IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


හිටපු තවත් ලොක්කෙකුගේ අත්තටු කපයි

මාර්ග සංවර්ධන අධිකාරියේ හිටපු සභාපති  රංජිත් ප්‍රේමසිරි මහතාගේ  විදේශ ගමන් බලපත්‍රය තහනම් කරන්නැයි කඩුවෙල මහේස්ත්‍රාත් අද නියෝග කළේය.

කටුනායක අධිවේගී මාර්ගයේ පිටත පිවිසුම් මාර්ගය ඉදි කිරීමේදී කළැයි කියන මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ජාතික හෙළ උරුමයේ පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා  මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කළ පැමිණිල්ලක් අනුව මෙම නියෝගය කැරිණි.

 



අදහස් (0)

හිටපු තවත් ලොක්කෙකුගේ අත්තටු කපයි

දුමින්ද Wednesday, 08 April 2015 05:40 AM

අලුතින් කැබිනට් එකට ගත්ත අය පිරිසුදුද? (ස)

:       0       0

ඩික්මන් ගුණවර්ධන Wednesday, 08 April 2015 06:26 AM

රන්ජිත් ප්‍රේමසිරි මහතා උගත් වැදගත් මහත්මයෙක් ඔහු කිසි දිනෙක වංචාවක් නොකළ බවට ඔහු ගැන හොදින් දන්නා අපට විශ්වාසය. (ම)

:       0       0

දිනේෂ් Tuesday, 07 April 2015 11:56 PM

දින සීය ඉවර නැහැ.තව තියෙනවා.ඔහොම යමු! (නි)

:       0       0

ඇසළ Wednesday, 08 April 2015 12:35 AM

අර කෙනෙක් කියලා තියෙන්නේ දින 88 ට අවුරුදු 10 කටවත් කරන්න බැරි වැඩ කොටසක් කළා කියලා (නි)

:       0       0

සෑම් Wednesday, 08 April 2015 07:16 AM

ඔය ලොකු ලොකු ඉදිකිරීම් සමාගම් වල ලොකු මහත්වරුන්ගෙන් අහන්නකො ඔය ප්‍රේමසිරි මහත්තය ගැන. එතකොට ගොඩක් දේවල් දැනගන්ඩ පුළුවන්. (නදී)

:       0       0

සෙන්සා Wednesday, 08 April 2015 08:24 AM

මිනිසුන්ව විනාශ කරන එක හොද මදි. මෙතුමා සමිපතක්. මෝඩ දේශපාලකයින් යටතේ කටයුතු කරනකොට ඔවුන්ගේ හදිස්සිය හා නොයෙක් අවශ්‍යතා සදහා නිලධාරින්ටත් පෙනී සිටින්න වෙනවා. නමුත් ඔවුන්ගේ තියන දුර්ලභ දැණුම හැකියාව ඔය කාටවත් තියනවාද? රටට ආදරය කරනවා නම් රටෙි වටිනා සමිපත් ආරක්ෂා කරන්න. එහෙම නැත්නමි පිටරටින් ලොකු ගානක් දීලා ගෙන්නා ගන්නවෙයි. මෙලෝ දෙයක් නොදන්න ලංකා පරිපාලන සේවයේ නිලධාරින්ගේ පන්දම් ඇල්ලිල්ල නිසා තමයි රටටම හෙන ගහල තියෙන්නේ.(නදී)

:       0       0

ශාන්ත Wednesday, 08 April 2015 02:09 AM

හොරු අල්ලනකොට සමහරුන්ට මාර රිදිල්ලක්නේ රිදෙන්නේ (නි)

:       0       0

අනුර Wednesday, 08 April 2015 02:51 AM

නියම හොරු ඇතුළෙත් පිටත් ඉන්නවා (නි)

:       0       0

අනුර ඩුබායි Wednesday, 08 April 2015 02:53 AM

වහාම අනෙක් හොරුන්වත් අත්අඩංගුවට ගන්න (නි)

:       0       0

ගොඩගේ Wednesday, 08 April 2015 10:08 AM

සෑම් සෑම් කට කට කාටවත් ඇහෙයි (බ)

:       0       0

මිගමු කොල්ලා Wednesday, 08 April 2015 03:28 AM

ඔය කියන රන්ජිත් පේමසිරි මහත්තය බොහොම උගත් බුද්දිමත් වැදගත් පුද්ගලයෙක්. අනික් අයට නැති විශේෂ කළමණාකරන දක්ෂතා තියෙන කෙනෙක්. පරීක්ෂණ වලදී එතුමා අනිවාර්යෙන් නිදහස් වෙනවා. උගත්කමක් නැති මෝඩයෝ කරන පැමිණිලි විභාග නොකර ඔහොම තීරණවලට උසාවිය නොයා ඉන්නවනම් හොඳයි. එතුමාට මේවට මුහුණ දීමට ශක්තිය තියනවා !!! (ස)

:       0       0

මීගමුවගේ Friday, 10 April 2015 04:02 AM

මේ රටේ මාර්ග සම්බන්ධව ගතහොත් "රන්ජිත් ප්‍රේමසිරි" මහතාගේ දැනුමට කිට්ටුවෙන්න ඉන්නේ ලංකාවේ බොහොම සුළු පිරිසක් විතරයි. පදනමක් නැතුව අවලාද අපහාස නගන්න ඕන කෙනෙකුට පුළුවන්.සාධාරණ පරීක්ෂණයක් තියල වැරදිකාරයා කරන්න එතුමා ගෙදර ඉන්නවා ලංකාව දාලා ගියේ නෑ (බ)

:       0       0

නිරෝෂ Wednesday, 08 April 2015 03:35 AM

දින 100 තුළ කළ නොකළ දේ සොයනවාට වඩා එය සාර්ථක කරගන්න අවංකව සහය දෙන නොදෙන අය ගැන ජනතාව අවදියෙන් සිටිය යුතුයි. මේ රටේ මොන වැඩ සටහනද බාධාවකින් තොරව කරගෙන ගියේ. කාටවත් යුද ජයග්‍රහණ තුළින් හෝ සංවර්ධන වැඩසටහන් වලට මුවාවෙලා රටේ මුදල් සූරාකන්න, නීතිය අවනීතිය කරන්න ඉඩදෙන එක හරිද? ඒ අතින් දින 100 තුළ මේවට එරෙහිව ආයතනික වටපිටාවක් ගොඩ නැගෙමින් පවතිනවා.එය අගය කළයුතුයි. එසේ නොවුණහොත් සූරාකෑමට ලක්වෙන්නේ අතළොස්සක් වූ ඇති හැකි පාලක පන්තිය නොව නැති බැරි බහුතරක් වූ මේ රට දහඩියෙන් කඳුලින් ගොඩනැ‍ඟෙන දුප්පත් මිනිස්සු. (නි)

:       0       0

අභය Wednesday, 08 April 2015 03:42 AM

ඕවා ගණන් ගන්න එපා (නි)

:       0       0

ටී .මහේන්ද්‍ර Wednesday, 08 April 2015 03:46 AM

ඕහ්, එ්කත් ඇත්ත උගත් මිනිස්සු වැරදි කරන විට හොඳට කල්පනා කරලා කරන්නේ. මෙතරම් අපරාද රටේ වෙලා තිබියදීත් තේරුම් නොගෙන ඉදීම අපේ අවසනාවන්තකමයි (නදී)

:       0       0

රූටෙක්ස් Wednesday, 08 April 2015 03:50 AM

මෙතන ඉන්න බාගෙට බාගයක් මහින්දට කඩේ යන එකනේ කරන්නේ. රන්ජිත් ගේ වැඩ ගැන මාර්ග සංවර්ධන අධිකාරියේ කෙනෙකුගෙන් අහල බලන්න ,හොරු අල්ලනකොට කැක්කුම එන්නේ උන්ගේම එවුන්ටම කියනවනේ. (ස)

:       0       0

නුවන් Wednesday, 08 April 2015 03:51 AM

හොරු අල්ලනකොට සමහරුන්ට මාර රිදිල්ලක්නේ රිදෙන්නේ. (ස)

:       0       0

ඉසුරන්දි Wednesday, 08 April 2015 03:54 AM

අත්තටු කැපුවට වැඩක් වෙයිද? නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ වගේනේ වැඩ සිද්ධ වෙන්නේ. මෙවැනි දෑ තුලින් රටට ප්‍රශ්නාර්ථයක් ඇතිවෙනවා මිසක ලැබිය යුතු පිළිතුරක් දක්නට නැහැනේ. (ස)

:       0       0

ගමගේ Wednesday, 08 April 2015 04:11 AM

උගත් බුද්ධිමත් මහත්තුරුන්ගේ වැඩ ගැන මීගමු කොල්ලා දන්නේ නැතුව ඇති. (නදී)

:       0       0

ගමගේ Wednesday, 08 April 2015 04:18 AM

මීගමු කොල්ලා හොඳ උත්තරයක්නේ දීලා තියෙන්නේ. (නි)

:       0       0

රුචී Tuesday, 07 April 2015 05:03 PM

දින 100 ය ඉවරයි. කරපු දෙයක් නැහැ. (ර)

:       0       0

නිශාර්ඩ් ප්‍රීනා Wednesday, 08 April 2015 04:41 AM

නිරෝෂා, මම ඔබගේ අදහස් සමග එකඟයි. හැම දෙයකටම ක්‍රම වේදයක් තියෙනවයි කියන එක අපි හැමෝම පිළිගත යුතු සත්‍යයක්. (නදී)

:       0       0

සහන් Wednesday, 08 April 2015 02:16 PM

වරදක් කලාද නැද්ද කියලා එකපාරට කියන්න බැහැනේ ඒකට වෙලාවක් යනවා (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 757 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 570 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 457 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site