මාවනැල්ල ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති කේ.ජී.පියතිස්සට එරෙහිව පනවා තිබූ මරණ දඬුවම ඉවත් කළ අභියාචනාධිකරණය ඔහු නිදොස් කොට නිදහස් කළේය.
2002 පෙබරවාරි 14 වැනිදා කපිල ප්‍රියන්ත වෙඩි තබා මරා දැමීයැයි කෑගලු මහාධිකරණය ඔහු වරදකරු කර 2013 ජූනි 5 වැනිදා මරණ දඬුවමට යටත් කළේය.
ඊට එරෙහිව ඔහු ඇපෑලක් ගත්තේය. පියතිස්ස සම්බන්ධයෙන් වූ සාක්කි සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කර නැතැයිද සාක්කි පරස්පර යැයිද තීන්දු කළ අභියාචනාධිකරණය ඔහු නිදොස් කොට නිදහස් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විනිසුරුවරුනුත් වැරදි තීරණ දෙනවා.ඇපිල් නොකලානම් මරණීය දඬුවම ස්ථිරයි.එහෙම කරගන්න බැරි උදවියට දෙවියන්ගේම පිහිටයි.(ම)
හරිම කනගාටුවක් දැනෙනවා අපේ නීති පද්ධතිය ක්‍රියාත්මක කරන අය ගැන. මිනීමැරුම් නඩුවක් අප දන්නා විදිහට සාදාරන සැකයෙන් තොරව තහවුරු කළ පසුව තමා මරණ දඬුවම දෙන්නේ.ඉතින් කොහොමද තවත් විටෙක එය එසේ නොවන්නේ ?(හේ)
ඇස් වසා ඇති නීතිය .(හේ)
මීට පස්සේ මරණ දඬුවම කියන්නේ නිදොස් කොට නිදහස් (ම)
පියතිස්ස අයියාට ජයවේවා! (නි)
පෙරේරාගේ අදහසට මමද එකග වෙමි. (ර)