හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා තවදුරටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස සලකමින් අධිකරණ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයින් දෙනෙකු විසින් ගොනු කළ පැමිණිල්ල පවත්වාගෙන යා නොහැකි බවට ශ්‍රීලනිප මහලේකම්වරයා ඉදිරිපත් කළ මූලික විරෝධතාවය සම්බන්ධයෙන් වන නියෝගය ලබන අගෝස්තු 3 වැනි දා ප්‍රකාශයට පත් කිරීමට කොළඹ දිසා අධිකරණය අද (7) තීන්දු කළේය.
අදාළ පැමිණිල්ල කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සුජීව නිශ්ශංක මහතා හමුවේ කැඳවූ අතර එහිදී එම නියෝගය නිකුත් කිරීම එදිනට කල් තැබිණි.
මීට පෙර පැමිණිල්ල කැඳවූ අවස්ථාවේ වගඋත්තරකාර හිටපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් අනුර ප්‍රියදර්ශන යාපා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා විසින් පැමිණිල්ල පවත්වා ගෙන යා නොහැකි බවත් ,ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ තවදුරටත් පැවැත්වෙ බව දන්වමින් අධිකරණය හමුවේ විරෝධතා ගොනු කර තිබිණි.
එබැවින් මහින්ද රාජපක්ෂ මහතා තවදුරටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා බවට අධිකරණ නියෝගයක් නිකුත් කරන ලෙසත් , 2015 ජනවාරි 16 වැනිදා දක්වා පැවති පැමිණිලකරුවන්ගේ විධායක සභාවේ හා මධ්‍යම කාරක සභාවේ පැමිණිලිකරුවන් දැරූ තත්ත්වයේ වෙනසක් නොමැති බවට අධිකරණ ප්‍රකාශයක් ලබා දෙන ලෙසද ඉල්ලා සිටියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මෙහෙම තණ්හාවක්... අනේ මෙහෙම අාසාවක්... මිනිසුනි ලැබේද ඉන් සැනසීමක්...සින්දුව මට මතක් වුනා.
මෙයාගේ වැඩේ රටට අවංකව කළා නම් මෙහෙම වෙන්නේ නෑ කියලා දැන්වත් හිතෙන්නේ නැද්ද? දන්නෑ...
පිටරට පදිංචි අයට තේරෙන්නේ නෑ ලංකාවේ ඉන්න අපට තියෙන වේදනාව. එන්. ජී. ඕ. ආක්‍රමණ යටතේ බුද්ධාගමට කරන නිගාව සහ හානිය වලක්වන්න මහින්ද රාජපක්ෂ මහතා වැනි ජාති හිතෛශී නායකයෙක් අපේ ලංකාවට අවශ්‍යයි. හිටපු ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී මහත්තයත් කිව්වනේ එ් අය මුල් වෙලා යහපාලන ආණ්ඩුව බලයට ගෙනාවේ කියලා.
හොරුන් එලවලා නියම නායකයන්ට බාරදෙන්න. එතකොට මේ ප්රශ්නය හරි...
බණක් භාවනාවක් කරගෙන, සසර කෙටිකරගන්නේ නැතුව තවත් මොන සභාපතිකම් ද මහත්තයෝ?
අනේ ඔය වගේ හිටපු ජනාධිපතිකමත් නැවත බලාත්මක කරන ලෙසට අධිකරණ නියෝගයක් නිකුත් කරන්න කිව්වත් පුදුමවෙන්න දෙයක් නැහැ.
පව් අප්පච්චි, බලයට ඇති කැමැත්තක තරම....
අනේ පාඩුවේ ඉන්න මහත්තයෝ දැන්වත්....
ඔබතුමා තරු ගැනලා ජනාධිපතිවරණයක් තියලා ඇනගත්තා. රටේ පාලකයාට අනුව ඒ රටේ ස්වභාවය තීරණය වෙනවා. ඔබතුමාට ජනාධිපති වෙන්න හේතු වෙච්ච කරුණු හොයලා බලන්න. ඔබතුමාට ජනාධිපති වෙන්න උපකාර වෙච්ච බලවේග මොනවද කියලා හොයල බලන්න. ඒ බලවේගවලට ඇත්තටම් ඕනෑකම තිබුනේ රටේ යුද්ධය නැති කරන්න. ඊට පසුව රටේ නිදහසේ ජිවත් වීමට සුදුසු පරිසරයක් ඇති කරවීම. රට හතර වටේට ණය කරන එක නොවේ. බොලිවුඩ් නළුවෝ වගේ අරකයි, මේකයි ඔක්කොම බදාගෙන කරන දරුවෝ ඇති කරන එක නොවේ. ඔබතුමාට ගෙදර යන්න වුනේ ඔබතුමාගේම වැරදි කටයුතු නිසා. මුළු පර්ලිමේන්තුවම පවුලේ අයගෙන් පුරවාගත්තානේ.. ඔබතුමාට දේශපාලනය ගැන දැනුමක් තියෙනවා නම් පැත්තකට වෙලා ඉඳගෙන දැන් ඉන්න ජනාධිපතිතුමාට සපෝට් එකක් දෙන්න.
යුද්ධය කාලේ එක දවසක්වත් යාපනේ ගියේ නෑ. එත් සරත් ෆොන්සේකා ඇතුළු පිරිස් යුද්ධය දිනුවම, රටෙන් එලියට ගිහින්, පොලොව ඉඹ ඉඹ ආවානේද?
මහින්ද මහත්තයාට බාරදෙන්න. අපි ඉතාලි හිටියට රට ගැන අවධානයෙන් ඉන්නේ...
ඇත්තෙන්ම රත්නායක, කැපුවහොත් නිල් නොවිය යුතුයි. අපි බලන්න ඕනෑ සමස්ථයක් වශයෙන් රටට වුණ හානිය සියලු පක්ෂ වලින්... හැමෝම හොරුන් ආරක්ෂා කරනවා මිසක් රටට ආදරය කරන කෙනෙක් කොයිද?
ඔබතුමා නැවත බලයට පත් වූ පසු නාමල් මහතාව අගමැතිකොට මේ රට බේරා දෙන්න. ඔබ තමයි අපේ එකම නායකයා.
අනේ මෙහෙමත් මිනිසුන් ඉන්න රටක් ලෝකේ කොහෙවත් නැතිව ඇති.. කොළඹ ගාලු මුවදොර, වරාය නගරය ඔක්කොම සින්නක්කර විකුණපු ආකාරය... උමා ඔය පටන්ගෙන සල්ලි හොරකම් කරලා රටට කරපු විනාශය, අධිවේගී මාර්ගය ප්‍රමිතියට නැතිව හදලා දකුණ ගං වතුරෙන් යටවිම,... වගේ තවත් දේවලුත් තියෙනවා. ඔය කොටස් වෙළඳපොළේ උඩින්ම ඉන්නේ ඔය සල්ලි වලින් තමයි.
ගරු මහින්ද ජනාදිපති තුමනි. අලුත් පක්ෂය නිසා ඔබ ඉතිහාස ගත වේවි.ලංකා දේශපාලනය උඩු යටි කුරුවේවි. ඔබතුමා සදාකාලික නායකයා වෙලා නාමල් මහාතා අගමැතිවෙලා ගොටබාහය මහාතා ආරක්ෂක ඇමති වෙලා ශිරන්තිනෝන අදිකරණ ඇමති වෙලා 5 දෙනෙකුට කැබිනෙට්ටුව සීමා කරමු. රට සශ්‍රික වනවා නොඅනු මානයි. අපේ පැතීම රාජපක්ෂලයි. ලංකාවෙන් මිනිස්සු පිටරට රක්ෂාවට යන එක නවත්වමු.සිංහලේ අබිමානය රක ගනිමු. ලංකවට ගෙන පිටරටටින් බදු ගෙන එක නවත්වමු. පැරකුම් උගයක් උදා කරමු. මෙරටට පිටරට්යෝ එපා කියමු. අපේ රට සුරපුරයක් කරමු.
ජයවේවා