ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු වූ සී.ජී.වීරමන්ත්‍රී මහතා බ්‍රහස්පතින්දා (5) සවස අභාවප්‍රාප්ත වූ බව පවුලේ ආරංචි කියයි.
මිය යන විට 90 වැනි වියේ පසුවූ වීරමන්ත්‍රී මහතා 1967 සිට 1972 දක්වා කාලයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරයකු ලෙස කටයුතු කළේය.
වීරමන්ත්‍රී මහතා ජාත්‍යන්තර අධිකරණයේ උප සභාපතිවරයකු ලෙස ද කටයුතු කර ඇත.
වසර 1926 නොවැම්බර් 17 වැනිදා උපත ලැබූ වීරමන්ත්‍රී මහතා කොළඹ රාජකීය විද්‍යාලයේ ආදිශිෂ්‍යයෙකි. ලංකා විශ්ව විද්‍යාලයෙන් සිය ප්‍රථම උපාධිය ලබාගත් වීරමන්ත්‍රී මහතා ලන්ඩනයේ කින්ග්ස් සරසවියෙන් නීතිවේදය පිළිබඳ ආචාර්ය උපාධිය හිමිකර ගත්තේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සසරගමන ඉතාමත් කෙටිවී අජර අමර නිවන් සුවයට පත් වේවා!! (ර)
විශිෂ්ට නඩු තීරණ තුලින් ලංකාවේ කීර්තිනාමය ජාත්‍යන්තරයේ බැබලවූ ඔබතුමාට නිවන් සුව (බ)
සිංහල ජාතියට විශාල සේවයක් කළ අයෙක්. (හේ)
ඔබතුමා ලියපු වැදගත් පොත් කියවීමට ලැබුන. ඒ වගේම ජාත්‍යන්තරව අපේ රටට කීර්තියක් ලැබුන ඔබතුමා නිසා . ඔබතුමාට නිවන්සුව පතනවා. (බ)