(රංජන් කස්තුරි)
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට සිටි නිලධාරීන් 42ක් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර තිබේ.
මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව භාර ඒකකයේ ප්‍රධානී ලෙස සිටි සහකාර පොලිස් අධිකාරී වරයා ඇතුළු නිලධාරීන් 42ක් ඉවත් කර තිබෙන බව ද හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට මහතා ලංකාදීපයට පැවසීය.
COMMENTS
ආණ්ඩුව මහින්දගේ මැයි රැළියට බය වුන තරම හිතා ගන්න පුළුවන්
මේවා තමයි නියමම පලිගැනීම් කියලා ඕනෑම කෙනකුට තේරෙනවා.
සුන්දර වෙනස, ඔබට සතුටුයිද දැන්
මැයි රැළියට ඔහොම බයනම් චන්දෙකට කොහොම බය වෙයිද.
පැරදුන ජනාධිපති කෙනෙක්ට මහජන මුදලින් මෙතරම් සේවකයෝ ඇයි? චන්ද්‍රිකා මහත්මියටත් මෙච්චර සේවකයෝ ඉන්නවද?
මහින්දට ආරක්ෂකයෝ ඕන වෙන්නේ නැහැ. ලංකාවේ මිනිස්සු ඉන්නවා එතුමාව ආරක්ෂා කරන්න.
ඒ කියන්නේ බය වෙලා තියෙනවා එහෙනම්?
මරණ බිය නැති කල මහින්ද මහත්තයාට ලංකාව කෙලෙහිගුණ සලකන හැටි හරිම පහත්. රටට , අනාගත පරපුරට දෙන ආදර්ශය කුමක්ද ? කෙලෙහිගුණ නැති සමාජයක්ද? බුදුරජාණන් වහන්සේ බුදුවී පලමුව තමාට හෙවනදුන් ඇසතු ගසට කෙලෙහිගුණ දැක්වුවා. පසුව පෙර ගුරුවරුන් , පස්වග තවුසන්, දෙමාපියන් , සුළු මව, පෙර බිරිඳ , චන්නට ....ලෙස කෙලෙහිගුණ පෙන්වා ඇත. කෙලෙහිගුණ ඇති අය දුර්ලභය.
දේශපාලන මතවාද පැත්තකින් තියල ත්‍රස්තවාදයෙන් රට බේරාගත් නායකයා ලෙස මෙතුමාට අවශ්‍ය ආරක්ෂාව ලබාදෙන්න
ආන්ඩුව කළයුත්තේ මහින්ද රාජපක්ෂගේ දේශපාලනික ප්‍රතිවාදිත්වයට මුහුණදීම මිස මෙවැනි සෘජු පළිගැනීම් කිරීම නෙවෙයි. මොකද අදටත් මහින්ද රාජපක්ෂ කියන්නේ ත්‍රස්තවාදීන්ගේ ප්‍රධානම ඉලක්කයයි. ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් තබා ඇති බර අඩුකිරීම,බුද්ධි අංශ අඩපණ කිරීම හමුවේ මේ රජය සමස්ත ජාතික ආරක්ෂාව බිඳ දමා ඇති අවස්ථාවක මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයාගේ ආරක්ෂාව මෙලෙස අඩුකිරීම අනුමත කල නොහැක්කක්.
මෙච්චර ඉක්මනටම බය උනාද
රැලියේ ප්‍රතිපල
කිසිම පළිගැනීමක් මෙතන නැහැ.. රට යහපත් වෙලා ඇති නිසා 42 ක් මොනවටද
මේවා දේශපාලන පලිගැනීම් කියල කිරි බොන දරුවකුටත් තේරෙනවා. එතුමා මොන දේ කරා වුනත් මේ රටේ ජනතාවගේ ආරක්ෂාව ගැන බලාගත්තා.
ඔය කරන්න පුළුවන් උපරිම වැඩේ තමයි
42ක් අඩු කරලද ? නැත්නම් මාරු කරලා වෙන 42ක් අනුයුක්ත කරලද?
චානක ලොස් ඇන්ජලිස්- ඔය ලංකාවේ නෙමේනේ ඉන්නේ, එකයි ඔයාට තේරෙන්නේ නැත්තේ
මේවා තමයි පලිගැනීම් කියන්නේ. මේකෙන් වෙන්නේ මහින්ද මහත්තය තවත් ශක්තිමත් වෙන එක විතරයි.
මේ වැඩේ මමත් අනුමත කරන්නේ නැහැ මොකද පාට පක්ෂ බේදයකින් තොරව මම කියනේ මහින්ද රාජපක්ෂ, ගොටාභය රාජපක්ෂ, සරත් ෆොන්සේකා, වසන්ත කරන්නාගොඩ, ඇතුළු යුධයේදී අවසන් නායකත්වය දුන් සියලුම දෙනාට ආරක්ෂාවක් ලබා දිය යුතුයි. මොකද යුද්දය නැති උනාට එහි සෙවනැලි තවමත් ඉතිරියි. ඒ නිසා මේ සියලු දෙනාටම නිසි ආරක්ෂාවක් ලබා දීම රජයේ වගකීමක්.
චානක ඔයා නැතිවෙච්ච ඇන්ජලිස් හොයාගන්න ඔහෙට වෙලා මහේ දේවල් වලට ඇගිලි ගහන්නෙ නැතුව.
කොහොමත් ලංකාවේ ආරක්ෂකයෝ තියාගෙන ඉන්නේ සෝබනේට මිසක් අහවල් තර්ජනේටද? මෙයාට දහස් ගණනක් ආරක්ෂකයෝ හිටිය, මුහුදෙන් නාවික හමුදාව බෝට්ටු දැම්ම නිකම් කොළඹට ආවත්. දැන් ඒ සෝබනේ නැතුවට දුක ඇති. අනික් කට්ටියත් එහෙම තමයි. තමන්ගේ මහන්තත්ත කම පෙන්වන්න ඉස්සරහින් පස්සෙන් බැක් අප් වාහන නැත්නම් දුකයි. මොන යකාද හලෝ මෙයාලට ගහන්න එන්නේ? ඡන්ද දායකයන්ට ඕන ඇති, ඒ වුනාට ඔවුන් එයිද?
ජනවාරි 8 ඉදන් ආණ්ඩුවට මහින්ද භීතිකාවයි, පලිගැනීමයි හොරුයි කිව්වා මිසක් රටට දැයට වැඩක්කරලා නෑ
ලංකාවේ ඉන්න උන් දෙන්නෙක් ලිවුවා නම් දන්නවා උත්තර දෙන විදිය.
මැයි 1 පස්සේ දැන් ඉතින් පළාත් පාලන, ප්‍රාදේශීය පාලන ඡන්ද තියන්නේ නෑ 2025 විතර වෙනකන් - මෙච්චර කල් කලා වගේ මොන මොන හරි බොරු ටිකක් ගහල 2025 වෙනකන් ඡන්ද පස්සට නොදැම්මොත් තමයි පුදුමේ බයවෙච්ච පාරට.
මෙන්න තවත් මෑයි දින ප්‍රතිඵලයක්.. කොච්චර කල් තව ආන්ඩුවට යන්න පුලුවන්ද ජනතා විරෝදය හමුවේ.. ජනතාවට විහිලු සපයන, ජනතාව විසින් මෙතරම් හාස්‍යයට ලක්කරනූ ලෑබූ ආන්ඩුවක්, දිනෙන් දින ජනතා සහයෝගය පිරිහෙන ආන්ඩුවක් දෑක්කමද කොහෙද.. මහින්ද මෑතිදුනි අප ඔබ සමගයි..
මට දැනෙන්නේ මේවා ආණ්ඩුව අමාරුවේ දාන්න කවුරු හරි හිතාමතා කරන වැඩ. ජනපති ප්‍රකාශයක් කල යුතුයි මේ ගැන. ඔහු කලා නම් ඉතා වැරදියි.
මැයි රැලියේ ප්‍රතිපල...මේ රූකඩ ආණ්ඩුවේ බියගුළු බවයි ..........
කොහොමද බයියෝ ටික බය වෙලා තියන තරම.
දැන්ම ඔච්චර බය වෙලා නම් මේ ගොල්ලෝ මේ කපේදී නම් ඡන්දයක් තියන්නේ නෑ
මරණ බිය නැති කල මහින්දට ලංකාව කලගුණ සලකන්නේ පහත විදිහට, ලංකාවේ මිනිස්සු , දේශපාලුවෝ පිරිහිලා . රට අදුරදර්ශී මෝඩ රැලකට බාර දීල . මේ රටේ මිනිස්සු මෙච්චර මෝඩද , මහින්ද හිටියනම් මේ රට දැන් අඩුගානේ මැලේසියාව, තායිලන්තය තරමටවත් දියුණු වෙලා.
චානක ලොස් ඇන්ජලිස් - ලංකාවේ දේශපාලනේ ගැන කතාකරන්න ඕන ලංකාවේ ජීවත් වෙන කෙනෙක්.
බැලූ බැල්මට මෙය කුහකත්වය ප්‍රදර්ශනය කිරීමක් ලෙසයි පෙනෙන්නට තිබෙන්නේ.
ඔය වැඩවලින් වැටහෙන්නේ තාමත් බයෙන් ඉන්න ගතියක් නේද. බය වෙන්නේ හරි වැඩක් කරපු නැති නිසා නේද? මොනදේ උනත් හිටපු ජනාධිපතිතුමා රටක් මරුඋගුලෙන් ගලවගන්න උරදුන් වටිනා මිනිසෙක්. ඒ රට විනාශ කරන්න එපා. එක ඔය කට්ටියට ශාපයක් වෙනවා.
එතුමා චන්ද්‍රිකා මැතිනිට කලදෙට අද එතුමාට මුහුණ දෙන්න වෙලා. ඒ විතරක් නෙවේ චන්ද්‍රිකා මැතිනිගේ සියලු දීමනාත් කැපුවා.
චානකගේ මොලේ තරම තමයි ඉතින්..රට යහපත් කල මනුස්සයට මරණ තර්ජන තියෙන බව දන්නේ නැද්ද?
යාපනේ ගිහින් මිස්ටර් ප්‍රභාකරන් කියන අයට මොන මරණ තර්ජනද?
විජිතසිරි හිමියනේ ඔබ වහන්සේලා තමයි ජාතිවාදී මානසිකත්වය කරේ තියාගෙන කටයුතු කරන්නේ....
වැඩිපුර ආරක්ෂාව ඉල්ලා ආරක්ෂා වෙන්න හදන පුද්ගලයා දැනගන්න ඕනේ අතුරුදන් කර විනාස කල පුද්ගලයනුත් තමා වගේම ඔවුනුත් ඔවුන්ගේ ජීවිත වලට ආදරේ කරන්න ඇති බව.
රට යහපත් කලේ මොහුනම් මොහු දිනන්න එපායැ?
මිස්ටර් කියන එක මොකක්ද? එහෙනම් අර සන්නද්ධ දෙවෙනියාට පක්ෂයේ උප සභාපති කමක් අඬගහලම දුන්නේ ?
මේ වෙබ් අඩවියේ ලයික් බොත්තම වැඩ කරන්නෙ නැත්තේ ඇයි?
මේක පලිගැනිල්ලක් නම් මොහු බලයට ඇවිත් චන්ද්‍රිකා මැතිණියගේ ආරක්ෂකයන් 161 දෙනෙක් එක රැයෙන් ඉවත් කළාට කියන්නේ මොන ගැනිල්ලද? ඔබලා දන්නවා නේද පාරාවළලු ... මොහුට මේ කැරකෙන්නේ අන්න ඒවා තමයි ...!!