(ඉන්දිකා රාමනායක)
කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්ත ශාලාවේ ටොන් 600 ක වටිනා යන්ත්‍ර සුත්‍ර අබලි යකඩ වශයෙන් කපා ඉවත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණයක් වෙනුවෙන් හිටපු හමුදාපති ජනරාල් දයා රත්නායක, මේජර් ජනරාල් මහින්ද හතුරුසිංහ ( විශ්‍රාමික) , මේජර් ජනරාල් උදය ඇනස්ලි පෙරේරා (විශ්‍රාමික) , ආරක්ෂක අමාත්‍යාංශය හිටපු අතිරේක ආරක්ෂක ලේකම්වරයකු වන සිරිපාල හෙට්ටිආරච්චි යන මහත්වරුන්ට ලබන 13 වැනි දා බරපතල වංචා දුෂණ පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටින ලෙසට නොතිසි නිකුක් කළ බව කොමිසම කියයි.
යුද්ධය නිමවීමෙන් පසු 2012- 2013 වසර තුළ මෙම කර්මාන්ත ශාලාව අවට ඇති අබිලි යකඩ ඉවත් කිරීමට යැයි පවසමින් සිමෙන්ති සංස්ථාවට හා සිමෙන්ති සමාගමට නොදන්වා යුද හමුදාව විසින් ටෙන්ඩර් කැඳවා අබලි යකඩ වෙනුවට මෙම වටිනා ටොන් 600 ක යකඩ හා යන්ත්‍ර සුත්‍ර කපා ඉවත් කර ඇති බවත් මෙම කි‍්‍රයාවෙන් සමාගමට රුපියල් කෝටි ගණනින් අලාභය සිදුව ඇති බවටත් දුෂණ විරෝධී පෙරමුණ කළ පැමිණිල්ලක් අනුව බරපතල වංචා දුෂණ පිළිබද ජනාධිපති විමර්ශන කොමිසම මෙම පරීක්ෂණ ආරම්භ කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන්ද සමාගමට මතක් වුණේ.. සමාගමටත් නඩු දාන්න ඕනේ... අලුත් හමුදාපතිවරයෙක් ආවහම තමයි පරණ අයගේ වැරැදි පේන්නේ.. අනේ මෙහෙමත් රටක්.....
මෙයට තවත් කෙනෙක් සම්බන්ධයි. ඇයි එයා ගැන සඳහනක් නැත්තේ? එයා නොදැන මේවා වෙයි කියලා හිතන්න අමාරුයි.
මෙන්න අපේ රණවිරුවෝ පැහැරගෙන යනවා...