IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


හිටපු ජනපති මෛත්‍රි දිවුරයි

(ඩයනා උදයංගනී)

පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ කිසිඳු තොරතුරක් තමන් දැන නොසිටි බවට බෞද්ධයෙක් ලෙස බුදුන් වහන්සේගේ දෙපා නැමද හෝ ඕනෑම තැනක කුරුසියේ අතගසා කිව හැකි යැයි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

ඒ ගැන තොරතුරක් සිටියේ නම් තමන් එවැනි විනාශයක්වීමට ඉඩනොදෙන බවත්, එවැනි තොරතුරක් ගැන බුද්ධි අංශ හෝ ආරක්ෂක අංශ තමා දැනුවත් කළේ නම් කිසිදු හේතුවක් මත තමා රටින් පිටව නොයන බවද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසුවේ පොළොන්නරුව නගරයේ පිහිටි නිර්මල දේවමාතා කිතුණු දේවස්ථානයේ නව දේව මන්දිරය ඉදිකිරීම සඳහා දායකවූවන්ට ආශීර්වාද කිරීම සඳහා එම දේවස්ථානයේදී පැවති ආශීර්වාද පූජාවකට එක්වෙමිනි.

මෛත්‍රීපාල සිරිසේන මහතා ද ‘පිබිදෙමු පොළොන්නරුව’ ව්‍යාපෘතියෙන් ඒ සඳහා ආධාර ලබාදී තිබිණි.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට තොරතුරු ලැබී තිබියදී තමා විදෙස්ගත වූ බවට එල්ල වන චෝදනා සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව කී මෛත්‍රීපාල සිරිසේන මහතා තමන් සිංගප්පූරුවට ගියේ වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට බව ද පැවසීය.

තමන් රෝහලේ සිටියදීත් මේ ගැන දැනුවත් කර ඇති බවට මාධ්‍ය සහ ඇතැම් අය චෝදනා කළත් තමන් ප්‍රතිකාර ලැබූ සිංගප්පූරුවේ මවුන්ට් එළිසබත් රෝහලේ රෝගීන් අසලට දුරකතන රැගෙනයාමේ හැකියාවක් නැතැයි ද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.

ඒ ගැන තමා විසින්ම පත්කළ ජනාධිපති කොමිෂන් සභාව ඉදිරියේ ද ප්‍රකාශ කළ බව මෛත්‍රීපාල සිරිසේන මහතා කීවේය.

ප්‍රහාරයක් එල්ල වන බවට සිංගප්පූරුවේ සිටියදී හෝ ආරක්ෂක අංශ තමා දැනුවත් කළේ නම් වහාම ආරක්ෂක අංශවලට උපදෙස් දී ක්‍රියාමාර්ග ගන්නා බවද හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

 



අදහස් (3)

හිටපු ජනපති මෛත්‍රි දිවුරයි

දාස Monday, 28 February 2022 05:32 AM

මේ ඉන්නෙ බොරුවෙ උපත උදේට ඔව් කියනව රැට නෑ කියනව ඒ වගේ ඉතාම පහත් චරිතයක් මේ. පාස්කු ප්‍රහාරය අංරචි උනාම තමන්ට සිංගප්පුරුවෙ ඉඳල එන්න ඒ වෙලාවෙ ප්ලෙන් තිබුනෙ නෑ කිවුවා .ෆොන්සේකා මහත්තයා රටට කිවුවා මෙයාට එන්න ප්ලේන් කීපයක්ම තිබුනා ,මෙයා ඕන කමින්ම ආවෙ නෑ කියලා . කුරුසේ නෙමෙයි මේ මිනිහා ඕන තැනක අත ගහල බොරු කියයි.ඒ වගේ පහත් මිනිහෙක්.රටේ මිනිසුන් මේ බොරු කාරයා පිලිගන්නෙ නෑ.මොහුට ස්වභාව ධර්මය අද හෙටම උපරිම දඬුවම දෙනවා

:       0       0

අප්පුහාමි Monday, 28 February 2022 06:34 AM

බුදු හිමියන් තම තමන් කරන පව් කරත්තය අදින ගොනා පසුපස කරත්ත රෝදය එන්නා ලෙසට එන බවත් කල හොද තමන්ගෙ සෙවනැල්ල මෙන් තමා අත් නොහැර එනබවත් වදාරා තියෙනවා .ලෝවැඩ සගරාවේ කියනවා ලැදිව රජෙක් බොරු බස්කී විගස අපාගතවූ බවක් එනිසා කවුරු කවුරුත් මොනවා කර මෙලොවදී බේරුනත් ස්වභාව ධර්මයාගෙන් නම් බේරුමක් නැහැ කියලා සිතට ගන්නවා නම් හොදයි

:       0       0

Hafeel Tuesday, 01 March 2022 11:43 AM

මෙයා කියන පරිදි එවකට බුද්ධි අංශ හෝ ආරක්ෂක අංශ හෝ ඔහුව දැනුවත් නොකළේ නම්, ඇයි එවකට හිටි බුද්ධි අංශ ප්‍රධානියාව අයින් කරන්නේ නැතුව, එවකට හිටි පොලිස්පති සහ ආරක්ෂක ලේකම් පමණයි අයින් කළේ? හරි නම් මෙයාට දැනුවත් කළ වරදට හිටපු බුද්ධි අංශ ප්‍රධානියාව තමයි මුලින්ම අයින් කරන්න තිබුණේ? ඇයි එහෙම නොකළේ? මෙතන සාධාරණ සැකයක් මතුවන්න ඉඩ තිබෙනවා. හිටපු බුද්ධි අංශ ප්‍රධානී අදටත් මේ පවතින ආණ්ඩුව තුළත් ඉහළ තනතුරක් දරනවා. ඒ නිසා මේ මෛත්‍රීගේ දිවුරුම කිසිසේත්ම විශ්වාස කල නොහැකියි...

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 277 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 87 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 781 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site