උතුරු මැද පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂයේ හිටපු මන්ත්‍රී හා ජාතික හෙළ උරුමයේ සංවිධායකවරයකු වු බී කේ ගුණරත්න මහතාගේ සිරුර (60) මැදිරිගිරියේ පාළු හා අනාරක්ෂිත ළිඳකින් අද සොයාගත් බව පොලීසිය කියයි.
පසු ගිය 30 වැනිදා ඔහු නිවසින් බැහැරව ගොස් ඇතැයි ද එතැන් පටන් ඔහු ආගිය අතක් නැතැයි ද ඔහුගේ බිරිය කළ පැමිණිල්ලේ සඳහන්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉදිරියේදී අභිරහස් (දේශපාලන) මරණ බොහොමයක් ගැන අහන්න ලැබේවි. අපි ගෝත්‍ර සමාජයක් කරා වේගයෙන් ඇදී යමින් සිටිමු. (නදී)
මිට අවුරුදු ගානකට පෙර ගෙයින් දොට්ට බැස්සම ගෙදර එනකම් විශ්වාසයක් තිබ්බේ නැහැ කොටි බෝම්බ නිසා. දැන් පාරේ තොටේ ඇවිදින්න බැහැ කොයි වෙලාවේ අතුරුදහන් වෙයිද කියල සැකයි. (නදී)
කොටි ප්‍රශ්න කාලේ අපට බිය තිබුනේ එලියට ගියොත් බෝම්බ වලට , එහෙත් දැන් ගෙදර නැවතී සිටියත් නිදා ගෙන සිටියත් ජිවිත බියෙන් ඉන්නට වෙලා තියෙන්නේ. නීතියක් සහ සාමයක් නොමැති රටක් වෙලා අපේ ලංකාව , දැන් අවුරුදු කිහිපයක සිට. (ස)
පොළොන්නරුව මැදිරිගිරිය පැත්තේ හොර බිස්නස් කාරයන් ගැන සැකයි. (ස)
ඉතා යහපත් මනුස්සයෙක්, 29 වෙනිදා සවස 3 සිට බඩදරු අම්මලා 50 පමණ ආශිර්වාද පින්කමක් කරලා සවස 7.30 පමණ අපේ පන්සලෙන් පිටත් වෙලා ගෙදර යන අතරමගදී ආගිය අතක් නැතුව හොයමින් හිටියේ. අද සවස 4 පමණ මැදිරිගිරිය යාය 2 පාලු ළිදක තිබිලා එතුමාගේ මළසිරුර හමුවුනා. මරනය නම් අභිරහසක් වගේ. ගමටත් රටටත් පාඩුවක්. එතුමා උතුම් නිවනින් සැනසේවා (නදී)
මට මතක් වන්නේ පේමදාස රණසිංහ මහතාගේ කාලයම ආපසු පැමිණ ඇතැයි කියා. එදත් මෙවෙනි මරණ ලින් වලින් , මුහුදු වෙරළෙන් , මහා මග පිළිස්සෙමින් තිබෙනවා දුටුවා (නදී)