
(මනෝප්‍රිය ගුණසේකර)
නොවැම්බර් මස 10 වැනිදා තෙක් තමන් විදේශගත නොවන බවට හිටපු සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි මහතා ඇතුළු සුරාබදූ නිලධාරීන් සිව්දෙනකු සිය නීතීඥවරයා මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අද පොරොන්දු වුහ.
සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි මහතා ඇතුළු සුරාබදූ නිලධාරීන් විදේශ ගතවීමේ සූදානමක් ඇති බවට තොරතුරු ලැබී ඇතැයි කියමින් ඔවුන්ට එරෙහිව විදෙස් ගමන් තහනමක් පනවන්නැයි ඉල්ලා ගොනු කර තිබූ මෝෂම කැඳවූ අවස්ථාවේදී ඔවුන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා මේ බව දැනුම් දුන්නේය.
වැඩබලන අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් දිලීප් නවාස්, සහ ජනක් ද සිල්වා යන මහත්මමහත්මීන් ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම මෝසම සලකා බැලීණි.
පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මනුජය ද සිල්වා මහතා කරුණු දක්වමින් කැබිනට් මණ්ඩල තීරණයකට අනුව වගඋත්තරකාර සුරාබදුන් කොමසාරිස් ජනරාල්වරයා අදාළ තනතුරෙන් මේ වන විට ඉවත් කර ඇතැයි කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බෝට්ටුවෙන් හරි හොරෙන් පනිනවා නම් කියලා යන්න ෂර්, ඈං..!
ඒක හොඳයි... ප්‍රශ්න සියල්ල විසඳාගෙන ඉවර වුණාට පස්සේ වෙලාව තිබුණොත් රට යන්න.
බෝට්ටුවෙන්ද .විදේශ ගමන් තහනම් කරලා තියන කොට හීනෙන් තමයි යන්න වෙන්නේ .බදු අය නොකර සෙල්ලම් කරලා ගුනේ බබා කොහේ යන්නද
අරක්කු බෝතලේකින් රුපියල් 2500ක් පමණ බද්දක් රජයට ලැබෙන්න ඕනේ... නමුත් අර්ජුන ඇලෝසියස්ගේ සහ ජොන්ස්ටන්ගේ අරක්කු සමාගම් විසින් මෙම මුදල් වසර ගණනක සිට රජයට ලබාදී නැහැ. නමුත් මොහු විසින් කිසිම පැකිලීමක් නොමැතිව වසරින් වසර ඔවුන්ගේ බලපත්‍ර අලුත් කරලා තිබෙන බව පෙනී යනවා. පාඩුව රුපියල් බිලියන 52 ක් , රජයේ වියදම් පියවාගන්න රජය පසුගිය වසරවල භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරමින් ජනතාවගෙන් ණය ගත්තා. මේවාට පොලී ගෙවන්න සිදු වෙනවා. මෙම මුදල් නිසි ලෙස අයකර ගත්තා නම්, රටේ ජීවන බර විශාල ලෙස අඩුකරන්න තිබුණා. ගුවන් ගමන් තහනම් පමණක් මදි, රජයට පුළුවන් නීතිපති දෙපාර්තමේන්තුව හරහා අධිකරණයට කරුණු වාර්තා කර මොවුන් කෙලින්ම අත්අඩංගුවට ගන්න. පසුගිය කාලවල කෝප් කමිටුවේදී මේ සියල්ල හොඳින් එළිවුණා. රජය මේ ගැන මෙතරම් මන්දගාමී ලෙස කටයුතු කරන්නේ අලුත් රජය සහ මොවුන් අතර යම්කිසි ඩීල් එකක් තිබෙන නිසාද? උදාහරණයක් ලෙස ගන්නවා නම් අපි 2015 දැනගෙන හිටියේ නැහැ රනිල් සහ රාජපක්ෂ පවුල අතර ඩීල් එක ගැන...