(ඉන්දිකා රාමනායක)
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත් හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කෝමදෝරු ඩී.කේ.පී දසානායක නාවික හමුදා රෝහලේ දී පරික්ෂාවට ලක් කර සුදුසු නියෝගයක් ලබා දෙන ලෙස කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද(13) වත්තල මහේස්ත්‍රාත් පුර්ණිමා පරණගමගේ මහත්මියට දැනුම් දුන්නාය.
2008 දී කොළඹ හා අවට ප්‍රදේශවලින් පැහැරගත් ළමයින් 5 දෙනකු ඇතුළු 11 දෙනකු අතුරුදන් කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා ඊයේ(12) අත්අඩංගුවට ගනු ලැබුවේ වැලිසර නාවික හමුදා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීය.
සැකකාර නාවික හමුදා නිලධාරියා අධික රුධිර පීඩන රෝගී තත්වයෙන් නාවික හමුදා රෝහලේ තවමත් ප්‍රතිකාර ලබන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත්වරියට දැනුම් දුන් අතර ඒ අනුව වැලිසර නාවික හමුදා රෝහල වත්තල මහේස්ත්‍රාත් බල ප්‍රදේශයේ පිහිටා තිබෙන හෙයින් ඒ සම්බන්ධ තීරණයක් ගැනීම වත්තල මහේස්ත්‍රාත් අධිකරණයට පැවරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd