හිටපු විදේශ ලේකම්වරියක වූ ෂෙනුකා සෙනෙවිරත්න ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ නියෝජිතවරිය ලෙස කටයුතු කළ සමයේ නිල නිවස අලුත්වැඩියා කිරිමේදී අයථා ගනුදෙනුවක් සිදුවූ බව කියන සිද්ධිය රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ පරීක්ෂණ අවසන් කල බව විදේශ අමත්‍යාංශ ප්‍රකාශිකා මහීෂිනි කොළොන්නේ පැවසුවාය .
යහපාලන රජය යටතේද ඇය ගේ නම තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපති ලෙස යෝජනා වී උසස් නිලතල සදහාවූ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතියට යවා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට මීටකලින් ඉදිරිපත්වුණ අපරාධ පරීක්ෂණ පිළිබඳ වාර්තා? ඒවාට වුණේ මොනවද? (නි)
අපි බලාපොරොත්තු වුණ වෙනස මෙයද? (නි)
කාගේ කාගේත් කිල්ලෝට වල හුණු! ඉතින් මොකද වෙන්නේ? තරහකාරයාගේ කිල්ලෝටෙනුත් හුණු ටිකක් ඉල්ලා ගත්තහම? බලවත්තු ලේසියෙන් වට්ටන්න බැහැ. සමහරුන්ගේ බඹර ඕනෑම වැල්ලක කැරකෙනවා. (නි)
දැන්වත් ඔය වෙනසක් බලාපොරොත්තු වුණ මිනිසුන් තේරුම්ගත යුතුයි, අපි සමාජයක් හැටියට එක දශමයක්වත් ඉදිරියට ගොස් නැති බව.මේ රජයත් නීතිය ක්‍රියාත්මක කරන්නේ තමන්ගේ විරුද්ධවාදීන්ට පමණයි කියායි සිතෙන්නේ. තමාගේ බලයට අභියෝග නොකරන අයගේ වැරදි කොතරම් ලොකු වුණත් නොසළකා හැරීමට ක්‍රියාකරමින් ඉන්නවා.අවසානයේ රැවටුනේ කවුද? (නි)
දිලිප්, අවසානයේ රැවටුනේ කවුද? හ්ම්ම්ම්.... ඔය ලියන ඔබත් ඇතුළු 58 ලක්ෂයක්. (නි)
සත්‍යයට සත්‍යය බොහොම කටුකයි. මොනවා කරන්නද?අපිට පිළිගන්න වෙනවා.මෙතන ප්‍රශ්නය තමුන් ලක්ෂ 58 ද 62ද කියන එක නෙමෙයි. වැරැද්ද කවුරු කළත්, එය ඒ විදියට දකින්න බැරි ඔබලා වැනි අය ඉන්න සමාජයක් දශමයක්වත් ඉදිරියට නොයන එක.ගිය ආණ්ඩුව තම හිතවතුන්ගේ වැරදි සම්බන්ධයෙන් ඇහැ කන පියාගෙන සිටීමත් , මේ ආණ්ඩුව තම හිතවතුන් වෙත එන චෝදනා අධිවේගයෙන් විභාගකර ඔවුන් නිදොස් කිරීමත් අතර වෙනස මොකක්ද? ඒ වගේම මහින්දට ඇමතිකම දෙන එක අතිවිශාල වැරැද්දක් විදියකටත් , මේ ආණ්ඩුවේ ඇමතිකම් පැටව් ගැහිල්ල කළයුතු දෙයක් හැටියටත් සළකන්න ඔලුවක් ඇති මිනිසුන්ට පිළිගන්න පුලුවන්ද? පාට කණ්ණාඩි දාගත් ඔබ වගේ අය සමග සංවාද කිරීමත් කාලය කා දැමීමක් (නි)
මගේ ඔලුව කැරකෙනවා වගේ මේවා අහලා. (නි)
සේනට තවම ඕවා තේරෙන්නේ නැහැ. ටිකක් කල් යද්දී තේරෙයි (නි)