ජාතික ආරක්ෂාව හා ප්‍රභූ ආරක්ෂාව සම්බන්ධයෙන් කැප වු නිලධාරියකු වු විශේෂ කාර්ය බළකායේ හිටපු අණදෙන නිලධාරි, නියෝජ්‍ය පොලිස්පති කේ.එල්.එම්.සරත්චන්ද්‍ර සම්බන්ධයෙන් පොලිසිය ක්‍රියා කළ ආකාරය අනුමත කළ නොහැකි, නොහොබිනා කටයුත්තක් යැයි ජාතික හෙළ උරුමය නිවේදනයකින් කියයි.
යුද ජයග්‍රහණයට මුවා වී දේශප්‍රේමීන් ලෙස පෙනී සිටිමින්,කෝටි ප්‍රකෝටි ගණන් ජාතික ධනය සොරකම් කළ දුෂිත දේශපාලනඥයන් නිදැල්ලේ සිටිමින් මාධ්‍ය ඉදිරියේ බඩපිලුම් ගසද්දී මේ නිලධාරියා සම්බන්ධයෙන් පොලිසිය අනුගමනය කළ ක්‍රියා පටිපාටිය රටේ මැදහත් ජනතාව අනුමත නොකරන බව ද නිවේදනයේ දැක්වේ.
ජාතික හෙළ උරුමයේ මාධ්‍ය ලේකම් නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා මෙසේ කියයි.
පොලිස් විශේෂ කාර්ය බළකායට අයත් ජිප් රථයක් විශ්‍රාම ගැනීමෙන් පසු භාවිතයට ගැනීමෙන් රුපියල් 140,000 කට ආසන්න මුදලක් අවභාවිතා කළැයි සරත්චන්ද්‍ර මහතා විශේෂ කාර්ය බළකායේ හිටපු සුවිශේෂි දක්ෂ නිලධාරියෙකි. ඔහු ජාතික ආරක්ෂාව හා ප්‍රභූ ආරක්ෂාව සම්බන්ධයෙන් සුවිශේෂි මෙහෙවරක් ඉටුකළ අයකි.
යුද ජයග්‍රහණය මුවා වී ජාති ප්‍රේමීන් දේශප්‍රේමීන් ලෙස පෙනී සිටිමින් කෝටි ප්‍රකෝටි ගණන් ජාතික ධනය හොරකම් කළ හා කොල්ලෑ දුෂිත දේශපාලඥයින් නිදැල්ලේ සිටිමින් මාධ්‍ය ඉදිරියේ බඩපිලුම් ගසද්දී මෙවැනි සුළු සිද්ධියකට එම නිලධාරියාට එරෙහිව පොලිසිය ක්‍රියා කිරිම මැදහත් ජනතාව අනුමත කරන්නේ නැත.
දුෂණ සම්බන්ධයෙන් නිතිය ක්‍රියාත්මක කරන ආකාරය පුදුමය දනවයි. ඔහු නීතිය මකුළු දැළකට සමාන කර ඇත. මැස්සන් එහි පැටලේ. උකුස්සන්ට පියාඹා යන්නට බාධාවක් නැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිදාගෙන ඉන්න බලධාරීන් මේක පත්තරෙන් දැකලා මොනවාහරි දෙයක් කරයි (නි)
කිසියම් නීතිවිරෝධී ක්‍රියාවක් සිදුකළ කොයියම් තරාතිරමක පුද්ගලයෙකු වුවද ඔහු කළ රාජකාරිය එම වරද කිරීමට නිකුත් කරන සහතිකයක්ද? එහෙමනම් හිරේ විලංගුවේ ඉන්න අනෙකුත් පුද්ගලයන්ගෙනුත් කිනම් හෝ සේවයක් රටට සමාජයට සිද්ධ වී ඇති. එහෙම උපකල්පනය කර ඔවුන්ටත් කර තිබෙන්නේ අසාධාරණයක් කියා නිදහස් කර හැරියොත් රටේ නීතිය කොයිබටද? (නි)
මෙතන අදහස් දමන සමහරුන්ට බැංකු මංකොල්ලකාපු අය මතක් වෙන්නේ නැද්ද? (නි)
අපි මේ සියල්ල දෙස උපේක්ෂාවෙන් බලාසිටිමු (නි)
කෝටි ප්‍රකෝටි ගණන් ජාතික ධනය හොරකම් කළ හා කොල්ලකෑ දුෂිතයනුත් සුවිශේෂි නම් මෙතුමා කුමක් කියන්නේද? සුළු වැරදි වලට වගේම විශාල වැරදි වලටත් නීතිය ක්‍රියාත්මක වියයුතු බව කිවුවා නම් වඩා සුදුසු නොවන්නේද? සුවිශේෂි පුද්ගලයන් තමන්ගේ සුවිශේෂිභාවය රැකගැනීම ඔවුන්ගේ වගකීමකි. (නි)
යහපාලනය සහ පෙර පැවැති පාලනය යන දෙගොල්ලොම කරන්නේ සාධාරණය ඉටුකරන මුවාවෙන් පළිගැනීම්ය (නි)
සරණපාල, එතකොට අර්ජුන් මහේන්ද්‍රන්ලාත් යනකොට මහජනයාගේ බදු දීලා ගියද? ඒක වෙන්න ඇති තාමත් නිදැල්ලේ... (නි)
නුඹ සහ මම නිදහසේ හුස්ම ගන්නේ සරත්චන්ද්‍ර වගේ අයගේ ජීවිත කැපකර කළ සේවය නිසා බව අමතක කරන්න එපා... (නි)
යුරෝපා හවුල, ඇමරිකන් හා ඉන්දියන් රාජ්‍ය මැදිහත්වීම මත ඩයස්පෝරා ඩොලර් වලට ගිජු වී රට අවුලක හෙලූ සමහරුන් අනාගත ඉතිහාසයේ දේශද්‍රෝහීන් ලෙස නම් කෙරෙනු ඇත. (නි)
මා දන්නා තරමින් නම් මෙවැනි උසස් නිලධාරින් විශ්‍රාම ගිය පසු රජයේ නොයෙක් රාජකාරි පවරනවා. කමිටු, කොමිසන් ආදී වැඩ බොහොමයි. ඉතින් එවැනි අවස්ථා වල තමන්ට දී තිබුනු වරප්‍රසාද එම සේවය නිමවනතෙක් දිගටම ලබාදෙනවා. සරච්චන්ද්‍ර මහතාම මෙය රටට පැහැදිලි කළයුතුයි (නි)
දැන් යන විදියට ඔහොම ගියොත් මොනවා වෙයිද දන්නෙ නැහැ ඉදිරියට (නි)
හිටපු මැති ඇමතිවරු වාහන තවම නොදුන් නිසා ඔක්කොටම නඩු දාලා හිරේ නිසා මෙයාට විතරක් සහනයක් දෙන්න හොඳ නැහැ. (නි)
රජය හැමදේම හරි පිළිවෙලට කරන්නෙ. ඒක ඔයාලට තේරෙන්නෙ නැද්ද? මුලින්ම අල්ලන්නෙ සුළුම වැරදි කරපු අය. ටික ටික ලොකු ලොකු අයට මාරු වෙනවා. මහබැංකුව වගේ ලොකු වැරදි කරපු අය අල්ලන්නෙ අන්තිමට. ඒකට ගොඩක් කල් යනවා. ඒ කියන්නෙ යන විදියට නම් අවුරුදු 20ක් 25ක්වත් යයි. ඔයාලා කලබල නොකර ඉන්නකෝ. (නි)
ගොඩක් දෙනෙකුට මුල අමතක වෙලා වගේ (නි)
නිතිය කාටත් පොදු දෙයක්. මොන පිස්සුද? කොටි ත්‍රස්තයන්ට එය අදාළ නැහැ (නි)
හිරේ දානවා නම් මුලින්ම දේශපාලන හොරු ටික දාන්න, රටට වැඩක් කරපු මිනිසුන්ව නැතුව. (නි)
මේ වගේ වැඩ කරලා ලකුණු දාගන්න ගොඩක් උදවිය හරිම දක්ෂයි. මේ චෝදනාවේ විදියට රුපියල් 140,000.00 ක් පාඩුකළා නම්, රජයේ සේවය කරපු ලොක්කන්ගෙන් 90% ක් පැන්ෂන් ගියාට හිරේට නියම වෙන්න ඕනෑ. දේශපාලකයෝ 99% ක් ම හිරේට යන්න ඕනෑ. මේවා සහගහන අපරාධ. චෝදනාවට සාපේක්ෂව ඔහු කරපු සේවයත් බලන්න ඕනෑ. (නි)
අනේ අපි නම් මේවට මොකුත්ම කියන්නෙ නැහැ (නි)
වරදක් සිදුවුවානම් එවන් පුද්ගලයෙක්ගෙන් රුපියල් 140000 ක් කොටස් වශයෙන් විශ්‍රාමික වැටුපෙන් කපාගන්නට තීන්දුවක් දී වරදට දඬුවමක් ලෙසද අනෙකුත් රජයේ නිලධාරීන්ට පාඩමක් ලෙසටද ක්‍රියාකළා නම් අප කොතරම් සතුටුවනවාද? (නි)
මේ වගේ රටට වැඩ කරපු අය බස් එකේ ගියොත් ඔහුගේ ජීවිත ආරක්ෂාවට මොකද වෙන්නේ? විශ්‍රාම ගිය මෙවැනි විශේෂ නිලධාරීන්ට ආරක්ෂාව දීම රටේ යුතුකමක් නේද? (නි)
ගරු ජනාධිපතිතුමනි, මෙවැනි දේ ඔබගේ අවදානයට යොමුවේවා! (නි)
එතකොට අර සරත් ෆොන්සේකා අල්ලාගෙන ගිය විදිය? (නි)
ඔහුට ක්‍රියාත්මක වූ ආකාරය වැරදියි තමයි (නි)
හොරු නම් කවුරුත් හොරු (හේ)
වැරද්දක් කරලා තියෙනවනම් තරාතිරම නොබලා දඩුවම් දිය යුතු වේ ...(හේ)
නිතිය කාටත් පොදු දෙයක්.(හේ)
නීතිය ක්‍රියාත්මක කරන්න ඉඩ දෙන්න.(හේ)
තම තමන් හරියට නීතියට වැඩ කලානම් ඔය ප්‍රශ්න නැහැනේ . මෙතැන් ප්‍රශ්නේ තියෙන්නේ කල පුද්ගලයාගේ තරාතිරම අනුව නීතිය වෙනස් කරන්න යන එක අනුවයි. මෙයින් සමස්ත නීති පද්දතියම විනාශවෙනවා. දැන් ආරක්ෂක ඇදුමකුත් සිවුරකුත් දාගෙන නීති කඩන අයටයි සාමාන්‍ය ජනතාවටයි වෙනම නීති හදන්න වෙන්නේ (හේ)
මේ කරපු දේ වැරැදියි.(හේ)
අරුම පුදුම රටක් මේක පට්ට හොරු එළියේ (අලුත් සහ පරණ) ජාතියට සේවෙයක් කරපු අය අත්අඩංගුවට වරදක් කළානම් ලොකුද පොඩිද නැහැ ඒ් වුනාට මේ වැඩේ හරි නෑ.(හේ)
නමුත් විශ්‍රාම යනකොට මහජනයාගේ බඩු දීල යන්න ඕනෑ (ම)