රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් 2012 දී ඝාතනය කිරීමේ නඩුවේ සැකකරුවන් වන හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක හා නාරාහේන්පිට පොලිසියේ අරාධ අංශයේ ස්ථානාධිපතිවරයෙකු වූ සුමිත් පෙරේරා ජූනි 9 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා අද (26) නියෝග කළේය.
සැක කරුවන් අධිකරණයට ඉදිරිපත් කළ රහස් පොලිසිය හා පැමිණිල්ලේ නීතීඥවරුන් පැවසූයේ දුරකතන වාර්තා ලබා ගැනීමේ දී මොබිටෙල් ආයතනය ප්‍රමාණවත් සහයෝගයක් ලබා නොදෙන බවයි.
මහේස්ත්‍රාත් වරයා එම ආයතනයට නියොග කළේ කඩිනමින් ඒ තොරතුරු රහස් පොලිසියට ලබා දෙන ලෙසයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාගේ කිරිල්ලිට මොකද මේ වුණේ? (නි)
ඔක්කොටම මාංචු දාලා දාලා දැන් දැන් ඔවුන් ඔවුන්ටත් මාංචු...... (නි)
සුමිත්‍ර, මෙතන තියෙන්නේ මිනීමැරුමක් වසන් කරලා එය රිය අනතුරකින් වුණා කියලා යටගහපු එකනේ. මොළය පාවිච්චි කරන්න. (නි)
සුමිත්‍රා, ඔයා ලියන වාරයක් පාසා තේරෙනවා ඔයා ඉන්නෙ මොන පිලේද කියලා (නි)
මෙතුමාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඔහොම කරන එක හොඳයි. නැත්නම් කුපිතවුණ විත්තිය ගැනත් අපිට විශ්වාසයක් නැහැ (නි)
මේක හොඳ පාඩමක් නීතිවිරෝධි අණ පිළිපදින හැමෝටම. (නි)
අනුර සේනානායක කියන්නේ හොඳ නීතිගරුක නිලධාරියෙක්. මම දන්නවා එයා ගැන. එයා හොඳ අවංක නිලධාරියෙක්. විශ්වාස කරන්න අමාරුයි මේවා. ඔබට දෙවි පිහිටයි සර්! (නි)
වරදක් කර කිසිදා සැඟවී සිටිය නොහැක (නි)
රටේ වැරදි කරපු උදවිය කොයිතරම් ඉන්නවද? ඔවුන්ට කිසිම තර්ජනයක් නැහැ. (නි)
අනේ මන්ද මෙතුමා පොලිස්පතිතුමාටත් ඉහළින් හිටියේ පහුගිය කාලේ ඊට කලින් හිටපු පොලිස්පතිතුමාටත් ගෙදර යන්න වුනේ මෙතුමාගේ වැඩ නිසායි කටුනායක කලාපේ වෙඩි තැබීමේ සිදුවීම එහෙම (බ)
අනේ ඉතින් ටයි කෝට් දාගෙන හිටියත් දෑතට මාංචු දාලනේ...ඔන්න ඕක තමයි දැන දැන වැරදි කිරීමේ හා වැරදි කිරීමට උදව් කිරීමේ විපාක. (බ)
කරන කලට පවු මිහිරිය මි සේ... (නි)
ශ්රී ලංකා පොලිසිය බොහෝවිට කළේ ඇත්ත හැංඟූ එකනේ. (නි)
සත්‍යය කවදා හෝ හෙළිවේවි (නි)
වරුණ, ඒ කාලේ මිනීමරපු කිසිම නිලධාරියෙකුට හොඳක් මිසක් වරදක් සිද්ධවුණේ නැහැ. (නි)
නිවැරදිම මිනීමරුවා හොයලා එල්ලුම් ගස් යැවීමයි කළ යුතුවෙන්නේ (නි)
මිනීමැරුමක් නම් සෙවිය යුතුයි.එත් ප්‍රසිද්ධ අයගේ දරුවෝ, බිරින්දෑවරු සහ දෙමව්පියෝ විතරද දුක කදුළ හදුනන්නේ.අහිංසක මිනිස්සු මරාදාල යහතින් සුවසේ වෙසෙන මිනීමරුවෝ ඇස්දෙකට පෙනී පෙනී ලස්සනට ජීවත් වෙනවා. ඇයි මේවත් අවුස්සලා හොයන්නේ නැත්තේ.තාජුදීන් විතරද ලංකාවේ මරල හොයාගන්න බැරුව ඉන්න එකම එක්කෙනා.නීතිය කාටත් පොදු විය යුතුයි.මේවා දේශපාලන පලිගැනීම්....(හේ)
මිනීමරන්න අණදෙන, ඒවා ක්‍රියාත්මක කරන මිනිස්සු එක්ක එක ළඟින් ඉන්නත් අපිට නම් අප්‍රියයි. සුමිත්‍රා, ඔයාට කොහොමද හිතෙන්නේ? (නි)
මේ අපරාධයට සම්බන්ධ අනෙක් අයට දැන් මොනවා හිතෙනවා ඇද්ද? (නි)
අර ඕනෑමදේකට කළු කෝට් එක ගහගෙන මාධ්‍යය තුළින් දකින එන යන කෙනාට බැරිද මෙහා වෙනුවෙන්වත් අඩුම තරමේ යමක් ප්‍රකාශ කරන්න? (නි)
මේ වරද කරන්න එදා උදවු නොකළා නම් මෙයාලට වෙනදේත් බලන්න තිබුනා. මේ මිනිස්සු ගිරේට අහුවුණ පුවක් ගෙඩිය වගේ හිටියේ. කරලත් බැහැ, නොකරත් බැහැ. (නි)
මෙදාපාර දඟලලා ඔප්පු කරන්න බැරිවුණොත් මොකද වෙන්නේ කියලා බලමු (නි)
මට දේශපාලනයක් අැවැසි නැත. මගේ අදහස ගැන විවේචනය කරන අය තව කොතෙක් නම් මෙවැනි අපරාධ යටගසා ඇද්දැයි සොයන්න. මම හරියටම දන්නා නිසා ලියනවා මිස දේශපාලුවන් වෙනුවෙන් කඩේ යනවා යැයි නොසිතන්න. (නි)
මගේ කිරිල්ලි ගියා ඉගිල්ලී... (නි)
අනේ නන්ද, ඔයා නඩුකාරයද? ඔයා තීන්දුවත් දීලා ඉවරයි. බලන්න කවදාහරි මේ නඩුව අහනකොට මොකද වෙන්නේ කියලා. (නි)
තව අවුරුදු 4 ක් යනකොට මෙහෙම වේවි කියල හිතුනද? (බ)
සී .ඩී අලෙවි කරලා ගත්ත සල්ලි මදිවෙයි අනික් කළුකෝට් කාරයන්ට අතේ පැලවෙන බොරු කෙප්ප දෙසාබාන්න අය්යෝ සල්ලි?...(බ)
අනුර සේනානායක කියන්නේ කොහොම කෙනෙක්ද කියලා අපි දන්නවා (නි)
නන්ද; දැන දැන වැරදි කරලා නොවෙයි, මෙයාලා ජීවිතයට භයේ බලපෑම් මත වැරදි කරලා. (හේ)
කලිනුත් බැරිසිල් කෙනෙක් ටෙලි නාට්‍යක රඟ දැක්වුවා වාගේ , මෙයාලත් ඇඳෙන් බහින්නත් බැරි තරමේ බරපතල රෝගාතුර තත්වයකට පත් වෙලා, මර්චන්ට් වාට්ටුවේ ඉන්දලා ගිලන් රථයකින් උසාවියේ දොරකඩට විතරක් යන්න එන්නත් , ඊට ගැලපෙන වෛද්‍ය වාර්තා උසාවියට ඉදිරිපත් කරන්නත් තිරරචනයක් සැකසෙනවා ද කියල කවුරුත් විමසිල්ලෙන් ඉන්නේ. එවැන්නක් වුනොත් පුදුමයකුත් නොවේ. මොකද , ප්‍රභූ පන්තියේ අය ඇසුරේ සිටියවුන් නේ . (අ)
මොබිටෙල් ආයතනය රජයට උවමනා විදියට සේවයක් නොදෙන්නේනම් එම ආයතනයට සීල් තබන්න නැවත මෙවැනි ආයතන. ආරම්භ නොකිරීමට මෙම මිනීමැරුමට ප්‍රභූ අය සම්බන්ධ නිසා ඉහත ආයතනයට මැර තර්ජන කරනවා ඇති (බ)
සුමිත්‍ර අක්කේ මේවා කොහොමද දේශපාලන පළිගැනීම් වෙන්නේ. ඔව් ඉතින් අනිත් ඒවා ගැනත් හොයන්න වෙනවා. මේ දැන් අල්ලාගෙන ඉන්න කට්ටිය දේශ පාලුවෝ පස්සේ ගිය කට්ටිය නේ (බ)
මේ ලොක්ක මගේ පරණ නිලධාරියෙක් රත්තරන් හොරකමක් ගැන සොයා බලපු නිසා එයාව බොරු නඩුවකට පැටලුව (බ)