IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


හිටපු දිසා විනිසුරුට විශ්‍රාම වැටුප් නෑ

අධිකරණ සේවයේ මහේස්ත්‍රාත්වරයකු ලෙස 1987 වසරේ සිට සේවය කළ ජී.ඩී.කුලතිලක මහතා තමාට 2005 වසරේ ජූනි මාසයේ සිට වැටුප් හෝ විශ්‍රාම වැටුප් නොගෙවා ඇතැයි කියමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යොමුකරමින් කියා සිටියි.

අතිරේක මහේස්ත්‍රාත්වරයකු ලෙසද, දිසා විනිසුරු, අතිරේක දිසා විනිසුරු යන නිලයන්හි රාජකාරී කර 2003 ජූනි මස 30 වැනිදා විශ්‍රාම ලබා ඇති කුලතිලක මහතාට විවිධ අසාධාරණකම් සිදුවී ඇතැයි එහි සඳහන්ය.

අධිකරණ සේවා නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වශයෙන්ද කටයුතු කර ඇති ඒ මහතා 1998-99 කාලයේදී විනිශ්චයකාරවරුන්ගේ ආයතනයට බරපතල අපරාධවලට සම්බන්ධ චූදිතයකු භාරකරු ලෙස පත්කිරීම හේතුවෙන් විවිධ තර්ජනයන්ට ලක්ව සිටි බවත් බන්ධනාගාර කොමසාරිස් තනතුරට ඉල්ලුම් කර සියලු සුදුසුකම් සපුරා සිටියද එය නොලැබුණු බවත් එවකට පිහිටුවන ලද පාරිභෝගික කටයුතු සභාවේ සභාපති තනතුරට පත්වීමක් ලැබුණු බවත් ඔහුගේ ලිපියේ සඳහන්ය.

එම තනතුරෙහි වසර 2ක් පමණ සේවය කරමින් සිටියදී ඉල්ලා අස්වන ලෙස වෙළඳ හා පාරිභෝගික කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයා ලිපියක් මගින් ඉල්ලා ඇති අතර කිසිදු වරදක් නොමැතිව ඉල්ලා අස්වීමත් එයින් ලැබිය යුතු විශ්‍රාම වැටුප නොලැබී යන හෙයින් ඒ බව පැහැදිලි කර විෂය භාර අමාත්‍යවරයාට ලිපියකින් දැනුම් දී ඇති බවත් ඔහු පවසයි. අධිකරණ සේවා කොමිෂන් සභාවෙන්ද විවිධ පළිගැනීම් සිදුවූ බවත් එවකට අග විනිසුරු සරත් නන්ද සිල්වා මේ සියල්ල පිටුපස පළිගැනීමේ චේතනාවෙන් කටයුතු කර ඇති බවත් ඔහුගේ ලිපියේ දක්වා ඇත.

මේ වන විට වසර 60 ක් සපුරා ඇති කුලතිලක මහතා විවිධ රෝග සඳහාත් තම දරුවන්ගේ වියදම් සඳහාත් විශාල මුදලක් වැය කරන්නට සිදුව ඇති බැවින් වසර 16 1/2 ක් අධිකරණ සේවයේ නඩුවලට සාධාරණය ඉටුකළ තමාට වසර 10 ක කාලයක් තිස්සේ විශ්‍රාම වැටුප ලබා දීමට කටයුතු සලසන ලෙසත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන්ව ඇති අයුරින් නීතියේ ආධිපත්‍ය හා අධිකරණයේ ස්වාධීනත්වය සුරැකීමට පියවර ගන්නා ලෙසත් කුලතිලක මහතා තම ලිපියෙන් අවධාරණය කර සිටියි. 



අදහස් (0)

හිටපු දිසා විනිසුරුට විශ්‍රාම වැටුප් නෑ

පිටබැද්දර ජයා Monday, 02 February 2015 08:25 AM

මෙන්න පේනවා නේද චින්තනයේ තරම ? හරි හෝ වැරදි කිව දේ නොකලා නම් පලිගැනීම මේ විදියට හෝ සුදු වැන් එකෙන් නොමිලේ සවාරියක් (නදී)

:       0       0

ඉන්දික Monday, 02 February 2015 10:02 AM

කෝ මේ යහපාලනයට කතා කරන අයගේ සද්ද (දිල්)

:       0       0

දුමින්ද Monday, 02 February 2015 10:13 AM

සමහර දේවල් පැටලිලි සහගතයි (නදී)

:       0       0

උපාලි Monday, 02 February 2015 10:32 AM

ඉන්දික, ඇත්ත නේන්නම්, මේ මහතාගෙන් පළිගත්ත බව කියන කාලයේ අපුරු "යහපාලනයක්" තිබුනනේ, නැද්ද මං කියන්නේ?(දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 131 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site