ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ හිටපු ලේකම්වරයකු වන චාල්ස් ෆර්ඩීනාන්දු 2012 දී රුපියල් කෝටියකට නාවල කොළඹගේ මාවතෙන් ඔහුගේ බිරියගේ නමට ගත්තැයි කියන පර්චස් 10 ක ඉඩමක් විකිණිම, පැවරිම හා අන්සතු කිරිම තහනම් කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලන්සුරිය මහතා අද (16) නියෝගයක් කළේය.
දුෂණ විරෝධි පෙරමුණේ පැමිණිල්ලක් අනුව පරික්ෂණ ආරම්භ කළේය. ඔහු දැනට ඕස්ට්‍රේලියාවේ සිටින බවත් පැමිණිල්ල අධිකරණයට දැන්වීය.
පොලිස් විශේෂ විමර්ෂණ ඒකකයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මෙවන් ද සිල්වා මහතා පරික්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලනකොට හොඳයි කියලා කියන්න කෙනෙක් නැහැනේ (නි)
ඔය මොන මොන ලේකම්ගේත් කිල්ලෝට වල හුණු ටික ටික තිබෙනවා. හැමෝගෙම මලු ලිහලා කොනක ඉඳන් පරික්ෂා කළා නම් ලැබෙන මුදලින් ලංකාවේ ඇති විදේශ ණය ඔක්කොම ගෙවලා දමන්න පුළුවන් (නි)
මේ ආණ්ඩුව එක එක්කෙනාගේ වැඩ තහනම් කර කර ඉන්නවා පමණයි. වැඩ තහනම් කළ කෙනෙකුට කළ දෙයකුත් නැහැ, රටට කරපු දෙයකුත් නැත. (නි)