මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ පරීක්ෂණ සඳහා කැඳවනු ලැබූව ද වරදකරුවකු නොවන බවත් වරදකරුවකු වන්නේ අධිකරණයකින් දෙනු ලබන තීන්දුවකින් පමණක් බවත් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ගාල්ල බෙලිගහ නව අධිකරණ සංකීර්ණයේ ඉදිකිරීම් නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් කියා සිටියේය.
‘‘හිටපු ජනාධිපතිවරයකු හෝ වේවා වර්තමාන ඇමතිවරයකු හෝ වේවා යම් වරදකට චෝදනා ලබනවානම් ඒ සියළු දෙනාටම රටේ සාමාන්‍ය පුරවැසියන්ට මෙන් නිර්දෝෂීත්වය පිළිබඳ පූර්ව නිගමනය අදාලයි. පරීක්ෂණ පැවැත්වීම පොලිසියේ රාජකාරියක්. අපි එයට මැදහත් වන්නේ නැහැ. ඒ වගේ ම වසර 10ට පසු ස්වාධීන අධිකරණයක් ස්ථාපති කර තිබෙනවා. මේ නිසා හිටපු ජනාධිපතිවරයා සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ සියල්ල ස්වාධීනව සිදුවනවා. අධිකරණ තීන්දුවටත් කිසිදු බලපෑමක් ඇතිවන්නේ නැහැ. එතෙක් ඔහු නිර්දෝෂී පුද්ගලයෙක්. “
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ පරීක්ෂණ සඳහා කැඳවනු ලබන්නේ දුක සැප අහල එවන්නද?අනේද කියන්නේ කිව්වලු.ලැජ්ජයි. (බ)
වැරදිකරුවන් ඉදිරියේ නිවට නියාලු ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා කියල මොනවට පැහැදිලි කරනවද? (බ)
මටනම් සත පහක විශ්වාසයක් නැහැ දැන් සිදු කරගෙන යන පරීක්ෂණ ගැන. (බ)
සැබෑ ඕනෑකමකින් පරීක්ෂණ කරනවානම් ජෙනරල් ෆොන්සේකා වැනි කොන්ද කෙලින් තියන් "නිර්බිතව"වැඩ කරන කෙනෙකුට දෙන්න පුළුවන්.එහෙම නොවෙන්නෙම කොස්සක් තිබෙන නිසා කියල ඕනෙම මෝඩයෙකුට වුනත් තේරුම් ගන්න පුළුවන්. (බ)
ලංකාවේ රුපියල් කෝටි දහස් ගණනින්/ලක්ෂ ගණනින් ගසා කාලත් නිරුපද්‍රිතව දෙවියනේ කියල ඉන්න පුලුවන්ද කියන ප්‍රශ්නය පමණයි මටනම් තියෙන්නේ. (බ)
ඔබ හරි ,කවරුත් වැරදි කරලා නෑ අපි තමා වැරැද්ද කළේ. ඊලග ඡන්දෙදි අපි කරපු වැරැද්ද නිවැරදි කර ගන්නවා (අ)
විජේදාස මහත්තයෝ, ෂුවර්ද, රාජපක්ෂවරුන්ටත් දඬුවම් කරනවද ? (අ)
අධිකරණයෙන් එතුමා වරදකරු වෙන්නෙත් නැහැ.(අ)
තිලක් ඩුබායි ට කවුරුත් බනින්න එපා. අපිත් මරාගෙන මැරෙයි කියල හිතල, විතරක් මාෆියා එකට කඩේ යන්න හොදේ! (බ)
විජයදාස රාජපක්ෂ ඇමති තුමාගේ ක්‍රියා පටිපාටිය සහ ප්‍රකාශ යහපාලනයට එරෙහිවයි. අමතක කරන්න එපා මෙතුමා අාවේ කොහෙන්ද කියල (බ)
ගොඩ ඉදගෙනම පීනන්න වගේ ....වාසි අතට හෝය්යා..තමයි ..සුබ අනාගතයක් (බ)
විපුල එයාගේ කට්ටිය තවම ඉන්න හින්දද (බ)
උඹල හදන්නේ මොකක් හරි ජිල්මාට් එකක් දාලා වැඩේ දෙන්නද එදාට තමයි සිරි ලංකාවේ හොදම ජුලිය බල ගන්න පුළුවන්. පුළුවන් නම් කරලා පෙනපල්ලා. මරාගෙන මැරෙනවා ආයිත් කතා දෙකක් නැහැ. (බ)
දේශන් වගේ කට්ටිය මේ රටේ අඩු වෙන තරමට හොඳයි. අනේ මරාගෙන මැරෙන්න (අ)
උසාවියෙන් කොහොමත් වරද කරු කරයි.(හේ)
බලමුකෝ.(හේ)
වරද කරු වුවොත්.(හේ)
ඒකත් එහෙමද?(හේ)
දේශාන්.මම අද තමයි විස්වාස කරන්නේ මිනීමරු ප්‍රභාකරන් වෙනුවෙන් මරාගෙන මැරෙන්න හිටිය වගේ "මොළ හෝදපු" සිංහල මිනිස්සු ඉන්නවා කියල. (අ)
හොඳයි මහත්තයෝ ඔබ දැන් නායකත්වය දෙන අධිකරණ අමාත්‍යාංශයත්, අධිකරණ පද්ධතියත්, නීතිපති දෙපාර්තමේන්තුවත් ස්වාධීන ආයතන බවට පත්කර ඒ ආයතන පරීක්ෂණ පවත්වන පුද්ගලයන් නිදහස් කිරීමට ඒවාට බලපෑම් නොකර හිටියොත් ඔබ ඔය කියන බොහෝ දෙනෙක් ආණ්ඩුවේ බෝඩිමට නියම කරනවා අපට බලා ගන්න හැකිවේවි. ඔය සියලු ආයතන වල සට්ටැඹිබියන් ටික දෙනෙක් සිටියත් වෙනත් කිසිම රටක නිලධාරීන්ට නොදෙවෙනි දක්ෂ නිලධාරීන්ද සිටිනවා. ප්‍රශ්නය වී ඇත්තේ වසල දේශපාලුවන් ඔවුන්ට සිය රාජකාරිය ඉටු කරන්නට ඉඩ නොදීමයි. (ර)
කවුද මේ දේශාන්.මරාගෙන මැරෙන්න. දෙන්න ඕනි වැඩේ රටේ ජනතාව දීල තියෙන්නේ ලස්සනට එයාව ගෙදර යවලා හොදේ.ඔයා නයට කරන දේ කරන්න ඕනි නැ හොදේ. (අ)
ඕනෑම මෝඩයෙකුට වෙනදේ හා වෙන්න යනදේ තේරෙනවා, එ නමුත් තිලක් ඩුබායි වැනි අයට නොතේරෙන එකයි ගැටලුව. මොලේ උඩනේ වාඩිවෙලා ඉන්නේ. (අ)
නරිය කිවුවලු මිදී තිත්තයි කියල!!!(අ)
ඒක ඇත්ත. උසාවියෙන් තවම මොකුත් කියලා නැහැනේ (නි)
විජේදාස මහත්මයා හරි. ඕනෑ කෙනෙකුට ඕනෑම කෙනෙකුට චෝදනා කරන්න පුළුවන්. හැබැයි චෝදනාව ඔප්පු වෙන්න ඕනෑ. එතකොට අපිත් පිළිගන්නවා. (නි)
ඔය කතාකරන තිලක් ඩුබායිගේ මොළය හොඳටම හේදිලා මට පේන්නේ (නි)
මමත් මේ කතාවට එකඟයි (නි)
දේශාන්ට මොළේ අමාරුවක්ද? පහුගිය යුද්ධ කාලේ එක් කෙනෙක් බේතකට හිටියේ නැහැ. (නි)
අනේ අපි දන්නෙ නැහැ ඕවා (නි)
අපි බලමුකෝ.... (නි)
මේ මහත්තයා නඩුහබ වලට පෙනීසිටලා තිබෙනවද කියලා දැනගන්න කැමතියි (නි)
කතාව ඇත්ත (නි)
පිදුරු ගහට මුවාවෙලා ගිනි තැබූ අයත් ගම්මුලාදෑනි උත්තමයන් වහන්සේලා නිදහස් කළා නේද ඉස්සර? (නි)
නීතියත් බලයත් ඔවුන් අතේ. ජනතාව තමයි මෝඩයෝ (නි)
බලාගෙන ගියාම ඔක්කොම හොඳයි. ඡන්දෙ දීපු මහජනයා තමයි හොරු (නි)
වෙස් මුහුණු බැඳගෙන හිටපු අය අඳුනගන්න බැරිවුණ අපටත් මඩු වලිගෙන් තලන්න ඕනෑ. (නි)