පාසල්වල අවිධිමත් ලෙස මුදල් එකතු කිරීම තහනම් කරමින් අධ්‍යාපන ලේකම් උපාලි මාරසිංහ මහතා අද (29) චක්‍රලේඛයක් නිකුත් කළේය.
පාසල් සංවර්ධන සමිති, ආදි ශිෂ්‍ය සංගම්, පන්ති කව හා ශුභසාධන සංගම් ආදී විවිධ සමිති සමාගම්වලින් විවිධ කරුණු කියමින් මුදල් අයකිරීම මෙම චක්‍රලේඛය මගින් සම්පූර්ණයෙන් තහනම් කර ඇත.
විදුහල්පතිවරයකුට නිසි පරිදි නිල කුවිතාන්සියක් නිකුත් කර අනුමත පහසුකම් හා සේවා ගාස්තු අය කර ගත හැකි අතර විදුලිබිල, දුරකතන බිල, ආරක්ෂක කටයුතු වැනි අත්‍යවශ්‍ය වියදම් පියවා ගැනීම සඳහා මුදල් අය කළ යුත්තේ පාසලේ අත්‍යවශ්‍ය වියදම් ඇස්තමේන්තුවේ මදි පාඩුව සිසුන් ගණනින් බෙදා එය අධ්‍යාපන ලේකම්ගෙන් අනුමත කර ගත් පසුවය.
නීත්‍යනුකූල ගාස්තුව ගෙවීමට වුවද දෙමාපියන්ට හා සිසුන්ට අනිවාර්ය කිරීමක් හෝ බල කිරීමක් කළ නොහැකි බව ද , එම ගාස්තු ගෙවීමට අපහසු බව ග්‍රාම නිලධාරී සහතිකය මගින් දෙමාපියන් දැන්වුවහොත් එම මුදලෙන් නිදහස් කළ බව දෙමාපියනට ලිඛිතව දැන්විය යුතු බව ද නව චක්‍රලේඛයේ සඳහන්ය.
2015 වර්ෂය සඳහා කිසියම් කාර්යයකට මුදල් අය කිරීමට මීර පෙර අනුමැතිය ලබා ගෙන ඇත්නම් ඒ සඳහා නැවත අනුමැතිය ගත යුතු බව ද අධ්‍යාපන ලේකම් දන්වා ඇත.
පසුගිය කාලයේ පාසල්වල මුදල් අය කිරීම් දිගින් දිගටම වාර්තා වූ අතර ගුරු සංගම් ඊට එරෙහිව හඬ නැඟුවත් යහපත් ප්‍රතිචාරයක් ලැබුණේ නැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ ප්‍රණාමය (නදී)
අපේ ප්‍රනාමය. (ර)
අපේ ප්‍රණාමය (නදී)
අපේ ප්‍රණාමය (දිල්)
මේ සල්ලි එකතු කිරීම නැවැත්විය යුතුයි (දිල්)
මේක නම් බොහෝම හොඳ පණිවිඩයක්. (ර)
හොද තීරණ (දිල්)
හොද තීරණයක්. අපේ සහයෝගය. (නදී)
මම මේ සතියට විතරක් දුවගේ පාසැලට රපියල් 600, 1750, 50 දුන්නා. මොනවා කිව්වත් සල්ලි ගන්නවා. තාම ඉංග්‍රීසි, දෙමළ ගුරුවරු උගන්නන්න කාල සටහනවත් දීලා නැහැ (නදී)
පාසල් වල කටයුතු වලට අවශ්‍ය මුදල් රජයෙන් ලැබෙනව නම් සිසුන්ගෙන් මුදල් එකතු කිරීම සම්පූර්ණයෙන් නවත්තන්න පුලුවන්. මේ කරපු දේ ගොඩක් හොද දෙයක් වුනත් මේක ක්‍රියාත්මක කිරීමේ ප්‍රායෝගික තත්වය ගැන මීට වඩා සිතාබැලිය යුතුයි. (ර)
මේවා හොඳ තීරණ වුනාට දරුවන්ගේ ඉදිරිය බලා කැමති ගානක් දෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න දෙමාපියන් සහ කෙලෙසුන් නොනෙසූ ගුරුවරුන් සිටින තාක් මේවා ප්‍රායෝගික වේවිද? (නදී)
වසරක් පාසා පන්තිවල තීන්ත ගාන්න රුපියල් 1000 අය කරනවා. පන්තියක 40 දෙනෙක් ළමුන් ඉන්නකොට රුපියල් 40,000 එකතුවනවා. මේවට රිසිට් නැහැ වියදම කවදාවත් පෙන්නනේ නැහැ, ඇත්තටම එකම පුටුවේ, මේසේ කී පාරක් නම් තීන්ත ගාලා ඇද්ද ? (නදී)
පන්නිපිටිය තිබෙන ප්‍රධානම ජාතික පාසැලකත් මෙවැනි ආකාරයට අසාධාරණ ලෙසින් මුදල් එකතු කරනවා. පසුගිය සතියේ පන්ති කාමරයක තීන්ත ගෑම සඳහා රුපියල් 1000/- බැගින් එකතු කර තිබෙනවා. පන්තියක ලමයි 52ක් ඉන්නවා. එවිට පන්තියක තීන්ත ගෑමට රුපියල් පනස් දහසක් එකතු වෙනවා. මෙය ඉතාම අසාධාරණ මුදලක්. දෙමව්පියන් වන අපට මෙවන් අසාධාරණ පැමිණිලි කිරීමට අදාළ ආයතනයක දුරකථන අංකයක් ලබා දෙන්නේ නම් ඉතාම හොඳයි. (නදී)
දැන් මේවගේ පැමිණිලි තියෙන විදුහල්වල ඒවා නිසි පරිදි පරීක්ෂණ කටයුතු සිදු කරන්න (දිල්)
මේවා කියන්නත් වෙනම දුරකථන අංකයක් දෙන්න. එතකොට අපිට පුළුවන් හොරු අල්ලලා දෙන්න (නදී)
නියමයි ! (නදී)
වසර ගණනාවක් සිට දරුවන් සහ මව්පියන් දැඩි අපහසුතාවයකට පත්වූ මේ ගැටළුවලට පිළියම් යෙදීම පවතින රජයට ලොකු ප්‍රසාදයකි.(දිල්)
පාසැල්වල ළමුන්ට දෙමව්පියන් ලවා ලබාදෙන අාහාර වේල සම්බන්ධයෙන්ද සාධාරණ විසදුමක් ලබාදීම පිළිබඳ අවධානය යොමුකරන ලෙස ඉල්ලමි. (බ)
දකුණේත්, අම්බලන්ගොඩත් හොඳ අයියලා ටිකක් ඉන්නවා (නදී)
මේක හරියටම ක්‍රියාත්මක උනොත් හොඳය .විස්වාසයක් නැත (බ)
මෙම නීතියට යටින් රිංගන අය ඉදීවිද? (නදී)
හොඳයි වහාම පැමිණිලි කළ හැකි 119 වගේ අංකයක් ලබා දිය යුතුයි (බ)
හොද තීරණයක් (දිල්)
පාසල් පන්තිය තීන්ත අලේප සදහා 1000 * 45 = 45000.00 එකතු කල බවත් , ඇන්තුරියම් මල් පෝච්චියක් සදහා 550.00 මුදලක්ද , නුගේගොඩ ප්‍රධාන ගැහැණු පාසලක් විසින් එකතු කර ඇත. මේ සදහා අපි කුමක් කල යුතුද ? (නදී)
පහසුකම් ගාස්තු ගන්නවා. ගෙවන්න පරක්කු උනොත් දරුවාට ප්‍රසිද්ධියේ බනිනවා. මුදල ගෙව්වත් කවමදාවත් ලදුපතක් නිකුත් කරන්නේ නැහැ. මෙවැනි දේ ගැන මහා සභාවෙදිවත් කතා කරන්න බැහැ. පසුව දරුවාට හිරිහැර වෙනවා. (නදී)