2010 වසරේදී ශ්‍රී ලංකා රූපවාහිනී සේවකයන් 4 දෙනකුට තර්ජනය කර පහර දුන්නැයි සැකපිට රූපවාහිනියේ හිටපු සභාපති ආරියරත්න ඇතුගල, හිටපු අධ්‍යක්ෂ ජනරාල් දේවප්‍රිය අබේසිංහ හා ජී.ඩී.සුගතපාල යන අයට එරෙහි නඩුව අගෝස්තු 26 වැනිදා තෙක් කල් තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කළේය.
කුරුඳුවත්ත පොලිසිය සංශෝධිත චෝදනා ගොනු කළේය.
කාංචන මාරසිංහ, හර්බට් කුමාර අලගියවන්න, රවී අබේවික්‍රම සහ ගාමිණී පුෂ්පකුමාර යන අයට තර්ජනය කර පහර දීමට හේතුව ඔවුන් 2010 ජනපතිවරණයේදී මැතිවරණ කොමසාරිස් මුද්‍රිත මාධ්‍ය සඳහා පැනවූ මාර්ගෝපදේශ අනුව ක්‍රිය කරන්නැයි රූපවාහිනියේ සභාපති හා අනෙක් අයගෙන් ඉල්ලා සිටීම බව පැමිණිලි පාර්ශවය කියති.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
හිටපු රූපවාහිනී සභාපති ඇතුළු තුනකට එරෙහි නඩුව කල්යයි
විද්‍යා Friday, 13 May 2016 01:29 PM
මර්වින් සිල්වත් ඔතනට ගිහින් අව්ලක් කළා නේද කෝ ඒවාට දඬුවම් (බ)