මාර්ග සංවර්ධන අධිකාරියේ හිටපු සභාපති  රංජිත් ප්‍රේමසිරි මහතාගේ  විදේශ ගමන් බලපත්‍රය තහනම් කරන්නැයි කඩුවෙල මහේස්ත්‍රාත් අද නියෝග කළේය.

කටුනායක අධිවේගී මාර්ගයේ පිටත පිවිසුම් මාර්ගය ඉදි කිරීමේදී කළැයි කියන මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ජාතික හෙළ උරුමයේ පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා  මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කළ පැමිණිල්ලක් අනුව මෙම නියෝගය කැරිණි.