ජනපතිවරණ සමයේ කහවත්තේදී පොදු අපෙක්ෂක වේදිකාවට වෙඩි තබා පුද්ගලයකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ සිටින හිටපු නියෝජ්‍ය ඇමැති ප්‍රේමලාල් ජයසේකර ලබන 30 තෙක් යළි රිමාන්ඩ් කිරීමට පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණය අද (23) නියෝග කළේය.
සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් 6 දෙනකුද ලබන 30තෙක් රිමාන්ඩ් කිරීමට පැල්මඩුල්ල මහේස්ත්‍රාත් දිනේෂ් ලක්මාල් පෙරේරා මහතා නියෝග කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගරු අදිකරණයට අපේ ප්‍රණාමය. (ර)
මේවා දේශපාලන පළිගැනීම් (බ)
සමහර අය ඉන්නවා හැමදේටම පලිගැනීම් කියනවා මැරිලා ඉපදිලා තිරිසන් විදියට මුනත් ඒ වගේ ළගම ඉන්න කෙනා කට කැපුවාම කියයි යහපාලනයේ හැටි කියල මේ වගේ අයගෙන් පරිස්සම් වෙන්න (බ)
සුජාතා, ඔබට මානසික අබාධයක් ඇති කෙනෙක් පාරේදී එහෙම කිව්වොත් ඔබ මොකද කරන්නේ? මෙතන වෙනස තමයි පෙනෙන්නේ නැති එක. එහෙම හිතුවාම ඉවරයිනේ. (නි)
මෙවැනි ක්‍රියා මින් ඉදිරියට ඇති නොවෙන්නට කටයුතු කිරීම නව රජයේ පිළිවෙල බවට පත් වෙනවා නම් අගනේය.(ම)
කෝ අපේ යහපාල?. අනේ කොමන්ට් එකක් දාල මෙයාවත් හෝදලා නාවල ගන්නකො. මෙයා හොදටම මඩ නාගෙන. මෙයාව නාවන ගමන් තමන්ගේ මොළෙත් ටිකක් හෝදගන්න හොඳේ. මොලේ හෝද ගත්තට පස්සේ එසැන පුවත් වලට අදහස් දාන අපේ කට්ටිය බලාපොරොත්තුවෙනවා ඔබ තුමාගෙන් වැදගත් හරවත් විවාදාත්මක අදහස්. (බ)
රවී,මටත් මෙය නොසිතුනාම නොවේ.යහපාල නොයෙකුත් නම් වලින් පෙනීසිටින බව බොහෝ පාඨකයින් දන්නා කරුණක්. (නි)
යහපාල වැනි අය නිසා තමයි මේ රට විනාශවෙන්නේ (නි)
වැරදි කර ඇත්නම් දඩුවම් ලැබිය යුතුයි (නදී)
දේශපාලනයේ මෙවැනි කුරුවල්වීමක් දකින්නට ලැබෙන්නේ ජාතික දේශපාලනයේ විශිෂ්ට මඟපෙන්වීම මතය. ජාතික දේශපාලනයේ හොරකම්, මැරකම්, තක්කඩිකම්, මංකොල්ලකෑම්, චණ්ඩිකම් මේ සියල්ල නොඅඩුවම බිම් මට්ටමට බෝවී ඇති බව පෙනෙන්නට තිබේ. ගුරා හිටගෙන කරනවිට ගෝලයන් දුව දුවා කරති. දශක තුනක කුරිරු ත්‍රස්තවාදය අවසන් කළද, මේ ජරාජීර්ණ දේශපාලනය අවසන් කිරීම පහසු නැත. මර්ස් වෛරසයට බියවිය යුතු නැත. එහෙත් මේ දේශපාලන වෛරස්වලට බියවිය යුතුය.සමහර දේශපාලනඥයන්ගේ වැඩ ජනතාව ඉහළින්ම අගය කරන බව පෙනෙන්නේ මැතිවරණයකදීය. එසේ නැතහොත් ඔවුන් අත්අඩංගුවට ගැනීමේදීය. දකුණු පළාතේ දැරියක දූෂණය කිරීමේ වරදට හසුවූ ප්‍රාදේශීය දේශපාලනඥයෙකු වෙනුවෙන් පැවැති ජනතා උද්ඝෝෂණයට, භික්ෂූන් වහන්සේලා ද සහභාගි වී සිටි බව එකල පුවත්පත් වාර්තාවල දැක්විණි. ඒ පිවිතුරු යහපාල වැනි දුපත් වැසියන්ගේ හැටිය (නි)
අප්පචි දිනුවානම් අද මෙයා ඉන්නේ හිර ගෙදර නොව රජගේදරය (බ)
මේවා දේශපාලන පලිගැනීම් කියල කියනවනම් , එක්කෝ කියන කෙනා මෙපමණ කාලයක් නිදා ගෙන ඉදල , එහෙම නැතිනම් මොලේ අමාරුවක් තියෙන කෙනෙක්. (බ)
කෙනෙක් මිනි මැරුමක් කළා නම් නීති ප්‍රකාර දඬුවම් ලැබිය යුතුයි. එහිදී නීතිය නිසියාකාරව ක්‍රියාත්මක කිරීම පළිගැනීමක් වන්නේ කොහොමද?(බ)
ඔය දැන් පිවිතුරු යහපාල නමින් පෙනීසිටින්නේ ඉස්සර හිටපු බන්දුල පෙරේරා.උගත් බුද්ධිමත් අදහස් නොඉවසන මේ කෙනා නිසා අපිට ගොඩාක් වැදගත් අදහස් දමන අය නැතිවුණා. (නි)
ඇහැට දැකපු සාක්ෂි තියාගෙන පලිගැනීම් කියන්නට තරම් යහපාල පහත් තත්වයට වැටී ඇත. නිදහස් අදහසක් ලීව ගමන් කරන්නේ "සවුත්තු වෙන්නේ නැතුව කුස්සියට යන්න" කියා අපහාස කිරීමයි. මෙවන් කියමන් කෙනෙකු ලීවාම බවලත් උදවිය අපහසුවට පත්වෙයි (නදී)