බුලත්සිංහල මහගම දී 2002 ජූලි 04 වැනි දා ලාල් ගුණවර්ධන නම් පුද්ගලයකු කැත්තකින් කපා ගල් ගසා මරා දැමූ සිව් දෙනෙක් කළුතර මහාධිකරණ විනිසුරු පී පද්මන් සූරසේන මහතා විසින් අද මරණ දණ්ඩනයට යටත් කරනු ලැබූහ.
පී ජී පියසෝම (ටාසන්), ජනක පියසිරි විතාන, අනුරසිංහ හා පියකමල් ලක්ෂ්මන් ඔවුහුය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැලේ වැල් නැතුව ඇති දැන් මේ මිනිසුන්ට අවුරුදු 12 ක්ම නඩු කතා කරලා. පුලුවන්නම් මේ අවුරුදු ගානට නඩුවට ගිය විය හියදම් හොයල දාන්න බැරිද? (නදී)
නීතිඥ මහත්තුරු සතුටු නැහැ මේ තරම් ඉක්මනට නඩු විසදලා තීන්දු දෙනවට. තව අවුරුදු 5 ක් වත් ඇදගෙන ගියානම් තමයි හොද. (නදී)
මෙම මරණිය දණ්ඩනය තීන්දුව අද නාමිකව පමණක් නිසා කිසි බියක් සැකක් නොමැතිව මිනී මැරීම සිදුවෙනවා. ඔවුන් දන්නවා කවදාවත් ඔවුන්ට මරණිය දණ්ඩනය ක්‍රියාත්මක නොවන බවත් අවුරුදු කිහිපයකින් ජනාධිපති සමාව යටතේ යලිත් මිනිස් සමාජයට එන බවත් එ් නිසා ලංකාවේ අපරාධ රැල්ල දිනෙන් දින ඉහල යනවා. කරන්නට තියෙන්නේ මරණිය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමයි. සමාජ දුෂකයන් මිනීමරුවන් මහජන මුදලින් නඩත්තු කිරීමත් අපටම බරකි. (ස)
අවුරුදු 12ක් පරණ නඩුවක් (නි)
කොහේ තියෙන ගහක් ද මේ? ඒක ඊනියා ධර්මිෂ්ඨලා කපාගෙන ගිහින් ගොඩාක් කල්. (නදී)
ඔය කොළ නැති ගහ නමට විතරයි. (නදී)
තව කාලයක් ඇදගෙන යන්න තිබුනේ. අපරාදේ ඉක්මනටම තීන්දු දුන්නේ. (නදී)