිරික්සූ කළමනාකරු කීවේ ඔහුගේ නම වන ”නැලිගමගේ සමරදිවාකර ජයකොඩි” නමින් කෑගල්ල ශාඛාවේ ගිණුමක් ඇති බවය. ඔහු කෑගලූ බැංකුවට ගියේය. එතැනින් පොලිසි ගියේය. නැලිගමගේ සමරදිවාකර ජයකොඩි නම් 70 හැවිරිදි තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගනු ලැබීය. නමුත් ඔහුගේ නියම නම පොලිසිය සතුය. ඔහු පැවසුවේ 1965-70 කාලය අතුරතුරදී තමන්ට මෙම සහතික හමුවූ බවත් එහි උසස් අධ්‍යාපන සුදුසුකම් තිබූ බැවින් 1971 දී එම උප්පැන්න සහතිකය ඉදිරිපත් කර හැඳුනුම්පත හදාගෙන තෙල්දෙණිය ලංගම ඩිපෝවේ රැකියාව ලබාගෙන විවාහ වී එම නම දරුවන්ගේ උප්පැන්නයටද දුන් බවය. කූට ලේඛන සකස් කර ව්‍යාජ පුද්ගලයෙකු ලෙස පෙනී සිටීම වංචා කිරීම යටතේ නඩු පැවරීමට කෑගල්ල පොලිසියේ වංචා විමර්ශන අංශය සැරැසේ.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නම් හතරක් පහක් පාවිච්චි කරපු උදවිය රටින් පිටකලා. ලංකාවේ මේ අහිංසකයා හිරේදාන්නද ? ඕවා මොනවද ?
ලංකාවේ මිනිස්සු තනිකර කෙලින්නෙ පිස්සු.
හැම කරදරයක්ම දුප්පතුන්ට තමයි. නම් හතරකින් පෙනී හිටපු කුමාර් ගුනරත්නම් ට බලය තියෙන නිසා කිසි කරදරයක් නැතිව රටින් පිට වුනා.
ගිණුම වහලා සල්ලිටික ගන්න තිබුණේ.