විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති කේ.එල්.එන්.සරත්චන්ද්‍ර දෙසැම්බර් 6 වැනි දා තෙක් රිමාන්ඩ් කිරිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (23) නියෝග කළේය.
පොලිස් විශේෂ කාර්ය බළකායට අයත් ජිප් රියක් අවභාවිතා කළැයි ද ඔහු එම බළකායේ අණදෙන නිලධරයකු යැයි ද උසාවියේ දී කියැවිණි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා බොහෝම කැත වැඩ. දෙපිලේම ඉන්නවා සදාචාරයක් නැති අය. අහන්න බලන්න දුකයි. (නි)
සුළු වැරදි වලට රණවිරුවෝ හිරේ දානවා. මිලියන් ගණන් ගහපු දේශපාලුවෝ අගේට ඉන්නවා. (නි)
මේ මනුස්සයා කරපු සේවය ගෙන හිතලවත් සමාවක් දෙන්න ඕන. හරිම දුකයි.(හේ)
පාර්ලිමේන්තුවේ ඉන්න ගොඩක් අය දැනටත් අවභාවිතාවේ ඉන්නවා නේද... ඒ ගැන හොයන්නෙ නැද්ද? (නි)
කරුණාකර වයසට හා එතුමා දැරූ තනතුරට ගරු කරන්න. කරුණාකර කරෙන් අත අහකට ගන්න. මිටවඩා විනයගරුක වන්න (නි)
මෙහෙම හිරේ දානවා නම් මුලින්ම දාන්න ඕනෑ කවුද කියලා අපි දන්නවා. දේශපාලුවන් පෙනි පෙනී හැමදේම අවභාවිතා කරනවා (නි)
මේ මොන ප්‍රශ්නද? වාහන අවබාවිත නොකරන නිලධාරියෙක් ඉන්නවද? (නි)
බොහොම අසනීප පාටයි. ඉක්මනට රෝහල් ගතකරමු.(හේ)
ඉස්සර ළඟටවත් නාපු අය පැන්සොන් ගියාම කරටත් අත දානවා නේද එකනේ කියන්නේ පැන්සොන් ගිය පොලිස් කාරය වගේ කියල (බ)
මෙයාට වඩා වංචා කරපු එවුන් එළියේ ඉන්නකොට මේ නිලධාරියා රිමාන්ඩ් කරපු එක වැරදියි (බ)
අච්චර සල්ලි හොරකම් කරපු මහා බැංකු අධිපති එළියේ..මේ නිකන් ඉන්න බැරුවට මේ මිනිස්සුන්ව හිරේ දානවා. අනේ කාටවත් ගිය ආණ්ඩුව. ලැජ්ජාවක් නැති ආණ්ඩුව (බ)
රජයේ නිලධාරීන් හැමෝම පාහේ රජයේ වාහන අවභාවිතා කරනවා.ජේ වී පී එක කියනවා වාගේ මී පාට දෙකින් කොයි එක ආවත් මේ ක්‍රමේ නතර කරන්න අමාරුයි.ආණ්ඩුව පෙරලුනු ගමන් අනික් පැත්ත අත් අඩංගුවට ගනීවි. (බ)
වාහන අවභාවිතාවය රජයේ හා සංස්ථා වල නිරතුරුවම සිදුවන දෙයක්. මෙවැනි චෝදනා නගන්නේ පළිගැනීමේ අරමුණකින් නීතිය අවනීතිය කර ගැනීම පිනිසමයි . මෙම රජය බලයට පත් වූවාට පසු මොන තරම් රජයේ නිලධාරීන්ට මෙවැනි අන්දමට හිංසා කර ඇතිද? බලාගෙන වැහි කාලෙට අකුණු ගහන වෙලාවට මෙවැනි චෝදනා කරන අයවලුන් මිදුලට බහින්නේ !! (බ)
හැමදෙනාම දන්නවා මෙතුමා ත්‍රස්තවාදය දරුණුම යුගයේ රටට කොතරම් සේවයක් කළාද කියල. රටම සූරන් කාපු අය එළියේ . මේ වැනි දේවල් රටට සාපයක් වෙනවා නිසැකයි (බ)
මෙසේ සිදුවීමට හේතුව අපට හිතාගත හැක (නි)
නීතිය කාටත් පොදු වියයුතුයි (නි)
ලොකු වැරද්දක් කරලා වගේ අල්ලාගෙන යන්නේ.අප රටේ දේශපාලකයෝ සහ උන්ගේ හෙන්චයියන්ගේ හොරකම් කොච්චර ලොකුද? එව්වා යට යනවනම් පුස් වගේ සුළු දේවල් උලුප්පල පෙන්නන එකෙන් රටේ නීතියත් හෑල්ලු වෙනවා. (බ)
අනේ මේ මිනිස්සුන්ට දෙන වධ හිංසා . ඕවා ආයෙම දවසක ඔය කට්ටියටත් විඳින්න වෙනවා සත්තයි . (ම)
බැදුම්කර හොර නායකයෝ එළියේ රුපියල් බිලියන 44 රණවිරුවෝ හිරේට (බ)
කෝටි ප්‍රකෝටි ගණන් හොරකම් කරපු එවුන් රජය ඇතුලේ යහතින් වැජඹෙනවා රටේ ආරක්ෂාවට හිටි මහජන ආරක්ෂාව තහවුරුකළ නිලධාරීන්ට අපහාසාත්මක දඩුවම්. (බ)
දෙස්පාලුවන්න්ට මාංචු දැම්මාම එයාල ලජ්ජානැතිකමට හිනාවෙවී ඉන්නවා, නමුත් මේ නිලධාරියා නිහතමානීවය් කැමරාවට මුහුණදෙන්නේ. (බ)
නීතිය ක්‍රියාත්මක කිරීමේ අසාධාරණයක් පෙනෙන්ට තියනවා. මීට වඩා කෝටි ගණනක් අවභාවිතා කළ අයට මාංචු වැටෙන්නේ නැහැ. (ම)
ප්‍රකෝටි හොරු එළියේ, උන්ඩේට මූණ දෙන්න සූදානමෙන් උන්න අය හිරේ, මේ දේවල් කවද ඉවර වේවිද (බ)
යහපාලනයට ආරක්ෂක අංශ පේන්ට බැහැනේ .එතකොට දේශපාලකයෝ පවුල් පිටින් අමාත්‍යංශ ජීප් වලින් යන්නේ .(බ)
හෙන ගහනවා මේ කරන බලු වැඩ වලට. මේ මිනිස්සු නිසා තමයි අද අපි සාමයෙන් ඉන්නේ. හැමදාම බලය තියනවා කියල හිතන්න එපා. (බ)
මෙතුමාව අරන් යන නිලධාරීන් හරිම දුකෙන් එ්ක කරන බවක් පේනවා. මේවා කරන නිතර හිනා වෙන කම්බ හොරුන්ට පස්සේ දුක් විඳින්න වෙනවා අනිවාර්යයෙන්. ඡන්දයක් එනකන් අපි බලන් ඉන්නේ. (බ)
වාහනයක් අවභාවිත කරාම අත්අඩංගුවට ගන්න තරම් නීතිය ක්‍රියාත්මකයි නම්, මුළු රටක්ම අවභාවිතා කරපු අය තවමත් නිදැල්ලේ ඉන්නේ කොහොමද? (නි)
වාහනයක් අවභාවිතා කළාටද ඔය රිමාන්ඩ් කරන්නේ? හෙලිකොප්ටර් ගුවන් යානා අවභාවිතා කරන අයට මොකුත් නැද්ද? (නි)
වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමට පෙර වේදිකාවල හඬනඟා කියූ එවකට පැවති ආණ්ඩුවේ ඇති විශාල දූෂණ වංචා නිසයි ජනතාව මේ ආණ්ඩුව පත්කර ගත්තේ. නමුත් මේ රජයේ නිලධාරියෙක් වාහනයක් පාවිච්චි කළ එකද ඔය කියපු මහා දූෂණ. මේවා කිරීමෙන් පවතින රජය කෙරෙහි කළකිරීමක් ජනතාව තුළ ඇතිවෙන්නේ. (නි)
අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා (නි)
මේ සිද්ධවෙන දේවල් ගැන අපිට දුකයි (නි)