ඉන්දියාවේ සිට මෙරටට ගෙන ආ රුපියල් කෝටි හතක් වටිනා බ්‍රවුන් සුගර් වර්ගයේ හෙරොයින් තොගයක් සමග සැකකරුවෙක් මාරවිල තොඩුුවාව ප්‍රදේශයේදී ගුවන්තොටුපොළ පොලිස් මත් ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන් විසින් අද අළුයම අත් අඩංගුවට ගනු ලැබීය.
සැකකරු තොඩුුවාව ප්‍රදේශයේ පදිංචි 66 හැවිරිදි ුපද්ගලයෙකි.
අත් අඩංගුවට ගනු ලැබු හෙරොයින් තොගයේ බර කිලෝග්‍රෑම් 8 යි ග්‍රෑම් 700 ක් බව ගුවන්තොටුපල පොලිස් මත් ද්‍රව්‍ය ඒකකය කියයි.
ඉන්දියාවේ සිට බෝට්ටුවකින් මත් ද්‍රව්‍ය තොගයක් ශ්‍රී ලංකාවට ප්‍රවාහනය කරන බවට ගුවන්තොටුපොළ මත් ද්‍රව්‍ය ඒකකයට ලැබුනු ඔත්තුවක් මත මෙම වැටලීම සිදුකොට ඇත.
පසුව ගුවන්තොටුපොළ පොලිස් මත් ද්‍රව්‍ය ඒකකයේ ස්ථානාධිපති වරයාගේ උපදෙස් මත කළ වැටලීමකදී මාරවිල දකුනු තොඩුවාව ප්‍රදේශයේ ලඳු කැලෑවක තිබී අවස්ථා දෙකකදී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇත.
අදාල හෙරොයින් තොගය ඉන්දියාවේ සිට බෝට්ටුවක් මගින් ශ්‍රී ලංකා මුහුදු තීරයට ගෙනවිත් මුහුදේ සිට තෙප්පමක් මගින් ගොඩබිමට ගෙනවිත් ඇති බව කරන ලද විමර්ශණවලදී අනාවරණය වී ඇත.
අත් අඩංගුවට ගත් සැකකරු මුහුදේ සිට තෙප්පම මගින් මෙම මත්ද්‍රව්‍ය තොගය වෙරළට ගෙන ආ පුද්ගලයා බව පොලීසිය විසින් හඳුනාගෙන ඇත.
මෙහි මහ මොළකරුවන් සොයාගැනීම සඳහා පොලීස් මත් ද්‍රව්‍ය කාර්්‍යංශ නිලධාරීන් විසින් විමර්ශන අරඹා ඇත.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහ මොරු අහුවෙලත් දැන් තාම ලංකාවට කුඩු එනවනේ.(හේ)