ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය අනුව 10 දෙනාම පත් නොකර හත් දෙනකුගෙන් පමණක් ව්‍යවස්ථා සභාව ඇරැඹිය නොහැකි බව නීතීඥ ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා කියයි.
ව්‍යවස්ථා සභාවේ වැඩ කටයුතු සාමාජිකයන් හත් දෙනකුගෙන් කරගෙන යාමට හැකි වන්නේ දස දෙනාම පත් කළ පසු බවත්, එහි සිවිල් සාමාජිකයන් තිදෙනා පත් නොකර ස්වාධීන කොමිෂන් සභා පත් කළ නොහැකි බවත් ඔහු පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැතිවරණයක් කට ලග තියෙද්දී ඉන්න අයට ආයේ එන්න පුලුවන්ද බැරිද කියල විශ්වාසයක් නැතුව තියෙද්දී මොන එකකට මේ තදියමේ දඟලනවද? මැතිවරණය තියල නව රජයක් පත් කරලා ඒ අවුරුදු හතර හමාරකට ස්ථිර රජයෙන් ඔය පත්වීම් ටික කරන්න..එතකොට වැඩේ ඉවරනේ..කාගේ ඕනෑකමටද මේ පාර්ලිමේන්තුව විසුරුවන්නේ නැත්තේ..තව තව අච්චාරු කරලා රටම අරාජික කරන්නේ නැතුව කවුරුන් හෝ බහුතර බලයකින් එන පක්ෂයට රජයක් පිහිටුවල ඉදිරියට යන්න ඉඩ දෙන්න. (ස)
නිකම්ම කියලද මෙතුමා මේක? නැත්නම් කවුරුහරි අහපු දෙයකට උත්තර දීලද? කොහොම වුණත් මේ ගැන ස්වාධීන පුද්ගලයෙක්ගෙන් ඇහුවා නම් තමා සුදුසු. (නි)
පාර්ලිමේන්තුව විසුරුවීම කාලෝචිතය. දුෂණ චෝදනා ඇති මන්ත්‍රීවරු විපක්ෂයෙන් ආණ්ඩු පක්ෂයට පැනීම නැවත ආරම්භ කර ඇත.මෙහෙම ගියොත් ගිය ආණ්ඩුවේ සිටි හොරු සියලු දෙනාම මේකටත් පැනලා මේකත් කයි.කරුණාකර ඡන්දයකට යන්න. එතකොට ඡන්දදායකයන් අවශ්‍ය අය පාර්ලිමේන්තුවට පත්කර එවාවි
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථ දැක්වීමේ පරම අයිතිය ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයට නොවේද? (නි)
මෙම නීතීඥයා ස්වාධීන පුද්ගලයෙක් නොවන බව රටම දන්නා කරුණකි . (ස)
දැන්නම් ආඬි හත්දෙනාගේ කැඳ හැළිය වගෙයි! (නි)
වර්තමානයේ අපේ රටේ ඉන්නේ පණ්ඩිතයන්ට වඩා බක පණ්ඩිතයන්ය. (ස)
මෙයා කඩේ ගිය කෙනෙක්නේ.(හේ)
බෙර්ලින් සිල්වා මහත්තයෝ එතකොට...මෙයාලා කාගෙන,නාගෙන,ගියාට කමක් නැද්ද.(හේ)
මෙතුමා නේද අර සමඅයිතිය වෙන රටවල වගේ දෙන්න ඕනෑ කියන්නේ? (නි)