ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ හිටපු සභාපති ආචාර්ය ආරියරත්න ඇතුගල ඇතුළු සිව් දෙනකුට තර්ජනය කළැයි කියන සිද්ධිය සම්බන්ධ නඩුව ඔක්තෝබර නව වැනිදාට කල් තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද නියෝග කළේය.
2010 ජනවාරි 28 වැනි දා ඔහුට ද, හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ සිරිල් දේවප්‍රිය අබේසිංහට හා රියදුරකුට ද, ගාල්ලගේ දොන් හේමපාලට ද තර්ජනය කළැයි වෘත්තීය සමිති නියෝජිතයන් වන කාංචන මාරසිංහ, හියුබට් කුමාර අලගියවන්න, ගාමිණී පුෂ්පකුමාර හා රවී අබේවික්‍රමට එරෙහිව මෙම නඩුව පවරා ඇත.
ඡන්ද සමයේ ඔවුන් ශ්‍රේෂ්ඨාධිකරණ නියමයන් උල්ලංඝණය කරමින් රූපවාහිනියෙන් රජයේ පැත්ත පමණක් ප්‍රචාරය කළැයි වෘත්තීය සමිති ක්‍රියාකාරකයන් ඔවුනට විරෝධය පළ කර ඇත.
ඇතුගල කියනුයේ ඔවුන් තමනට තර්ජනය කළ බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධිකරණ නියෝග ගැන තැකීමක් නැතිව එදා රුපවාහිනිය කටයුතු කල ආකාරය නම් හිරිකිතයි.(අ)
අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)
අහෝ ඇතුගල ගුරුතුමනි.....ලැජ්ජයි. ඔබ මගේ ජනමාධ්‍ය ගුරුවරයා වීම ඊටත් වඩා ලැජ්ජයි..(නදී)
දඩයම වෙන්නේ පලිගැනීම් මේවා එවර වෙනවා ළඟදිම් (අ)
අපි නොදන්නවා කියලා හිතන්න එපා එදා වුණ දේවල් (නි)