ශ්‍රීලනිපයේ මෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ද අගමැති අපේක්ෂකයා ලෙස හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා නම් නොකිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග කියයි.
හිටපු ජනපතිට නාමයෝජනා ලබා නොදෙන බව ජනපති සිරිසේන ස්ථිරවම ප්‍රකාශ කළ බව ද ජනපතිගේ සමීපතමයෙක් ප්‍රකාශ කළේය.
අද මැදමුලනේ දී හිටපු ජනපති කළ ප්‍රකාශයේ දී ද තමා ඡන්දයට ඉදිරිපත් වන්නේ සන්ධානයෙන් බව නොකියැවිණි.
සන්ධාන මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා ද එහි නොගියේය.
හිටපු ජනපතිට සන්ධානයෙන් නාමයෝජනා නොදෙන්නැයි සිවිල් සංවිධාන ද, ජාතික හෙළ උරුමය ඇතුළු පක්ෂ කිහිපයක් ද, ශ්‍රීලකිපයේ පිරිසක් ද ජනපති සිරිසේනගෙන් ඉල්ලීමක් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්තිම වතාවටත් උස්සහ කරනවා මිනිස්සු ගොනාට අන්දන්න. අපිට කියන්න තියෙන්නේ ඔය ගමන 17 වෙනිදට ඉවර කරන්න. (නදී)
නිශාන්ත සොරි වෙන්නේ මෛත්‍රීට තමයි. (නදී)
සත්‍ය,ඔයාලට අද කෑගහන්නත් නිදහස තියෙන්නෙ මහින්දට පින්සිද්ධ වෙන්න (නි)
දුක් වෙන්න එපා.මොන පක්ෂයෙන් ආවත් මහින්ද මහත්තයාට ජයගත හැකියි.(හේ)
අප රටේ ජනාධිපතිතුමා වගේම, රටේ ජනතාවත් බුද්ධිමත් නිවැරදි තීරණයක් ගතයුතුයි. දූෂිත පාලකයන්ට කිසිදා සමාවක් නොදිය යුතුයි (නි)
සන්ධානයේ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා මිසක් මෙෙත්‍රී මහතා නෙමෙයිනේ. නාමයෝජනා දෙන්නෙ සංධාන ව්‍යවස්ථාව අනුව පූර්ණ බලය තිබෙන්නේ සංධාන ලේකම්ට. (නි)
ඒක හොඳයි එතුමාට වෙනම තරඟ කරල පාර්ලිමේන්තු බහුතර බලය ගන්න පුළුවන්.(නදී)
ඔබ ගන්න එඩිතර තීරණයට අපේ ආචාරය, සිරිසේන මැතිතුමනි (නදී)
අයියෝ මේ මොකද වෙන්නේ ? (නදී)
මහින්ද මැතිඳුනි, කොහෙන් ආවත් ඔබට ජය නියතයි (නි)
අතවත් සන්ධානයවත් මත මහින්ද යැපෙන්නේ නැහැ..නමුත් අතටත් සන්ධානයටත් යැපෙන්න මහින්ද මහත්තය අත්‍යාවශ්‍යයි.(නදී)
ලජ්ජා නැතිකම ජනපතිකමටත් ඉහළයි.(නදී)
ජනාධිපති වෙලා සිටි කෙනෙක් නැවත මොකටද පහළ ශ්‍රේණියකට යන්න හදන්නේ? ඇයි මේ මිනිසුන්ට බලය නැතුව ඉන්න බැරි? ඔහු නම්බුකාර ලෙස දෙවැනි වර ඉවත්වුණා නම් අද අපේ රටේ නිලනොලත් රජෙක් වගේ ඉන්න තිබුනා. මොන දුෂණ හොරකම් කළත් අපේ මිනිස්සු සමාව දීලා ඔහුට සළකන්න ඉඩ තිබුණා. එහෙත් බල ලෝභය නිසා විනාශ වුණා.යමක් දෙන්න ඕනෑ ඒ දේ අතහරින්න සුදුසු පුද්ගලයෙකුට මිස ඒ දේ බදාගන්න කෙනෙකුට නෙමෙයි. විශේෂයෙන් පොදු දෙයක් (නි)
අද මහින්දව ඉස්සර කරගෙන එන්න හදන්නේ විමල් දිනේෂ් වාසු වගේ තනියෙන් මන්ත්‍රී කමක් තියා අඩු ගානේ ඡන්ද 1000 වත් ගන්න බැරි උදවියයි. විමල්ට ඇමති කමේ රහ වැටිලා තියෙන නිසා මහින්දව ඉස්සර කරගෙන එන්න හදන්නේ. ඒක තේරුම් ගන්න බැරි තරම් ලංකාවේ මිනිස්සු මෝඩද කියල මට හිතා ගන්න අමාරුයි.(නදී)
සහන්, මොකද මේ කේන්ති ගිහින්? ඇයි මහින්ද මහත්තයට ඔච්චර බය? ජනවාරි 8 වෙනිදා ජනමතය සැබෑ ජනමතයක් නම් ඒක අපිට ඔප්පු කරලා පෙන්වන්න අගෝස්තු 17 වෙනිදාට.ශ්‍රී ලංකා එකවත් සන්ධානයවත් මෛත්‍රී මහත්තයාගේ බුදලයක් නෙමෙයි.පාක්ෂිකයින්ගේ මතයට බහුතර මතයට ඔහු හිස නමන්න ඕනෑ.බලා ඉන්න මොකද වෙන්නේ කියලා. (නි)
මහින්ද වෙනම ඉල්ලුවොත් යන එන මන් නැති වෙනවා. එ්කයි සන්දානයෙන් එන්න මෙච්චර පොරකන්නේ (නදී)
මිනිසුනේ, රට ගැන හිතන්න! (නි)
දේශපාලනය කිරීමට ඇති එකම සුදුසුකම ලැජ්ජා නැතිකමයි (නි)
මහින්ද එක්ක නැගිටින්න ඕනෑවෙලා තියෙන්නෙ මහින්ද එක්ක හිටපු අයට මිසක් රටට ආදරය කරන අයට නෙමෙයි. (නි)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දෙවන පෙළ නායකත්වයක් ගොඩ නැගීමට ඉඩ නොදෙමින් මහින්ද ගෙනගිය එ්කාදිපති අාදිපත්‍ය මේ වනවිට හොදින්ම පෙනෙනවා. එ්කනේ මහින්ද නැති ශ්‍රී.ල,නි.ප. යක් නෑ කියල බහුතරය කියන සුළුතරය කියන්නේ. හොදට බලන්න, එක පරිනත ඇමතිවරයෙක් මහින්ද ලග ඉන්නවද කියලා.(ශ්‍රී.ල.නි.,ප). ඔක්කොම ඉන්නේ පාර්ලිමේන්තුවේ වසර 10ක් වත් අත්දැකීම් නැති අය. මම දැක්ක ඊයේ සමහරු හිටපු අැමතිවරු මහින්ද බලන්න අාවේ හමර් වර්ගයේ ජීප් රථයකින්. මෝඩ මිනිස්සුනේ කලපනා කරලා බලපල්ලා ඇමති වැටුපකින් හමර් ගන්න පුලුවන්ද කියලා.(නදී)
මහින්දට දිනන්න සන්ධානය අවශ්‍ය නොවුණත්,සන්ධානයට දිනන්න නම් මහින්දව ඕනෑ වෙයි (නි)
ලංකාවට ඕනෑ මහින්ද වගේ රටට ආදරය කරන කොන්දක් තියෙන නායකයෙක්. මහින්දට නිසැක ජය! (නි)
ඔබතුමා වටා ලක්ෂ 58ක් ඉන්නවා කියලා විශ්වාස නම් ඇයි මෙච්චර බය? (නි)
ලැජ්ජා නැතිකම අගමැතිකමටත් වඩා ලොකුයිලුනේ . . (ම)
මහින්දට සන්ධානය ඕන නැත්නම් මොකද එකේම එල්ලෙන්න හදන්නේ? ඔය ලොකු කතා කියන අයට එකට කෙලින් උත්තර නෑ. (අ)
චන්ද්‍රිකාට මෛත්‍රීට අවශ්‍ය එක්සත් ජාතික පක්ෂයට බලය අරන් දෙන්න.(ම)
ජයග්‍රහණය කාටද කියා අවසානයේදී බලමු.(හේ)
ඕනෙම දේකට සීමාවක් තියෙනවා වගේ මෝඩ කමටත් සීමාවක් තියෙන්න ඕනේ. මෙතන අදහස් ලියන සමහර දෙනෙක් හිතන්නේ මහින්ද රාජපක්ෂ කියන්නේ යුග පුරුෂයෙක් නැතහොත් ජාතියේ පිනට පහල වුන භාග්‍යවන්තයෙක් කියල. ඔහුගේ පාලන කාලයේ මුළු ලංකාවම වෙලාගත් විෂමාචාර වලට පාදකවුයේ ඔහු හා ඔහුගේ පවුලේ අය තුල තිබු දැඩි සමාජ විරෝධී ආකල්ප නිසා බවත් තේරුම් ගැනීමට අපහසු වල්මත්වූ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් තවම රටේ සිටිනවා කියන්නේ සතුටු විය හැකි කරුණක් නොව අනාගතය පිලිබඳ භිය එළවන කරුණක්. සැවොම මෙය සිත්හි ධාරණය කර ගනිත්වා! (අ)
මහින්ද ජනාධිපතිතුමන්ට පක්ෂ නැතිව ස්වාධිනව ඉල්ලුවත් ඔය හැමෝටම වඩා ජන ප්‍රසාදයක් ඇති පුද්ගලයක් ඔහු තනි කිරිමට කිසිම බලවෙිගයකට බෑ(හේ)
මහින්ද බයේ ඉන්නේ (නි)
ඔය කවුරු දිනුවත් අවසානයේ මහජනයා පැරදිලා. ඒක කවදාවත් වෙනස් කරන්න බෑ 1948 ඉදලා අද වෙනකම් වුනේ මොනවද කැමති නම් හිතලා බලන්න. බලය ඕනේ ඇයි රටට ජාතියට සේවයක් කරන්නද නැතිනම් තම තමන්ගේ මඩි තද කර ගන්නද ?බලය නැතුව බැරිද රටට ජාතියට සේවයක් කරන්න..හොදටම පුලුවන්(අර කියමනක් තියෙන්නේ හිත ඇත්නම් පත කුඞාද කියලා (හේ)
මෙතුමාට සන්ධානේ විතරක් නෙවෙයි මේ පාර අර වාසුදේව මහත්තයා කියපු දේත් නැතිවෙනවා.(හේ)
මට නම් ඇත්තටම මහින්ද මහත්තයා ගැන ලජ්ජයි. මොකද ජනාධිපති වෙලා ඉඳලා අගමැති වෙන එකට. (හේ)
මහින්ද මහත්තයා එජනීස නැතිව තරග කොලොත් සොරිම තමයි (ම)
මහින්ද මැතිතුමාට ජය වේවා (ම)