(ඉන්දිකා රාමනායක)
උතුරු නැගෙනහිර ප්‍රදේශවල පවත්වාගෙන යන කේබල් රූපවාහිනී ආයතනයකින් සහ තවත් ආයතන කිහිපයකින් රුපියල් මිලියන ගණනක් සිය ගිණුමට බැර කරගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු ජාතික බුද්ධි අංශ ප්‍රධානි මේජර් ජනරාල් කපිල හෙන්දාවිතාරණ මහතා අද (20) තෙවැනි දිනටත් මුල්‍ය අපරාධ කොට්ඨාසය කැදවනු ලැබ ඇතැයි පොලිසිය කියයි.
ඒ මහතා අද පෙරවරු 9.00ට පමණ එහි පෙනී සිට ඇත.ඉකුත් 14 වැනිදා සහ 15 වැනි දා හෙන්දාවිතාරණ මහතාගෙන් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය පැය 8 ට අධික කාලයක් පුරා ප්‍රශ්න කර තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුල්‍ය අපරාධ කොට්ඨාසය තවමත් රාජකාරි කරන්නේ හිටපු ජනපති යටතේද ? ජනපතිවරණයකින් පසුව ලෝකයේ හැම රටකම පාහේ හිටපු ජනපතිවරයාගේ පින්තුරය ඉවත්කර නව නායකයාගේ පින්තුරය එල්ලීම සිරිතක් උනත්, මෙම ආයතනය එම සදාචාරාත්මක පිළිවෙත අනුගමනය නොකරන බව මේ පුවතින් පේනවා ! මේක ආදී කලේ ගත් පින්තුරයක් වෙන්නත් පුළුවන්. මුල්‍ය අපරාධ කොට්ඨාසය මගින් කරන පරීක්ෂණ අවසන් නොවන්නේත්, වැරදිකරුවන් අසුනොවන්නෙත් ඔවුන්ට දඬුවම් නොලැබෙන්නෙත් හිටපු ජනපති මහින්දගේ දිෂ්ටිය මෙතැන ඉඳගෙන ඔවුන් ආරක්ෂා කරන නිසා නේද ?
සියලු දෙනා සහ විශේෂයෙන් ඒකාබද්ද විපක්ෂයේ මහතුනි , මෙය රණවිරුවන් දඩයමක් ලෙස හුවා දැක්වීමෙන් වලකින්න එය නියම රණවිරුවන්ට කරන අපහාසයකි . මෙම පරීක්ෂණ සිදුවිය යුතුයි. ජාතික බුද්ධි අංශ ප්රධානියකුට රුපියල් මිලියන ගණනින් මුදල් ලැබුනේ මොනවටදැයි සොයා බැලිය යුතුයි. මොහුව බළල් අතක් ලෙස පාවිච්චි කරමින් මොහුගේ බැංකු ගිණුම් වෙනත් බලගතු පුද්ගලයකු විසින් භාවිතා කලා නම් ඒ බව හෙළි කළ යුතුයි.