IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


හත් වරකින් පසු ශෂිකාට ජනතා කැමත්ත

2016-03-31-ent-48

පසුගියදා පැවැති "ස්ලීම් නීල්සන් පීපල්ස් එවෝර්ඩ්ස්" සම්මාන උලෙළේ වසරේ ජනප්‍රියම ගායිකාව ලෙස ජනතා සම්මානයෙන් පිදුම් ලැබීමට ජනප්‍රිය යොවුන් ගායිකා ශෂිකා නිසංසලාට හැකි විය. මෑත කාලයේ අතිශය ජනප්‍රිය වූ ආදර ගීත කිහිපයකම හිමිකාරිය වන ඇය "ස්ලීම් නීල්සන් පීපල්ස් එවෝර්ඩ්ස්" සම්මාන උලෙළේදී පළමු වතාවට ජනතා සම්මානය හිමිකර ගැනීම විශේෂත්වයකි. ඒ පිළිබඳව ශෂිකා "සාරවිට" සමගින් දොඩමළු වූවාය.

"ඇත්තටම, ගොඩක් සතුටුයි. මොකද ජනතාව විසින් පිරිනමන මේ සම්මානය මට පළමු වතාවට හිමිවීම. නමුත්, මා මීට පෙර හත්වරක් මේ සම්මානය සඳහා නිර්දේශ වුණා. මෙවර මා සමගින් නිර්දේශයන් අතරට ආවේ විශාරද නන්දා මාලිනි මහත්මිය හා නිරෝෂා විරාජිනි අක්කා. පසුගිය වසර කිහිපයේදීම මේ සම්මානය දිනාගත්තේ නන්දා මාලිනි මහත්මිය. මෙවරත් එතුමියත් නිර්දේශ අතරට ඇවිත් හිටිය නිසා මට තරමක් කුතුහලයක් තිබුණා මෙවර සම්මානය මට ලැබෙයිදෝ නොලැබෙයිදෝ කියලා. නමුත්, මම ගොඩක් සතුටු වුණා නිර්දේශයන් අතරට හෝ මගේ නම යෝජනා වෙලා තිබුණ හින්දා. මොකද, නිර්දේශයන් අතරට යෝජනා වෙන්නේ නම් තුනක් හෝ හතරක්නේ. ඉතින් ලංකාවේ ජනතාවගේ ආදරය දිනූ මුල් තිදෙනා හෝ සිවුදෙනා අතරට එන්නට ලැබීමත් ලොකු භාග්‍යයක්. පසුගිය කාලෙ මගේ ගීත බොහොමයක් රසික, රසිකාවියන් අතර ගොඩක් ජනප්‍රිය වුණා.

මම හිතන්නෙ මෙවර ජනතා සම්මානය මට හිමිවෙන්න ඒක හේතුවක් වෙන්න ඇති කියලා. අන්තිමට මම ගීතයක් එළිදැක්වූයේ ගිය පෙබරවාරි 14 වැනිදා. ඒ "ඇස් දෙක පුරා" කියන ගීතය. මේ දිනවල මේ ගීතය ලංකාවේ ගීත දර්ශක අතර ඉහළින්ම තියෙනවා. "ඇස් දෙක පුරා" ගීතය මේ දිනවල ජනප්‍රිය වෙලා තියෙන නිසා අලුත් ගීතයකට යන්න තවමත් අදහසක් නැහැ. බොහෝ විට මේ අවුරුද්දේ අන්තිමට වගේ මගේ අලුත් ගීතයක් එළිදකිවි.*

 

2016-03-31-ent-47



අදහස් (0)

හත් වරකින් පසු ශෂිකාට ජනතා කැමත්ත

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 686 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 328 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site