වැඩතහනමකට ලක්ව සිටි සමයේ තමන්ට හිමි හිඟ වැටුප් සහ දීමනා ලබාදීම අත්හිටුවීමෙන් කටුවන හිටපු පොලිස් ස්ථානාධිපතිගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට තීරණය කළ ශ්‍රේෂ්ඨාධිකරණය එයට වන්දි වශයෙන් රුපියල් ලක්ෂ තුනක් ගෙවන ලෙසට ගාල්ල හිටපු නියෝජ්‍ය පොලිස්පති දයා සමරවීර මහතාට නියෝග කරන ලදී.
ඊට අමතරව රුපියල් ලක්ෂ දෙකක වන්දි මුදලක් ගෙවන ලෙසට රජයට නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම්කාර කටුවන පොලීසියේ හිටපු පොලිස් ස්ථානාධිපතිට හිමි හිඟ වැටුප් දීමනා සහ උසස්වීම් ආදිය ලබාදෙන ලෙසට ජාතික පොලිස් කොමිසම ඇතුළු වගඋත්තරකරුවන් 26 දෙනෙකුට නියෝග කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන උපාලි අබේරත්න, එච්.එන්.ජේ.පෙරේරා යන මහත්වරුන්ගේ එකඟත්වයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඊවා වනසුන්දර මහත්මිය පෙත්සම විභාගය අවසන් කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොපමණ කාලයකට පසුව වුවද සාධාරණය ඉටුවීම ගැන සතුටු වෙනවා. ඔබ නිවැරදි බව අප දැන සිටියා (නි)
සීතල වතුර වීදුරුවක් බිවුවා වගේ සිසිලක් දැනුනු නඩු තීන්දුවක්. සතුටුයි අගතියට පත්වුණ කෙනෙකුට සාධාරණය ඉටුවීම ගැන. (නි)
එතුමාට සාධාරණය ඉටුවීම ගැන සතුටුයි (නි)
දඬුවම ගැන සෑහීමකට පත්විය නොහැකිය. ඔය කියන නියෝජ්‍ය පොලිස්පති කරලා තියෙන්නේ බරපතල වරදක් නේද? වැඩ තහනමට ලක්වුණ නිලධාරියට සහ පවුලේ අයට මොනතරම් දුක් කරදර, අපහාස විඳින්නට සිදුවෙලා ඇද්ද? (නි)