ඉන්ෆ්ලුවන්සා එච්1එන්1 රෝග ලක්ෂණ ඇති කාන්තාවන් තිදෙනකු ඇතුළු 7 දෙනෙක් පානදුර රජයේ රෝහලේ වෙනම වාට්ටුවක ප්‍රතිකාර ලබතියි රෝහල් ආරංචි කියයි.
මෙයින් තිදෙනක් දැඩි සත්කාර ඒකකයේ සිටිති.
රෝගීන් දෙදෙනකුට එච්1එන්1 රෝග ලක්ෂණ ඇතැයි බොරැල්ලේ වෛද්‍ය පර්යේෂණායතනය තහවුරු කරයි. රෝගීන් ගාල්ල, කොළඹ හා පානදුර පදිංචිකරුවන් බවත් සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විශේෂඥයන් එහි ගොස් පරීක්ෂණ පැවැත්වීමට නියමිත බවත් දැනගන්නට ඇත.
පානදුර මූලික රෝහලේ වෛද්‍ය අධිකාරි දොස්තර පියල් සමරවීර මහතාගෙන් විමසූ විට ඔහු පැවසුයේ මෙම රෝගීන් වෙන් කර ප්‍රතිකාර කරන බවයි.
පානදුර රෝහලේ අධ්‍යක්ෂ පියල් සමරවීර මහතා මෙසේ කියයි.
‘මෙය කුරුලු උණ හෝ ඌරු උණ කියන රෝග කියා විශ්වාස කරන්නේ නෑ. එක් රෝගියකුගේ එච්1එන්1කියා පරීක්ෂණ වාර්තාව ලැබී තිබෙනවා. තවත් රෝගියකුට ඉන්ෆ්ලුවන්සා ඒ කියන ප්‍රභේදයේ කියා ඇවිත් තිබෙනවා.
මෙවැනි රෝග ලක්ෂණ තිබෙන රෝගීත් හත් දෙනාගෙන් තිදෙනකු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා. ඉතිරි සිව් දෙනා ආරක්ෂිත කාමරවල ප්‍රතිකාර ලබනවා.
උණ, සෙම්ප්‍රතිශ්‍යාව, හිස රදය වගේ රෝග ලක්ෂණ තමයි මේ රෝගීන්ට තිබෙන්නේ.
මොනයම් හෝ රෝගයක් තිබෙන රෝග මර්දනයේ ප්‍රතිශක්තිය අඩු වැඩිහිටියනට මේ රෝගය වැළැඳී ඇති බව නිරීක්ෂණයේදී පෙනී ගියා. දරුවකු ලැබෙන්නට සිටි මවක මේ රෝග ලක්ෂණවලින් ඇතුළු කළා. ඇය දරුවා ප්‍රසූත කළා. දැන් නේවාසිකව ප්‍රතිකාර ලබනවා. ඉතිරි සියලුම දෙනා වැඩිහිටියෝ.‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මේකට අපේ කට්ටිය කුරුළු උණ කියලද ප්‍රථිකාර කරන්නේ? (නි)
විරාජ්,අර මහා හොරදෙටුවන් ටික ඔක්කොම අත්අඩංගුවට අරගෙන උපරිම දඬුවම් දුන්නොත්,මේ වගේ ලෙඩ ලංකාවෙන්ම තුරන්වෙලා යයි. නැත්නම් මේවා දේව කෝපයක් වෙලා පිටපිටම මිනිසුන්ගෙන් පළිගනීවි (නි)
රටට විපත් වැඩි කාලයක් (ම)
මේකට කියන්නේ ඌරු උණ කියලා අපි නම්. එහෙමත් නැත්නම් හොග් ෆ්ලු.හරියට විවේකය ඕනෑ. ඒ වගේම පරිස්සම් වෙන්න ඕනෑ.නැත්නම් ජීවිතය අවදානමේ.සුළඟින් වේගයෙන් පැතිර යනවා. රෝගියා සහ ප්‍රතිකාර කරන උදවිය මුකවාඩම් බඳින්න ඕනෑ.අත්වැසුම් පාවිච්චි කරන්න ඕනෑ. (නි)
ඉක්මන් සුව පතනවා. ලංකාවේ මිනිසුන්ට තියෙන ලෙඩ මදිවට තවත් එනවා (නි)
ඒත් එච්1 එන්1 කියන්නේ කුරුළු උණ කියන එක මුළු ලෝකයම දන්නා දෙයක්නේ (නි)