IMG-LOGO

හිටපු ලොක්කකු ’’චූන්’’ කරන්න බජව් කණ්ඩායමක්

 

(සුජිත් හේවාජුලිගේ )

රජයේ එක්තරා ආයතනයක හිටපු ප්‍රධානියකු එම ආයතනයේ කටයුතු කළ සමයේදී ඔහු සහභාගිවූ උත්සව සඳහා සංගීතය සැපයීමට පහළොස් දෙනකුගෙන් සමන්විත සංගීත කණ්ඩායමක් පත් කරගෙන ඔවුන්ට වැටුප් ගෙවා ඇතැයි වාර්තාවේ.

එසේම එම සංගීත කණ්ඩායම පුහුණු කිරීම සඳහා පුහුණුකරුවකු පත්කරගෙන ඔහුටද වැටුපක් ගෙවා ඇති බව එම ආයතන ආරංචිමාර්ගවලින් පැවසේ.

මේ ආයතන ප්‍රධානියා මෑතකදී වෙනත් ආයතනයක මුල් පුටුවකට මාරුවීම් ලබා ගොස් සිටින නමුත් එම සංගීත කණ්ඩායමේ සාමාජිකයන් සහ පුහුණුකරු තවදුරටත් ඒ ආයතනයේ නිකරුණේ රැඳී සිටිමින් වැටුප් ලබන බව දැනගන්නට ඇත.

එසේම මෙම ප්‍රධානියා සිය ආරක්ෂාව සඳහා පෞද්ගලික ආරක්ෂකයන් 6 දෙනකුද රජයේ වියදමින් යොදවා ගෙන සිටින බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කළේ‍ය.

පුද්ගලයකුගේ හුදු විනෝදාස්වාදය සඳහා සංගීත කණ්ඩායමක් පත් කරගෙන මෙලෙස කටයුතු කිරීම විශාල මුදල් නාස්ති කිරීමක් බව එම ආයතනයේ සේවකයෝ පෙන්වා දෙති

 



අදහස් (3)

හිටපු ලොක්කකු ’’චූන්’’ කරන්න බජව් කණ්ඩායමක්

tak Thursday, 31 March 2022 12:19 PM

මොනා උනත් සංගීථය සැපයූ ඒ අසරණ මිනිසුන්ට වෙන රස්සාවක් සොයාදෙන්න

:       0       0

ජුණ්ඩප්පුවා Thursday, 31 March 2022 03:51 PM

පණ්ඩු බණ්ඩාරනායකගෙ නම කිසිම ගැටළුවක් නැතුව පත්තරේ දාපු ඇත්තෝ, මේ අපතයට බය වෙලා. දාන්ඩකො මේකාගේ නමත් කාට කාටත් දැන ගන්ඩ.

:       0       0

චන්දන Thursday, 31 March 2022 04:00 PM

එක්තරා කියන්නේ මොකක්ද . කෙලින් ම නම දාන්න . එත⁣කොටවත් මේවා කරන්න යන එවුන් පස්ස ගහවි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 384 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 544 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 227 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site