IMG-LOGO

හිටපු නීතිපති ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට

(නිමන්ති රණසිංහ)

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබදව කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් කටඋත්තරයක් සටහන් කර ගැනීම සදහා හිටපු නිතිපති දප්පුල ද ලිවේරා මහතාට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හෙට (19) පෙනී සිටින ලෙස දැනුම් දී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිතීඥ නිහාල් තල්දූව මහතා පැවසීය.

හිටපු නිතිපති දප්පුල ද ලිවේරා මහතා විශ්‍රාම යෑමට දින කිහිපයකට පෙර පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් පිළිබදව කරුණු විමසීම සදහා මෙම කැදවීම කළ බවද හෙතෙම සදහන් කළේය.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ මහ මොළකරුවන් සිටින බවටත් එම ප්‍රහාරය පිටුපස කිසියම් කුමන්ත්‍රණයක් සිදුවී ඇති බවටත් සදහන් කරමින් හිටපු නිතිපති දප්පුල ද ලිවේරා මහතා විශ්‍රාම යෑමට පෙර මෙම ප්‍රකාශය සිදුකර තිබිණී.

මේ සම්බන්ධයෙන් අප, අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා අප කළ විමසීමකදී ඔහු ප්‍රකාශ කළේ, හිටපු නිතිපතිවරයාගේ එම ප්‍රකාශය සම්බන්ධයෙන් කටඋත්තරයක් සටහන් කර ගන්නා ලෙසට නිතිපතිවරයා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට දැනුම් දී ඇති බවයි.

 



අදහස් (2)

හිටපු නීතිපති ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට

බද්රානි Tuesday, 18 April 2023 08:02 PM

ඇත්ත කතාකරන පුද්ගලයින්ව විනාශ කිරීම තමයි මේ රටේ අමනයින්ගේ ස්වභාවය. සත්‍යය පවසන හඬ නිහඬ කිරීමට කොතරම් වෙර දරුවත්, සත්‍යයේ හඬ මේ භුමිය තුළ දෝංකාර දෙනවා. ප්‍රහාරයේ කුමන්ත්‍රණ කරුවන් සහ එහි මහමොලකරුවන් හා ප්‍රහාරය සිදුවෙන බව දැනදැනම එය වළක්වා නොගත් හා මොනයම් ආකාරයෙන් ඒ ප්‍රහාරයට සම්බන්ධ වූවන්ට හා ඔවුන්ගේ පරම්පරාවලට ඒ මළාවූ මිනිස් ආත්මවල, ලේවල ශාපය සසර පුරාවටම අත්වේවා!! එසේ නොවෙනවා නම් අපි අදහන අගම ධර්මයන් සියල්ල බොරු...

:       2       9

Bunny Preena Wednesday, 19 April 2023 03:34 PM

මෙපමණ කාලයක් ත්‍රස්ත විමර්ෂණ කොට්ඨාශය නිදාගෙනද දන්නේ නැහැ හිටියේ...?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 172 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 664 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1066 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site