විශ්‍රාමික හමුදා ලොක්කකු තම බෙල්ලෙන් අල්ලා තර්ජනය කළ බව කියමින් කොළඹ ප්‍රධාන පෙළේ පාලසක සාමාන්‍යපෙළ සිසුවකු අද කුරුදුවත්ත පොලිසියට පැමිණිල්ලක් කර ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග කියයි.
පසුගිය බදාදා මෙම සිදුවීමට තමා මුහුණ දුන් බවත්, සාමාන්‍ය පෙළ විභාගය පැවැති නිසා පොලිසියට ඒමට නොහැකි වූ බවත්, අද සාමාන්‍ය පෙළ අවසන් වූ වහාම පොලිසියට පැමිණි බවත් සිසුවා සදහන් කර ඇතැයි පොලිස් ආරංචි සඳහන් කරයි.
සාමාන්‍ය පෙළ විභාගය අතරතුර විවේක කාලයේදී වාහනයකින් පැමිණි එම ලොක්කා තම බෙල්ලෙන් අල්ලා ‘ඇට කුඩුකරනවා‘ යැයි කී බව ද, පාසලේ ගුරුවරියක පැමිණ තමා තවත් ටික වේලාවකින් විභාග ප්‍රශ්න පත්‍රයකට මුහුණ දීමට සිටින බව කියමින් තමා බේරා ගත් බව ද, ඉන් පසු දැඩි බිය නිසා මානසික පීඩාව නිසා ප්‍රශ්න පත්‍රයට හරි හැටි පිළිතුරු ලිවීමට නොහැකි වූ බව ද සිසුවා පවසා ඇතැයි පොලිස් ආරංචි පවසයි.
තමාට එරෙහිව එම හිටපු හමුදා ප්‍රධානියාගේ ඥාති දරුවකු පැමිණිල්ලක් කර ඇති බව පසුව දැන ගත් බව ද, ඔහුගේ ඥාති පුත්‍රයා යම් සිදුවීමකට මුහුණ දී ඇතැයි දැනගත්තට තමා ඊට කිසිදු සම්බන්ධයක් නැතැයි ද සිසුවා සඳහන් කර තිබේ.
හිටපු හමුදා ප්‍රධානියාගේ ඥාති දරුවකු ද මේ සිසුවාද ඇතුළුව සිසුන් සිව් දෙනකුට එරෙහිව පොලිසියට පැමිණිලි කර ඇතැයි ද, මේ සිසුන් තමාට පහර දුන් බව එම පැමිණිල්ලේ සදහන් වී ඇතැයි ද, පහර කෑම නිසා ප්‍රතිකාර ලබා ගැනීමට ගිය බව ද සිසුවා සදහන් කර ඇතැයි පොලිසිය කියයි.
මේ අතර හමුදා ප්‍රධානියාගේ ඥාති දරුවකු තමන්ට විරුද්ධව අසත්‍ය පැමිණිල්ලක් කර ඇතැයි තවත් සිසුන් තිදෙනකු අද පොලිසියට ප්‍රකාශ දී ඇතැයි පොලිසිය කියයි. පාසල අවට සීසීටීවි ඇත්නම් ඒවා පරීක්ෂා කළොත් සත්‍ය වටහා ගත හැකි බව ද සිසුන් සදහන් කර තිබේ. තමන්ට අද පොලිසියට එන ලෙස දැනුම් දී තිබුණු නිසා පෙර දින සිට දැඩි බියකින් සිටි බවත්, අද විභාගයට මුහුණ දුන්නේ ද බියෙන් බවත් සිසුන් කියා තිබේ.
මෙම සිදුවීම බොහෝ දෙනකු ඇසින් දුටු බවත්, සිදුවීම සනාථ කිරීමට තවත් සාක්කි ඉදිරිපත් කළ හැකි බවත් හමුදා ප්‍රධානියාගෙන් පහර කෑ සිසුවා සහ අනෙක් සිසුන් තිදෙනා පවසා ඇතැයි පොලිසිය කියයි.
උසස් පොලිස් නිලධාරියකු කීවේ මේ ගැන අපක්ෂපාතී විමර්ශනයක් පවත්වන බවයි.
මෙම හිටපු හමුදා ලොක්කා කවුදැයි පොලිසිය සදහන් කළේ නැත. හමුදා ලොක්කා කවුදැයි පොලිස් ආරංචි ප්‍රකාශ නොකළ නිසා ඔහුගෙන් විමසීමට නොහැකි විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මෙහෙමත් දේවල්! තමන්ගේ තනතුර ගැනවත් හිතලාද? (නි)
වෙන කවුද ඉතින්? අපි නම් දන්නවා (නි)
පසුගිය කාලේ වීරයෙක් වුණ කෙනෙක් නේද? (නි)
ආ මේ අහවලානේ! (නි)
මේ කියන්නේ අර අහවල් වීරයා ගැනනේ. වීරයෙක් වගේ ඇවිල්ලා සා පෙළ විභාගයට ඉන්න ළමයෙකුගේ බෙල්ලෙන් අල්ලලා තර්ජනය කරලා. අනේ මගේ ළමයෙකුට එහෙම ඔය දේ කළා නම් දන්නවා කරන දේ (නි)
අපරාදේ! චණ්ඩි වැඩ නිසා නිකන් සවුත්තු වුණා. වීරයෝ ඉන්න ඕනෑ වීරයෝ විදියට. පොඩි දරුවන්ට පාට් දාන්න නරකයි (නි)
හමුදා ලොක්කා කවුරුන්දැයි කියා රටම දන්නවා (නි)
අපි බලමුකෝ දැන් නාවික හමුදාපති විරුද්ධව කතාකළ අය මේ සිද්ධියේදී මොකද කරන්නේ කියලා (නි)
මේවා වැඩිදුර යන්න දෙන්නෙ නැතුව වරදක් කරලා නම් දඬුවම් දිය යුතුයි. නැත්නම් වැඩිකල් නොගිහින් රණවිරු ලේබලයෙන් අපේ ගෙදරටම ඇවිල්ලා ගහලා යයි (නි)
මේ දවස් වල රණවිරුවන්ට හරි අපලයි වගේ (නි)
නම් ගම් ඔක්කොම ප්‍රසිද්ධ වෙලා ඉවරයි. ළමයි අතර ප්‍රශ්නයක් නම් පොලිසියට ගිහින් ඒක විසඳගන්න ඕනෑ. මෙහෙම චණ්ඩි පාට් දාන අය මොන රණවිරුවොද? දැන් මේගොල්ලො රණවිරු ලේබලය ආයුධයක් කරගෙන. (නි)
දැන් නියමයි. වාත අමරුවකටත් පොලිසි ගිහින් කට්ටිය පැමිණිලි කරනවා. කරලා ප්‍රසිද්ධියකුත් ගන්නවා. හරියට පොලිසියටත් වෙන වැඩ නැතුව වගේ. (නි)
මේකට තමා 'යහපාලනය' කියන්නේ. (නි)
එයාලට තනතුරේ උණ හැදිලයි තියෙන්නේ (නි)
කවුද කියලා අපි නම් දන්නවා (නි)
හමුදා නිලධාරියෙක් විදියට පොඩි ළමයෙකුට ගහන්න එයිද කවුරු වුණත්? (නි)
හමුදා නිලධාරියාට කර ඇත්තේ සැලසුම් සහගත බොරු චෝදනාවක් දැයි සොයා නොබලා ඔහුව උස්සලා පොලොවෙ ගහන්න තරම් වීර කතා කියන අය උතුරේ යුද්ධයට යවන්න තිබ්බා කොටි දැක්කාම මළ පහ වෙන හැටි බලන්න (බ)
එහෙනම් හමුදා ලොක්ක කියලා තිබුනේ මේ සිදුවීම වෙනකොට ඔහු ලංකාවේ හිටියෙත් නැහැ කියලා....? අර රහත් වෙලා වගේ මේ ලොක්කටත් ඇති මොකක්හරි බලයක් ඕනෑ ඕනෑ තැනකට මාරුවෙන්න (නි)
අයියෝ! දැන් මුළු රටම දන්නවා. අනේ මෙහෙමත් රණවිරුවෝ. ලැජ්ජයි. (නි)
එකක් ඉවරවෙනකොට තව එකක් (නි)
මේ කියන හමුදා ලොක්කාගේ නම මේ පුවතේ නැතිවුණාට අපි ඉතින් දන්නවනේ. ඒ විතරක්ද, එතුමා ඔය කියන දවසේ රටේවත් හිටියේ නැහැ කියලත් තියෙන්නේ. තාක්ෂණය දියුණු අද කාලේ බොරු කියලා බේරෙන්න අමාරු බව තේරෙනකොට පරක්කු වැඩියි (නි)
පැමිණිල්ල දාන්න කලින් මේ පොලිසිය "හරි පොලිසියද , වැරදි පොලිසියද" කියලා හොයා බැලුවාද දන්නේ නැහැ (නි)
මෙතුමා හමුදා ලොක්කෙක්? මට පෙනෙන විදියට මහින්දගේ ආරක්ෂාවට හිටි එක්කෙනෙක් වෙන්න ඕනෑ. (නි)
ඔය කියන ලොක්කා මගේ දරුවෙකුට එහෙම අතක් උස්සලා තිබුනානම් අම්මපා උස්සලා පොළොවේ ගහනවා. මොවුන්ට අතේ පයේ හිරි අැරගන්න නොවෙයි අපි දරුවෝ හදන්නේ. (නි)
කොල්ලන්ට චණ්ඩි පාර්ට් දාන්නේ වැදගත්කමක් නැති නිසානේ. නිසි දඬුවම් ලැබියයුතු වරදක් (නි)
තාමත් පරණ උණ රෝග තිබුන අය ළඟ කබාය ගැලෙව්වත් එක අඩුවෙලා නැහැ. දැන් අරගොල්ල කියන්නේ රණ විරු දඩයම කියල. කව්රු මොනවා කිව්වත් උපරිම දඬුවම් දෙන්න ඕනෑ. (ත)
අසරණ පාසල් දරුවෙකුට කළ බියගුළු නිවට ප්‍රහාරය දැඩි ලෙස හෙලා දකිමි. (ත)
මේ පුවත සත්‍ය නම් තරාතිරම නොබලා දැඩි දඩුවමක් දිය යුතුයි.යුද්ධය නිමා කිරීම කෙසේ වෙතත් යුද්ධය තිස් වසරක් තිස්සේ ඇදී ගියේ මෙවැන්නන් උතුරේදීත් කළ ඇති මෙවැනි වරදවල් නිසා බව පැහැදිලියි. (ත)
වෙබ්වල නම තියෙනවා. ඒ නිසා බය නැතිව දමන්න. අරහේ වීරයා කියලවත් දමන්න. (ත)
සෙනවි, ඔයාට දුක නම් ඒ හමුදා නිලධාරියා ගැන ඔයා බලාගන්න (නි)