විසිරුවාහැර ඇති පළාත් පාලන අයතන සඳහා නැවත පළාත් පාලන මැතිවරණය පවත්වන ලෙස බලකරමින් අඹගමුව ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී හෙලප්‍රිය නන්දරාජ මහතා කළුපටි පැළඳ සභාව ඉදිරිපිට ඔළුවෙන් සිටගෙන විරෝධතාවයක් පැවැත්වීය. විනාඩි 30කට පසු ඔහු නැගිට ගියේය.
හෙලප්‍රිය නන්දරාජ මහතා කියා සිටින්නේ යහපාලන ආණ්ඩුවට දෙපයින් හිටගෙන වාචිකව සහ ලිඛිතව පළාත් පාලන ආයතන මැතිවරණ පවත්වන ලෙස බලකළත් එය සිදු නොකරන නිසා තමන් ඔළුවෙන් සිටගෙන මෙම විරෝධතාවය දක්වන බවයි.
විරෝධතාවයට එම සභාවේ හිටපු මන්ත්‍රී ඩග්ලස් ධර්මකිර්ති මහතාද සහභාගි වි සිටියේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එංගලන්තේ එංගලන්තේ ලංකාවේ එහෙම වෙන්නේ නෑ.(හේ)
ඔලුවෙන් හිටවලා එල්ලන්න තිබ්බේ වෙන තැනකින් (හේ)
අයි බලය ඉල්ලන්නේ? ප්‍රදේශය දියුණු කරන්න වෙන්න ඇති. (ම)
අපි ඉඳගන්නකොට තියන පැත්ත එතුමා ඔලුවෙන් හිටගන්න තියලනේ! (නි)
ප්‍රාදේශීය සභා ඡන්ද ඕන නැහැ , මේ තියන විදිහ හොඳයි (බ)
බලතල වලට ඇති තණ්හාවක්! කවදත් තමුන්ට අවාසියක් වනවාට තමා මෙවුන් බය. ජනතාවට හෙන ගැහුවත් බලන්නේ නැහැ.(රේ)
අනේ මෙහෙමත් ජනතා සේවකයෝ! (නි)
ඔලුවට ලේ ගමන් කිරීම වැඩිවෙලා මොළය වර්ධනය වෙන්නත් එක්ක ඔලුවෙන් හිටගන්න එක හොඳයි. මේක මුළු ලංකාවේම ඉන්න ප්‍රාදේශීය සභා මන්ත්‍රීලට කරන්න පුලුවන් නම්, වඩාත් හොඳයි. ප්‍රදීප් කියලා තියනවා වගේ ඔය ප්‍රාදේශීය සභා අහෝසි කළයුතුයි. (නි)
මේ ව්‍යායාමය හුදෙක් ජනතා දේපොළ මුදල් යටිමඩි ගැසීමට අවස්ථාවක් ඉක්මනින් ලබාගැනීමට නොව, අසරණ ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදයට ලබාදීමටයි (නි)
ඔව් ඔව් පළාත් සබා නිසානේ මෙයාල ජීවත් වෙන්නේ.මේ ජනතාවට ආදරේටද නැ එයාලට හම්බ කරගන්න කොමිස් ගහන්න ජරාව කන්න නැති නිසා මේ දුක (බ)
මේවා දැක්කම මාර කලකිරීමක් ලංකාවේ දේශපාලනය ගැන ඇතිවෙන්නේ. (බ)
දැන් හරි. මොලේ තියෙන්න ඕනෑ නියම තැනට එන්න ඇති (බ)
හෙට පළාත් පාලන මැතිවරණය තියන්න තීරණය කරයි ? අනේ මෙහමත් කොලොප්පම් කාරයෝ (බ)
ප්‍රදීප් හරි. මමත් එකඟයි (නි)
ඔළුවෙන් හිටගෙන හිටියට ඕවා කෙරෙන්නේ නැහැ මහත්තයෝ (නි)
රටට සේවය කරන්නනේ මේ ඔක්කොම දුක් විඳින්නේ. අනේ වාසනාවන් අපිට! (නි)
බැහැලා තිබුන මොළය සංරක්ෂණය වෙන්න ඇති (නි)
එච්චර අවුලක් නැහැ මොලය වෙන තැනක තියෙන නිසා. මේවට මිනිස්සු සැලෙන්නේ නැහැ. (බ)
නියම තැනට මොළය යයිද දැන්වත්? (නි)
මෝඩ මිනිස්සු.(හේ)
අනේ හැබෑට, බලතල වෙනුවෙන් තරඟකරන මහජන නියෝජතයෝ? (නි)
මෙයාලා හොඳයි රිලා නැටුම් වලට. “ගහපන් පුතා බඩ පිනුමක්“ (නි)
පිස්සුව තදවෙලා වගෙයි. (බ)
නූගත් අයට යමක් තේරුම් ගන්න බැහැ. බොහෝවිට මොලයට රුදිරය ගියාම මොලේ පෑදේවි. (බ)
ඔළුවෙන් සිට ගැනීමට ප්‍රථම ඔබ ඇතුළු කොළ නිල නඩයේ ලොකු පොඩි සියලු දෙනාට මහපොළොව මත දෙපයින් සිට ගැනීමට කියා දිය යුතුය. මන්දයත් මෙතෙක් කලක් පක්ෂ අභ්‍යන්තර අර්බුද හා ජාත්‍යන්තර කුමන්ත්‍රණ වැනි ජනතා මනස වෙනත් අතකට රැගෙන යන දේවල් කතා කළා විනා සැබෑ ජනතා ප්‍රශ්න යනු මොනවාදැයි නිකමට හෝ බුද්ධියෙන් විමසා නොබැලූ බැවිනි.(බ)
මුන්ව ඔළුවෙන් හිටවන්න ඕනේ සරමක් අන්දලා..මෝඩ යක්කු (බ)
දැන් හරි පහළට ගිය මොළය උඩට එන්න පුළුවන් (බ)
ඔහොම ටිකක් ඉන්න ඔලුවට බහිනකම්. ඊට පස්සේ තේරෙයි (බ)
මොකෙන් හිටගත්තත්..බීරි අලින්ට වීනා ගහල පලක් නැහැ. (බ)
ඒකනම් හොදයි මොලේ නියම තෑනට ඒවි දෑන් මෙයාලගේ (බ)
මේ වගේ මොලේ ඔලුවේ නැති උන් මොනවට පත් කරගත්තද මන්දා? (බ)
ව්‍යවස්ථා විරෝධී අන්දමට ඡන්ද පවත්වන්නේ නැත්නම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩුවක් පවරන්න පුළුවන්නේ. ඔලුවෙන් හිටගෙන ප්‍රශ්නය විසඳන්න හදනවානම් මොලයක් පාවිච්චි කරලා කළ යුතු දේ දන්නේ නැති බවයි ඔය අඟවන්නේ. (බ)
මෙතක් කල් ඉඳගෙන ඉඳලා තියෙන්නේ මොලේ උඩද ? (කෞ)
කරාටේ පන්ති ගිය ඊයෙ රෑ ඒකයි පුරුදු කරපුව උදේට පෙන්වනව ඇති ..(බ)
සියලුම ප්‍රාදේශීය සභා අහෝසි කළ යුතුයි. මේවල ඉන්න කට්ටිය මහජන සල්ලි හොරකමේ යෙදෙනවා ඇරෙන්න වෙන දෙයක් කරන්නේ නෑ. ගමේ වැඩ ටික ප්‍රාදේශීය ලේකම් හා ග්‍රාම සේවක හරහා කළ හැකිය. (බ)
ඔලුවෙන් හිටගන්නේ ඔලුවක් නැතුවනේ ඒකනේ ප්‍රශ්නේ (බ)
හොද කොල්ලෙක් මෙයා දිනේෂ්ට අහුවෙලා විනාශයි (බ)
අනේ මෙහෙමත් මිනිස්සු! (නි)
කොහොමත් මේ වගේ දේශපාලකයෝ වැඩි දෙනෙක් මොලේ උඩ වාඩිවෙලා තමයි රටේ ප්‍රශ්න දිහා බලන්නේ.(හේ)
මේ ගොල්ල නියෝජනය කරන්නේ රටේ පාලක පක්ෂ , මේ ගොල්ල මේක තමන්ගේ නායකයන් මගින් විසදා ගත යුතු ප්‍රශ්න (කෞ)
ලංකාවේ කියන්නත් ලජ්ජයි.(හේ)