මහින්ද රාජපක්ෂ හිටපු ජනපති බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල හා විමල් වීරවංශ හිටපු ඇමැතිගේ ෆේස් බුක් වෙබ් අඩවිවලට සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇතැයි පිවිතුරු හෙළ උරුමය කියයි.
ගම්මන්පිල මහතා පවසනුයේ ඔහුගේ ෆේස් බුක් පාඨක පිටුවේ පාඨක ප්‍රමාණය පසුගිය සිකුරාදා පස්වරු 7 සිට 9 දක්වා කාලයේදී 1200කින් පහළ වැටුණු බවයි.
‘එය හිටි ගමන් වු දෙයක් නිසා හිටපු ජනපති රාජපක්ෂ මහතාගේත් වීරවංශ හිටපු ඇමැතිගේත් පාඨක පිටු ගැන සෙව්වා.එහි කැමැත්ත පළ කරන පාඨක සංඛ්‍යාව අඩුවෙලා .මහින්ද රජපක්ෂ මහතාගේ පාඨක පිටුව 15800 කින් ද විමල් වීරවංශ මහතාගේ පාඨක පිටුව 4100 කින් ද පහත වැටිලා. මීට හේතුව ඔවුන්ගේ ජනප්‍රියත්වයට අකමැති සතුරු පිරිසක් මේ ක්‍රියාවලියේ නිරතවන බවට ෆේස් බුක් පරිපාලකයින් දැන්වු බවද පිවිතුරු හෙළ උරුමය කියයි.
ගම්මන්පිල මහතා කියා ඇත්තේ ‘අන්තර්ජාල බොට්‘ නමින් හැඳින්වෙන ‘රොබෝවකුගේ‘ ක්‍රියාකාරීත්වය ඇති මෘදුකාංගයක් මගින් සතුරු වෙබ් අඩවි වලට මේ ප්‍රහාරය එල්ල කැර ඇති බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට නම් පුදුමාකාර දුකක් දැනෙන්නෙ. (නි)
අනේ ඕව කියන්න කොන්ඩේ බැඳපු අයට (බ)
හිටපු ජනාධිපති තුමාට කොහොම උනොත් ,ඔබතුමන්ලා දෙන්නට නම් තිබෙන අකමැත්ත හොදට පේනවා,එකට ස්යිබර් ප්‍රහාර ඕන වෙන එකක් නැහැ (බ)
ඕක අමුතුවෙන් මේ අයගේ පිටු වල පාඨකයෝ අඩු කරන්න කරපු වැඩක් නෙමේ.ෆේස්බුක් එකෙන්ම ක්‍රියාකාරී නැති අකවුන්ට් මකලා දානවා.ඉතින් ලයික් අඩු වෙන එක අහන්න දෙයක් නෙමේ.ගොඩක් පිටු වල ලයික් අඩු උනා. (බ)
මේ දෙන්නාට සයිබර් ප්‍රහාරය එල්ල උනේ ජනවාරි 8 වෙනිදා තාම නෝර්මල් වෙලා නෑ පවු තාම ගැහෙනවා (බ)
අනේ ඔන්න අපි නම් දන්නෙ නැහැ මේවා (නි)
සයිබර් රෝබෝවට චන්ද කරන්නත් බාර දෙමුද (අ)
ඇත්ත නැත්ත සොයා බැලිය යුතුයි. (හේ)
පව් අනේ මෙයාලට .(අ)
මාධ්‍ය නිදහස. (නදී)
ලගදීම ගෙදර උන්දැගෙන් ප්‍රහාරයක් එල්ලවෙනවා හොර පාස්පෝර්ට් හදල දුන්නට (නදී)
බලය රැකගන්න නොකරන දෙයක් නැති හැටි.ජනතාවට කෙසේ වෙතත් රටට නම් දෙයියන්ගේම පිහිට තමයි!(දිල්)
මොනවද මේ කියන කතා (දිල්)
මේ අයගේ දේශපාලන ගමන ජනතාව ප්‍රතික්ෂේප කරන්නේ කුමක් නිසාද යන්න තේරුම් නොගෙන,එය රොබෝවෙක් හරහා වෙනත් පාර්ශවයකට පැටවීමට උත්සාහ කිරීම වැදගත් දේශපාලකයකුගේ ලක්ෂණයක් නම් නොවේ .(දිල්)
ඔය කියන තරමේ ජනප්‍රියත්වයක් තිබුණ නම් ඇයි දන්නැ පරදුනේ .. (ම)
තමුන්ට මින් ඉදිරියට ප්‍රහාර එල්ල කරන්නේ බත් කන කකුල් දෙකේ මිනිස්සු ....(ම)
ලංකාවේ මිනුස්සු මෙච්චර මෝඩයෝ කියල හිතනවද ? අනේ මහත්තයෝ දැන්වත් පැත්තකට වෙලා ඉන්න (නදී)
තුර්කියට සබ්ස්ක්‍රිප්ෂන් ගෙවන්න අමතක වෙන්න ඇති (නදී)
මහින්ද මහත්තයට හැමෝම බයයි. ඒ මනුස්සයට තියෙන ජනප්‍රියත්වය මේවා නිසා විනාශ කරන්න බෑ. එතුමාට සම කරන්න පුළුවන් කෙනෙක් මේ ලංකාවේ තවමත් බිහිවෙලා නෑ (දිල්)
අපි ඔබ සමග (නදී)
ගම්මන්පිල මහත්තයා හොඳ සොප්ට්වෙයාර් ඉංජිනේරුවෙක් (නදී)
රටේ පිනට ඔබ පහල උනේ (නදී)
මේ සයිබර් ප්‍රහාර නොව දැන් දිනෙන් දින ඔබ තුමන්ලාව ප්‍රතික්‍ෂේප වීමයි මේ සිදුවන්නේ (නදී)
ඔව් මුනුපොත ඇවිල්ල ඇමරිකන් නෑ අධිරාජ්‍යවාදී තුමන්ත්‍රණයක් වෙන්න ඇති .හෙට අනිද්දා ඕක ටිකත් නැතිවෙනවා ඔය තුන්දෙනාටම පවු.(අ)
සෑම්,ඔබ හරි. (නි)
රටේ හැමෝම මෝඩයෝ කරන්න බැහැ. (නි)
නියම වැඩේ තමයි කට්ටියට වෙලා තියෙන්නේ? (නි)
මම කියෙව්වා මේක සයිබර් ප්‍රහාරයක් කියන්නේ මේගොල්ලන්ගේ නොදන්නා කමටයි. ඒක ෆේස් බුක් අප් ඩේට් කිරීමකින් උන දෙයක්. භාවිතා නොකරන එකවුන්ට් ඉවත් කිරීම නිසා උන දෙයක්. ඒකෙන් තේරෙනවා මේ ගොල්ලෝ බොරු නම් දාලා එකවුන්ට් ඕපන් කරලා ""ලයික් "" කරගත්තාට ඒ බොරු එකවුන්ට් කව්රුවත් පාවිච්චි කරන්නේ නැති නිසා කාලයක් යනකොට සේවා ලබා දෙන ආයතන වලින් එකවුන්ට් වහනවා. එහෙම නැතිව මේගොල්ලෝ වගේ එලොවටවත් මෙලොවටවත් වැඩක් නැති අයට සයිබර් ප්‍රහාර දෙන්නේ කව්ද? (බ)
මේවා ඇත්ත කියල හිතන බුරුවොත් ඉන්නවනේ සමාජයේ. මේ ලෝකෙ නම් පුදුමාකාරයි (නදී)
අනේ සරත් ලංකාවේ මිනිස්සු මෙච්චර මෝඩයෝ කියල හිතනවද ? (අ)
අනේ මට මතක නෑ මුකුත්ම (දිල්)
මේ ගොල්ලන්ට ෆේස් බුක් ආයතනයෙන් මොලේ කොලොප්පමට බෙහෙත් ටිකක් නොමිලේ ලබා දුන්න නම් හොඳයි. (අ)
ඕවා කළාට හරියන්නේ නැහැ (නි)
මේක වුනේ කවුරුත් හැක් කරලා නෙවෙයි. (ර)
ගම්මන්පිල මෙතරම් උගතෙක් වෙලත් පාවාදෙන තම වාසියට කටයුතු කරන අයෙක් වීම රටේ අවාසනාවක්. (අ)
මේ තුන්දෙනාට මොන ෆේස් බූක් ද? සාමාන්‍යයෙන් සිරිත හැටියට අපේ අය කරන්නේ දිවිනහ ගන්න එකනේ ඉතින් ඕකට කෑගහන්න උවමනාවක් නැහැ (නදී)