බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයයෙන් විශ්‍රාම වැටුප ලබා ගන්නා අතර තුර වෙන් අංකයක් යටතේ වංචනිකව පොල්ගහවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයයෙන් ද විශ්‍රාම වැටුප් ලබා ගත්තැයි සැකපිට දකුණු පළාත් සභාවේ හිටපු ප්‍රධාන ලේකම් අමරදාස පෙරේරා සැප්තැම්බර 03 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නියෝග කළේය.
සැකකරු දකුණු පළාත් සභාව ආරම්භයේ සිට 1992 නොවැම්බර 26 වැනි දා තෙක් එහි ප්‍රධාන ලේකම් ලෙස කටයුතු කළ බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ පව් ,මෙයා හිටපු ලේකම් කෙනෙක්නේ. වැඩ වැඩි හින්දා ඕක අමතක වෙන්න ඇති. මේ ලෝකයේ වැරදි කරන්නේ නැත්තේ කව්ද? (නි)
සිල්වා, මෙයා දකුණු පළාතේ ප්‍රධාන ලේකම් වුණාට දකුණේ කෙනෙක් නෙමෙයිනේ. දන්නවනේ සමහර අයට දකුණ කියන වචනය දැක්කත් ඇවිස්සෙනවා. (නි)
අනේ මන්දා දැන් කාලේ ජිවත් වෙන්න අඩුම තරමේ 50,000ක් වත් තිබ්බත් මදි හතර පස්දෙනෙක් ජිවත් වෙන පවුලකට.පාසල් යන දරුමල්ලෝ ඉන්න පවුලක් කොහොම ජිවත් වෙනවද මන්ද ලැබෙන තුට්ටු දෙකෙන්.(අ)
ඉසුරන්දි, පිස්සුද ඔයාට? ඒ ගානට පුළුවන්ද හතර දෙනෙකුට ජීවත්වෙන්න? (නි)
ඇයි ලංකාවේ හොඳම ටියුෂන් ගුරුවරයෙක් වරක් කිව්වේ රු 2500 ක් ඇති, ජීවත්වෙන්න කියලා. (නි)
ගිය ගිය තැන හොරු. හොඳ දෙයක් අහන්න ලැබෙන්නෙම නැහැ. (දිල්)
හොඳ වැඩකාරයෙක්. සේවා කාලය තුල තව කොපමණ දේවල් රටට දැයට වැටුප් සහ අමතර දීමනා ලබාගනිමින් කරඇද්ද? (නි)
අනුහයේ ඉඳලයි එයා දැනගෙන ඉඳලා තියන්නේ ඉස්සරහට පඩි දෙකක් නැතුව ජීවත්වෙන්න බැරුව යයි කියලා. (නි)
අත් දෙකක් තියෙනවානේ,ඉතින් ඕක මොකක්ද ? (නදී)
සමහර ලොකු අය ගහන ගැහිලි වලට ඕක මොකක්ද එක අතකට? (නි)
ලොකු ලොක්කන් තමා නිතරම රජයේ මුදල් වංචා කරන්නේ. මේ ප්‍රාදේශීය සභා බොරුවට මුදල් නාස්ති කරන සුදු අලින් වැනිය. ඕවා විසුරුවා පරණ ක්‍රමයට ගියොත් විශාල මුදලක් රටට ඉතුරුවෙනවා (නි)
බොහෝවිට දේශපාලන නරාවළට වැටුණු ඇත්තන් සේම ඊට සම්බන්ධ ඇත්තෝද හොරමැරකම් බහුල අය වෙති (නි)
කිසිම වැඩක් නොකර කොමිස් ගහන, ජරාව කන දේශපාලුවන් විශ්‍රාම වැටුප් ගන්න කොට ලේකම් තුමා වැඩක් කරලා වැටුප් දෙකක් ගත්තහම මොකද ? (නදී)
අන්න නියම මිනිස්සු! රටට දැයට මොනතරම් ආදරේ කරනවද කියලා මට දැන් තමයි තේරුනේ. (නි)
මේ ගොල්ලන්ට විශ්‍රාම වැටුප් දෙක දෙක. අපේ තාත්තා රජයේ සේවයේ ඉඳලා අකල් මරණයක් වෙලා වැන්දඹු සහ අනෙක් දීමනා අපිට ලැබෙන්න අවුරුදු 6 ක් ගියා. අපේ අම්මා අපිවත් අතින් පයින් එල්ලාගෙන රජයේ කාර්යාලවල රස්තියාදු වෙවි පුදුම දුකක් වින්ඳා ඒක හදාගන්න. (නි)
අනේ ඉතින් ඕකට රිමාන්ඩ් කරන්න ඕනද? එක පඩියකින් ජීවත් වෙන්න බැරි නිසා එහෙම කළේ. දේශපාලකයන් මිලියන බිලියන ගනන් ගහන්නේ? (ස)
අන්න අාදර්ශමත් රාජ්‍ය නිළධාරීන් (අ)
මේවා අපේ රටේ සාමාන්‍ය දේවල්. ඔච්චර කලබල වෙන්න දෙයක් නෑ. (ස)
එතුමා හිටපු කාලය බැලුවම වැටුප් දෙකක් දුන්නත් කමක් නැහැ කියලා හිතෙනව.ඒ කාලයේ තමයි දකුණේ නිල හා නොනිල ඇදිරිනීති,මහජන දේපල හානි කිරීම්, මනුෂ්‍ය ඝාතන විතරක් නෙවෙයි පලාත් සභාවෙ ප්‍රැන්සිස්කුහරණය සිදුවුනෙත්.(අ)
ජිවත් වෙන්න බොහොම අමාරුයි පඩි තුනක්වත් ඕන(අ)
ටික ටික ආපසු ගෙවන්න වෙයි. 1992 විශ්‍රාම ගියානම් දැන් අවුරුදු අසුවක්වත් ඇති. තව වැඩිම උනොත් මාසෙට රුපියල් 5,000 ගානෙ අවුරුදු 5 ක් නැත්නම් 10 ක් ගෙවන්න වෙයි. ඩබල් වෙන්න ගනිපු කාලෙ අවුරුදු 22 ක් නේ. පාඩු නෑ වැඩේ (අ)
දකුණේ කෙනෙක්ද එයා? මම මීට වැඩිය මේ ගැන කතාකරන්නේ නැහැ (නි)