(මනෝප්රිය ගුණසේකර)
අල්ලස් කොමිසමෙන් තමාට එරෙහිව පවරන ලද නඩුවේ චෝදනා පත්‍රය සංශෝධනය කිරීම ප්‍රතිශෝධනය කරන්නැයි ඉල්ලා හිටපු ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම මහතා ඉදිරිපත් කොට ඇති ප්රතිශෝධන ඇයැදුම්පත සම්බන්ධයෙන් විවාදය සැප්තැම්බර් 20 වැනි දා සිදු කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා අද (17) තීරණය කළේය.
ගමනාගමන මණ්ඩලයට නියෝජ්‍ය අධ්යක්ෂවරයකු පත් කොට ඔහුට වැටුප් ගෙවීමෙන් රජයට රුපියල් ලක්ෂ 32ක පාඩුවක් සිදුකළ බව ඔහුට එරෙහිව ඇති චෝදනාවයි.
හිටපු ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම මහතා විසින් ඉදිරිපත් කොට ඇති මෙම ප්රතිශෝධන ඇයැදුම්පතේ වගඋත්තරකරු ලෙස නීතීපතිවරයා නම් කොට ඇත.
මෙම පෙත්සම කැඳවනු ලැබු අවස්ථාවේදී මෙහි පෙත්සම්කරු වන හිටපු ප්‍රවාහන ඇමති කුමාර වෙල්ගම මහතා අධිකරණයේ පෙනී සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd