(මනෝප්‍රිය ගුණසේකර)
හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී අනූප පැස්කුවල් මහතා නමින් පවත්වාගෙන යන බැංකු ගිණුම් දෙකක් මාස තුනක කාලයකට අත්හිටුවීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා අදාළ බැංකුවල කළමණාකාරවරුන්ට අද (10) නියම කළේය.
පසුගිය කාලයේ තුළ ඔහු සැක සහිත අන්දමින් මුදල් උපයා ඇතැයි කියමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශණ කොමිෂන් සභාව කළ ඉල්ලීමක් පිළිගනිමින් 2025 ජනවාරි 10 වැනිදා දක්වා බලපැවැත්වෙන අන්දමට අදාළ නියෝගය නිකුත් කරන ලද්දේ සෙලාන් බැංකවේ කොග්ගල ශාඛාවේ සහ කොමාර්ෂල් බැංකවේ මතුගම ශාඛාවේ කළමණාකාරවරුන්ටය.
අල්ලස් කොමිෂමේ විමර්ශන නිලධාරීන් අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් පසුගිය කාලයේ තුළ හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී අනූප පැස්කුවල් මහතා සැකසහිත අන්දමින් මුදල් උපයා ඇති බවට ලැබුණු පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කළ බවත් 2023 අංක 09 දරණ දූෂණ විරෝධී පනතේ 53(4) වගන්තිය යටතේ ඇති බලතල මත එම විමර්ශන සඳහා දින 07 කාලයකට අදාළ ගිණුම් අත්හිටුවනු ලැබු බවත් දැනුම් දුන්හ.
මේ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කරන බව දැනුම් දුන් අල්ලස් කොමිෂමේ විමර්ශන නිලධාරීන් හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී අනූප පැස්කුවල් මහතා නමින් සෙලාන් බැංකවේ කොග්ගල ශාඛාවේ සහ කොමාර්ෂල් බැංකවේ මතුගම ශාඛාවේ පවත්වාගෙන යන ගිණුම් දෙකේ කටයුතු මාස 03ක කාලයකට තාවකාලිකව අත්හිටුවන්නැයි ඉල්ලා සිටියහ.
ඉල්ලීම පිළිගත් විනිසුරුවරයා 2025 ජනවාරී 04 වැනිදා දක්වා බලපැවැත්වෙන අන්දමට අදාළ ගිණම් අත්හිටුවීමට නියම කළ විනිසුරුවරයා එම කාලය තුළ මෙම බැංකු ගිණුම් තුලින් කිසිඳු ගණුදෙණුවක් කළ නොහැකි බවද අවධාරණය කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහන්න දෙයක් නැහැ.. වැඩේ ස්ථීරයි. පහුගිය දවස්වල මාලිමාවට කළ අපහාස හෙලාදැකීම් දැක්කාම හිතාගන්න පුළුවන් බය කොපමණද කියලා මාලිමාව බලයට ඒම...
රට කාපු තක්කඩි හැත්ත...!
අනුපගේ මතුගම තිබෙන මහගෙදර පහුගිය කාලයේ කෝටි ගණනකට විකුණුවා. ගත්තේ අගලවත්තේ සජබ සංවිධායක සහ කෝටිපති ව්‍යාපාරිකයෙකු වන ජගත් විතාන. මහ විශාල නිවසක්. ඒ වගේම තමයි ගාණත්. අනික් ගහපුවා නොගහපුවා දන්නේ නෑ. නමුත් ඔය ගනුදෙනුව ගැන දන්නවා. ඒ නිසා කළු නොවන සල්ලිත් ඇති...
සමෘද්ධි ඇමති ගහන්න ඇති ඇතිවෙන්න පල් හොරු
ජනතා මුදල් හොරකම් කරලා, ගිණුම්වල දාලා, පල්හොරු හොඳින් ඉන්නවා. අපි බඩගින්නේ... හෙණ ගහන්න ඕනේ...