(නිමන්ති රණසිංහ)
රුපියල් කෝටි 3කට ආසන්න මුදලක් සාවද්‍ය පරිහරණය කළැයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ රියදුරු ලෙස සේවය කළ යුද හමුදා කපිතාන් තිස්ස විමලසේන සහ පුත්තලම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී ලාල් ප්‍රියන්ත පීරිස් ලබන 18 තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාර මහත්මිය අද(11) නියෝග කළාය.
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් රජයේ ඉඩමක අනවසරයෙන් ගල් කොරියක් පවත්වාගෙන යමින් රුපියල් කෝටි තුනකට ආසන්න මුදලක් සාවද්‍ය පරිහරණය කළැයි සැකකරුවන්ට එරෙහිව පොදු දේපල පනත ප්‍රකාරව සහ මුදල් විශුද්ධිකරණ පනත ප්‍රකාරව චෝදනා ගොනු කර ඇති බැවින් ඇප ප්‍රතික්ෂේප කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අප්පච්චි ආයෙත් ඇවිල්ලා මේ වැඩ සක්‍රීයව පටන් ගන්නකො.
මහ බැංකුව කඩා රුපියල් බිලියන ගානක් වංචා කිරීමට වඩා කොච්චර වැරදිද කළු ගල් කැඩීම?
ගෝලයා "රුපියල් කෝටි 3කට ආසන්න මුදලක් සාවද්‍ය පරිහරණය" කරා නම්, ගුරාලා රුපියල්, ඩොලර්, යුරෝ, පවුම් කෝටි ප්‍රකෝටි ගණනක් ගහන්න ඇද්ද කියලා හිතාගන්න පුළුවන් නේද? ඔක්කොම රටේ රුධිරය උරා බොන අය බවට පත්වෙලා...