හිටපු ජනාධිපති සහ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාගේ ජපන් සංචාරය පෞද්ගලික සංචාරයක් බවත්, ඒ මහතාට ජපන් රජයෙන් නිල අරාධනයක් කර නැති බවත් ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කාර්යාලය කියයි.
මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයා ජපානයේ නිල සංචාරයක නිරත වූ බවට පළවන මාධ්‍ය වාර්තා ගැන පැහැදිලි කිරීමක් ලෙස තානාපති කාර්යාලය මේ බව පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතුමා සැබෑ ලෙසම කිසියම් ප්‍රශ්නයකින් පීඩා විඳිනවා විය හැකියි... නො එසේනම් මෙවැනි ප්‍රචාර මාධ්‍යයන්ට ප්‍රකාශ නොකරනු ඇත.
පුත්‍රයයි, මස්සිනා වෙන්න ඉන්න කෙනයි සමඟ යන්නේ පන්සලකට.... ඒකත් එහෙන් ආරාධනාවක් ගෙන්නගෙන වෙන්නැති...!!!
රනිල් මහත්තයා ගිහින් ආව නිසා හිතන්න ඇති ඇයි මට බැරි කියලා....
පුතා රට යන්න අවසර ගත්තේ බෙහෙත් ගන්න කියලා නේද?
මේවා වුණාට ඉතින් අපට මොකෝ ?
ඔහුට ඕන තැනකට යන්න පුළුවන් දැන්. කවුරුත් හිතා හිටියොත් හොඳයි, අද දරුවෝ ඉන්න දෙමාපියොත්, අනෙක් කවුරුත් නිදහසේ හුස්ම ගන්නේ ඔහු නිසයි කියල.
එයා ජපන් අධිරාජ්‍යයාගේ නිළ ආරාධනයක් අනුව ජපානයට ගියා කියා සමහර පත්‍ර වල තිබුන නිසා අපි සිතුවා, මොහු "අපේ රජා" කියා අපේ සමහර ගොබ්බයින් වේදිකාවල කෑ මොර ගසන නිසා, අධිරාජ්‍යයා රැවටී, බත් කටක් කන්න ආරාධනා කරා කියල !!!! බලාගෙන යනකොට රාජකීය කෙබරයක් කොටා බාල නේ ගිහින් තියෙන්නේ ! මෙයාගේ මානසික තත්වය මෙතරම් පහලට වැටුනේ චන්දෙන් පස්සේ, ඔටුන්න (අ)හිමි නාමල් බේබිගේ උපදෙස් අනුව, "ඔලුවෙන්" හිටගෙන කකුල් අහසේ පාකරපු දිනයෙන් පස්සේ කියල අපේ ගමේ වෙදමහත්තය කියනවා. ඉක්මනට ඉසකුඩිච්චියක් නොදැම්මොත් ගොඩ ගන්න අමාරු වෙයි කියලත් වෙදතුමා කියනවා.....
එම නිවේදනයේ තානාපති කාර්යාලය කියනවා මිසක් නිල මට්ටමක් නොකියයි.කෙසේවෙතත් මෙවන් ප්‍රකාශ එතුමාටවත් අපටවත් වැදගත් නොවේ.රටේ අගමැති රටගියේ ජාතික විපත වූ විගස ,පීඩාවට පත්වූවන්ට කනගටුවවත් පලනොකලයි.
සරත්, නිදහසේ හුස්ම ගන්නේ ඔහු නිසා නොවෙයි. යුද්ධය කරපු සොල්දාදුවෝ සහ බදු ගෙවපු අපි නිසා. ඔහු කරපු එකම දේ තමයි යුද්දය විකුනම් කාල පරම්පරා ගණනකට හම්බ කරලා විරුද්ධවාදීන් ගාතනය කරලා ඔහුට වඩා මෝඩ හූනියම් කරයෙග්කෙන් නැකතක් බලල චන්දෙට යාම. එසේ නොකලානම් ඔබත් සුන්, අපිත් සුන්, රටත් සුන්..
චි මේ තානාපතිටත් කට වහගෙන ඉන්ට බැරි හැටියක්. ලැජ්ජාවෙ පනයනව.බොරුවක්වත් කියල සතුටුවෙන්ට දෙන්නෙ නැ
සරත් ඔබ කියන එක හරි.....එහෙත් ඔය දේ කිය කීයා රට කොල්ල කන්ඩ බැ..............ඔය දේ කව්රු කරත් අපි විරුද්දයි.
හිටපු ජනාධිපති තුමාට කවුරුත් බැනලනම් නෑ නේද? මොකක්ද ඒ කියන කථාව
වියාජ නමකින් පෙනීසිටින සිරිමෙවන් ඩොලර් කොළවලින් වසාගෙන සිටින ඔහුගේ ඇගේ කොටිපුල්ලි මටනම් පෙනෙනවා.
සිරිමෙවන්, යුද්ධ කලේ සෙබළුන් තමයි. එකේ විවාදයක් නැහැ. එ්ත් යුද්ධයට අත දුන්නේ මහින්ද මහත්තයා නෙමේද? ඊට කලින් අය යුද්ධය වෙනුවෙන් මොනවද කළේ.... මැරිලා ඉපදුණා වගේ ජීවත් වීමෙන් පලක් නැහැ.
වැඩිදෙනෙකුට අමතක වෙලා 2005 ට කලින් රට තිබුණු තැන. එතකොට හමුදාව තිබුණේ නැත්ද? 2005 න් පස්සේ වූ වෙනස තමයි නිවරදි නායකයෙක් සහ ආරක්ෂක ලේකම්වරයෙක් ලැබීම. කලිනුත් හොඳ හමුදා නායකයෝ හිටියා. කොබ්බෑකඩුව, රංජන් විජේරත්න, රත්වත්තේ වැනි මහත්වරු තමයි හිටියේ... සමහරක් හිටපු නායකයෝ මේ අයට වැඩකරන්න දුන්නේ නැහැ..
වටේ ඉන්න උදවිය තමයි එතුමාගේ අවසානය ආරම්භ කළේ... යුද්ධය ඉවරකල විගස දකුණේ දුෂණය සුද්ද කරලා යහපත් සමාජයකට පාරකැපූවා නම් එතුමා මිය යනකම් ජනපති. එක කාටවත් ගැටළුවක් වෙන එකක් නැහැ. දැන් මේ වටේ ඉන්න උදවිය බොරුකියලා එතුමාව ලජ්ජා කරනවා. හිටපු ජනාධිපතිවරුන්ට පිටරට රාජ්‍ය ත්‍රාන්ත්‍රික නිල ආරාධනා එන්නේ නැහැ. අවේ නෑ කියලා ජනතා ගෞරවය අඩුවෙන්නෙත් නැහැ. අප මොන මතවාද වල හිටියත් එතුමා ශ්‍රී ලංකාවට අනුපමේය සේවයක් කරපු නායකයෙක්....
දේශපාලකයෝ ඔක්කොම එකයි. ඒ අය දුප්පත්ජනතාවට වංචා කරනවා.
වැරදි දේ වැරදි ලෙස දකින්නටත් නිවැරැදි දේ නිවැරැදි ලෙස දකින්නටත් නොහැකි ජාතියක් කවදාවත් දියුණු නොවෙයි.
මහින්ද මහතා එන්න කලින් ඔය කතා කරන අය ජිවත් වූනේ ගිනි ගොඩක අතීතය අමතක වෙන්න ගොඩක් කල් යන්න ඕනි නැහැ
ඇත්තටම මගේ අදහස මහින්ද මැතිතුමා, රනිල් මැතිතුමා, චන්ද්‍රිකා මැතිණිය, සරත් ෆොන්සේකා මැතිතුමා වගේ ගොඩක් අයට ජ.වි.පෙ හිටපු මන්ත්‍රීවරුන් 42 දෙනා නොසිටියානම් කොහොමටවත් යුද්ධය දිනන්න පුළුවන් වෙන්නේ නැහැ...
ජපන් තානාපති කාර්යාලය හැමදෙයක් ගැනම විමසිල්ලෙන් ඉන්නේ කියලා දැනගන්න පුළුවන්.... ලංකාව ගැන ඕනෑම තොරතුරක් විදේශයකදී වාර්තා වුනොත් ඒගැන එම රටේ ජනතාව හෝ එම රටේ ජිවත් වෙන ලාංකිකයන්ව දැනුවත් කරන්න තරම් ලංකාවේ තානාපතිවරුන් දුර්වලයි.