මහා භාණ්ඩාගාරයේ රත්තරන් අලෙවි කිරීමට තැත් කළැයි සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂට එරෙහිව හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනගේ බිරිය ශාමලී පෙරේරා මහත්මිය අද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණිල්ලක් කළාය.
පැමිණිල්ල කිරීමට ආ ඇය මාධ්‍යයට මෙසේ කීවාය.
‘මගේ සැමියා හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන කොළඹ උතුර නියෝජ්‍ය පොලිස්පති ලෙස ආ පසු හමුදා බුද්ධි අංශයෙන් තොරතුරක් ආවා රජයේ භාණ්ඩාගාරයේ රුපියල් ලක්ෂ පන්දහසක් පමණ වටිනා රත්තරන් කිලෝ සියයක් වංචනික ලෙස අලෙවි කරන බවට. සැමියා ඒ ගැන විමර්ශනය කළා. මහින්ද රාජපක්ෂගේ බිරිය ගැනත් කියැවුණා.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක හා ගුවන් විදුලි සංස්ථාවේ හඩ්සන් සමරසිංහ ඇවිත් කිව්වා මගේ මහත්තයට මේකට ශිරන්ති සම්බන්ධ නෑ කියා ප්‍රකාශයක් කරන ලෙස. ඉන් ටික දිනකට පෙර මගේ මහත්තයා අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කළා. මගේ පුතාත් අත්අඩංගුවට ගත්තා. මටත් පවුලේ අනිත් අයටත් දිගින් දිගටම තර්ජන ආවා මේ ගැන කිසිදු හෙලිදරව්වක් කරන්න එපා කියා. හෙළි කළොත් ආයේ මගේ මහත්තයට කවදාවත් එළියට එන්න දෙන්නේ නෑ කිව්වා. මට මහත්තයා කිව්වා දැන් ඇවිත් අල්ලස් කොමිසමට පැමිණිලි කරන ලෙස. ඉදිරියේ දී එයා දන්න සියලු තොරතුරු ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා.
අපි ඉල්ලා සිටිනවා ජනාධිපතිවරයාගෙන්, අගමැතිවරයාගෙන් හා නීතිය හා සාමය අමාත්‍යවරයාගෙන් මේ ගැන විමර්ශනයක් කර වැරදිකරුවන් අධිකරණය ඉදිරියට පමුණුවන ලෙස. ‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවායේ හරි වැරැද්ද හොඳද නරකද කව්ද දන්නේ. එකට කුඩු කාපු උදවියගේ කතා නේ (නදී)
රත්තරන් කිලෝ 100 මොකක්ද මේ ලගදි රත්තරන් ටොන් 380 ක් ජපන් ජාතික කෝටි පතියෙකුට විකුණලා තිබුණා කියන්නේ (දිල්)
දේවියන ඔබට මේවා නොපෙනේද?(හේ)
හොරු දන්නවා ලස්සනට හොරකම් කරන්නත්,කරපු හොරකම් වලින් ලස්සනට ගැලවෙන්නත්.ඒක පුදුමයක් නොවයි (දිල්)
මහා භාණ්ඩාගාරයේ සියලුම වටිනා කියන දේවල් ටික සුද්දම කරලයි තියෙන්නේ.මේ සියලු පරීක්ෂණ කරන්න ජනරාල් ෆොන්සේකාට බාර දෙන්න.(දිල්)
ගුවන් තොටුපොළින් දවස ගානේ අල්ල ගත්තු රත්තරන් ටොන් ගානට මොකද වුනේ කියලත් හොයන්න.(දිල්)
වාස් ගුණවර්ධන මහතා ඉතා සාදාරනව රාජකාරිය කරපු කෙනෙක්. බුද්දි අංශයෙන් ඔහුට තොරතුරු ලැබුනේ ඔහු රාජකාරිය හරියට කරන නිසා. මේ වගේ නිලධාරීන් රටට අවශයයි (නදී)
දුප්පත් කමට දරුවන්ට කන්න දෙන්න අදින්න දෙන්න කියල කසිප්පු ටිකක් විකුණුව ගෑනිව ජීප් එකේ දාගෙන ගිහින් නඩුත් අහලා හිරේ දාන්නේ කිරි බොන දරුවත් එක්කමයි. රත්තරන් කිලෝ 1000 ක් නෙමෙයි ග්‍රෑම් 1000 ක් විකුණුවත් වරද වරදමයි. තරා තිරම බලන්නේ නැතිව උපරිම දඩුවම් දෙන්න (නදී)
අපිට නම් පොඩි කාලේ ඉදලම උගන්වලා තියෙන්නේ හොරා කන්න නෙමෙයි.(නදී)
මෙවුන් දැන් හදන්නේ ගැලවෙන්න පාරක් හොයාගන්න. අරයවත් අල්ලලා මෙයාලවත් ඇතුලට දාන්න තියෙනේ. (අ)
ලැජ්ජාවේ බැහැ. දැන් ඉතින් ඇදුමක් ඇදගෙන කොහොම සමාජය ඉදිරියට එන්නද මන් අහන්නේ.(නදී)
අපිනම් ඔය කතාව දැනගෙන ගොඩක් කල්. අපි දාපු අදහස් පල කරන්නත් බැරිවයි හිටියේ. දැන් මුළු ලෝකෙම දැන ගත්තා.(නදී)
මීට කලින් සෞදි රටේ රජ කෙනෙකුටත් මහා භාණ්ඩාගාරයේ තිබුණු රත්තරන් ටොන් ගානක් විකුණුවා කියල අන්තර්ජාලයේ තිබුනා. මේ නිසා තමයි මුලින්ම රටේ මිනිසුන්ට සත්‍ය දැන ගැනීමේ අයිතිය උදුරා ගත්තේ. (නදී)
නිකන්ද කියන්නේ හිටපු ජනාධිපතිගේ වත්කම රුපියල් කෝටි වලින් ලක්ෂ 120 ක් කියලා. තව අවරුදු 2 ක් හිටියා නම් අපිටත් හිගා කන්නයි සිද්ද වෙන්නේ.(නදී)
මෙයාල හොඳට සෙට් වෙලා තමයි බෙදා හදාගෙන කාල තියෙන්නේ. පරණ සන්ධානෙට කතිරේ ගහපු අයට දැන් මොනවා හිතෙනවා ඇද්ද ?(හේ)
ඉස්සෙලල්ම ඔබතුමිය පරිප්පු කන්න දාන්න ඕන මහ ගෙදරට. ඔය අනුන් ගැන හොයන්න ඉස්සරවෙලා ඔබ තුමිය හරියට හැදිලා ඉන්න. අනුන්ට ලෙඩ දාන්නේ නැතිව. මහින්ද පවුල වැදගත් පවුලක්. මේකද මෛත්‍රී යුගය? දින 500 දික්කරගන්න. ලෙඩ දාන සියලුම දෙනාට පසුගිය වසර 10 මොකුත් කරගන්න බැරිවුණා නේ. පවු. ඉතින් දැන් ලෙඩ දානවා අනෙක් අයට. (බ)
කවුරු ඇත්ත කියනවාද? කවුරු බොරු කියනවාද? තේරුම් ගැනීමට ජනතාවට දෙවියන්ගේ පිහිටයි!(හේ)
කෑවා වගේ නෙමෙයි ඒවා දිරවන්න ගියාම.(හේ)
මේ එකක් විතරයි.තව චෝදනා ඉදිරිපත් වෙයි මේ යන විදියට.(හේ)
තවත් කෙනෙක් වගේ (නදී)
මෙයා තොත්ත බබා. අර ළමයෙක්ව පැහැරගෙන ගිහින් එ් ළමයට දෙන්න පුළුවන් දස වධ සේරම දුන්න කෙනෙක් මෙයා. වධ දුන්න මදිවට එ් ළමයාගේ ඇඟටත් මෙයා මුත්‍රා කරා. හොඳ කෙනෙක් ඇවිත් කියුවනම් පිළිගන්න හරි තිබුන (බ)
හොරුත් පැමිණිලි කාරයෝ වීම සතුටට කරුණක්. (බ)
තව ටික දවසකින් ඔක්කොම හිරේ ඉදියිද දන්නේ නෑ.(හේ)
දිනපතා හොයනවා දිනපතා ලැබෙනවා. බොහොම හොඳයි. ඒත් තවම හරි ක්‍රියාමාර්ගයක් ගත්තේ නෑ කාටවත්. ඒකයි ප්‍රශ්ණේ. ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ කියලා ජනතාවට නොහිතෙන විදියට වැඩ කළොත් ගොඩ. නැත්නම් සොරිම තමයි. (බ)
ඔයා නේද පුතා ගේ ආරවුලකට මැදි වෙලා ළමයෙක් ව පැහැරගෙන ගෙදෙර ගෙනිහින් අඩම් තේට්ටම් කරලා නඩුවක් ගියේ? (බ)
වෙච්ච දෙයක්.(හේ)
දැන් හැමෝටම චෝදනා එල්ල වෙන පාටයි.(හේ)
හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට.(හේ)
මේ ගැන සත්‍ය අසත්‍යතාව ගැන සොයා බලා ඉක්මනින් පියවරක් ගන්න.(හේ)
දැන් ඉතින් කරපු වැරැදි හංගන්න බෑ. පරික්ෂණ වලින් පස්සේ බලමුකෝ.(හේ)
අර සින්දුවක් තියෙන්නේ " රට කරවන්න නම් මසුරන් ඇතිව අතේ,වටිනා කියන දේ සැම විකිණිය යුතුව අතේ, අමන දනන් කහ ගැහුවත් හතර අතේ,මේවා නොවික්කොත් අපි සැම මකර කටේ //කියලා ,එහෙම හිතලා මේවා විකුනන්න ඇති අනිත් අය කරනකොට මමත් නොකට කොහොමද කියලා බිසවුන් වාන්සේට හිතෙන්න ඇති. (හේ)
පැමිණිලි කරන අයගේ සහ පැමිණිල්ල එල්ල වෙන අයගෙයි තියෙන සියලුම වැරදි වලට පරීක්ෂණ කරමු රටේ ජනතාව වෙනුවෙන් (අ)
ඔය කියන කතාවේ සත්‍ය අසත්‍ය තාව නොදනිමි. නමුත් වාස් ගුණවර්ධන නියෝජ්‍ය පොලිපති තුමා යහපත් කෙනෙක් ලෙස අසා ඇත. ඔහු විසින් කහවත්ත ප්‍රදේශයේ සිදුවූ කාන්තා ඝාතකයන් නීතියේ රැහැනට අසුකර ගැනීමට කටයුතු කල බව අසා ඇත. ඔහු යම් යම් චෝදනා මත අත් අඩංගුවට ගත් විට එහි පසුගිය රජයේ යම් යටි අරමුණක් සහිත බව එම දින වලම මම සැක කෙළෙමි. කෙසේ හෝ ඔහුට ඇති චෝදනා පිලිබදව ..සාධාරණ පරීක්ෂණයක් කොට .ඔහුත් දේශපාලන පලි ගැනීමට ලක්ව ඇත්නම් නිදහස් කොට සේවයේ පිහිටු වීමට ඉක්මනින් කටයුතු කිරීම රටේ නිතිය හා සාමය ආරක්ෂා කිරීමට ලොකු පිටුවහලක් වේවි (නදී)
බලන් ගියාම සේරම හොරුනේ (නදී)
හොඳ වෙලාවට අපේ නෝනලාගේ කනේ තියෙන්නේ කරාබු ජෝඩුව විතරයි. නැති නම් රටේම ඉන්න බවලතුන්ව අල්ලලා හරි ගොඩ යාවි. (නදී)
ඔය කොයි නෝනත් තමන්ගේ වාසියට තමයි වැඩ . එයා මෙය කියල වෙනසක් නැහැ. අපිට යන්තම් හරි විශ්වාස , උගත් කමක් එක්ක යම් වැදගත් ආදායම් මාර්ගයක් තියන නෝනලා කියන දේවල් විතරයි. (හේ)
මෙච්චර දවසක් කට්ටියට වහකදුරු වගේ හිටපු වාස් මහත්තයවත් නෝනවත් බිරිදවත් දැන් කට්ටියට වීරයෝ වෙලා..අනේ සත්‍යපාල මහත්තයෝ..ඔබ තුමා ගැන දුකයි. එතකොට මෙයාව අත් අඩංගුවට අරන් තියෙන්නේ අර මිනි මරුමට නෙමෙයි. ශිරන්ති මැඩම් බේරා ගන්න..එතකොට අර මුස්ලිම් මනුස්සයව මැරුවේ අපි ගිහින් වෙන්න ඇති..වාස් මහත්තයට තියෙන චෝදනා ඔක්කොම බොරු වෙන්න ඇති.(නදී) .
රාජපක්ෂ නිවසෙ බල්ලන්ටත් අල්ලස් චෝදනා එනවා. රටකට ඕනෙ අල්ලස් අමාත්‍යංශයක්. දින 100 දී ගහපු පදයකුත් නැහැ බෙරේ පළුවකුත් නැහැ (නදී)
සත්‍යපාලට පිස්සු (නදී)
කවුරු කවුරුත් තමන්ගේ නෝනලා ගේ වැඩ කටයුතු ගැන වග කියන්න වෙනවා. මේ නෝනාටත් එච්චරයි. මහත්තයාගේ බලය තමන් අතට ගන්න එක හොඳ වැඩක් නෙවෙයි. (නදී)
ගෝටාභය නමින් ගිණුමක් නැහැ ආරක්ෂක අමාතයංශයේ ලේකම් කීයා සිටි. ඒ කියන්නේ තියන ගිණුම නීතියට කරලා. රවී කරුණානායක විහිළු කරනවාද ? යමක් කියන්න පෙර සත්‍යය හොයල බලන්න. බොරු කරලා අපහාස කරලා අපාගත වෙන්න එපා (නදී)
මේ පැමිණිල්ල කරන කෙනා ගැනත් හොයන්න (නදී)
මෙච්චර දවසක් කට්ටියට වහකදුරු වගේ හිටපු වාස් මහත්තයවත් නෝනවත් දැන් කට්ටියට වීරයෝ වෙලා..අනේ සත්‍යපාල මහත්තයෝ..ඔබ තුමා ගැන දුකයි.එතකොට මෙයාව අත් අඩංගුවට අරන් තියෙන්නේ අර සියාම්ගේ මිනි මැරුමට නෙමෙයි..ශිරන්ති මැඩම් බේරා ගන්න..එතකොට අර මුස්ලිම් මනුස්සයව මැරුවේ අපි ගිහින් වෙන්න ඇති..වාස් මහත්තයට තියෙන චෝදනා ඔක්කොම බොරු වෙන්න ඇති..ගහ ගන්න හොද සුප්පුවක් කටේ..අම්මට කියල නැලවිලි ගීයක් කියවගෙන බුදිය ගන්න. (අ)
වැසිකිලියට ගියත් අල්ලස් (නදී)
හමුදා බුද්ධි අංශයෙන් ආ තොරතුර ශාමලී පෙරේරා මහත්මිය අතේ (නදී)