හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නැතිව කාරය පමණක් නුගේගොඩ රැලියට පැමිණි බවත්, එසේ කළේ ආරක්ෂක තත්ත්වය සොයා බැලීමට බවත් පාර්ලිමේන්තු මන්ත්රී ජොන්ස්ටන් ප්රනාන්දු මහතා නුගේගොඩ රැලිය අමතමින් කීවේය.
‘වාහනේ ඩමියක් එවලා බැලුවා ආරක්ෂාව කොහොමද කියලා.‘ යැයි ප්රනාන්දු මහතා කීවේය.
රැලිය අමතමින් සිටි ජොන්ස්ටන් ප්රනාන්දු මහතා හිටපු ජනපති එන බව කියමින් කතාව අතරමැද නැවැත්වීය. ඉන් පසු නිවේදකයා හිටපු ජනපති පිළිගැනීමට හේතුපාඨ කියද්දී මහින්ද රාජපක්ෂ මහතා එන බව කියන වාහනය වේදිකාව අසලටම පැමිණියේය.
මහින්ද රාජපක්ෂ මහතා වාහනයෙන් බැස්සේ නැත. මද වේලාවකින් නැවතත් වාහනය පසු පසට ගියේය.
අතරමග නැවැත්වූ කතාව යළි අරඹමින් ජොන්ස්ටන් ප්රනාන්දු මහතා කීවේ ආරක්ෂාව මැන බැලීම සඳහා හිටපු ජනපති වෙනුවට ඩමියක් ගෙන ආ බවයි.
නුගේගොඩ රැලියේ අලුත්ම තත්ත්වය දැනගන්න පහත වෙබ් පිටුවට පිවිසෙන්න. http://www.lankadeepa.lk/index.php/top_story/501745
වීඩියෝ - අකිල බද්දෙවිතාන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ උපක්රමයක් මේක (නි)
ඔව් ඔව්. මහින්ද මහත්තයාට හොඳ ඩමි ටිකක් ඉන්නවා. (නි)
සෙනඟ දැකලා කට්ටියට බඩයනවා වගෙයි (නි)
ආරක්ෂාව සම්බන්ධව නායකයින්ට අදාළ පුද්ගලයින්ගෙන් ලැබෙන උපදෙස් අනුවයි එයාලා කටයුතු කරන්නේ. හිතුමතේ වාහනවල නැගල යන්නේ නැහැ. (නි)
නවුෂාඩ් මහරුෆ්, ඔබ හරි. ඒවා අහලා තමයි අපි මේ වැඩ වරද්දාගෙන දඟලන්නේ. (නි)
"මේක පුදුම රටක්. දේශපාලකයින් නැතුව ඒ අයගේ නිලරථ එනවා. ඒ රථය සඳහා වියදම අපෙන්" දැනට කියවූ මෝඩම කියමන මේකයි මම (නි)
එතුමා කවදත් නුවණක්කාරයි (නි)
වෙන කෙනෙක් දාලා එවන්න තිබුනේ මොකද වෙන්නේ බලන්න (නි)
ඒ ඉස්සර..... ඔක්කොම හොරු අද නුගේගොඩ... (නි)
ඒ ඉස්සර දැන් එහෙම බය වෙන්න දෙයක් නෑ.(හේ)
මේක පුදුම රටක්. දේශපාලකයින් නැතිව ඒ අයගේ නිලරථ එනවා. ඒ රථය සඳහා වියදම අපෙන්. නිල රථ එනවා. අදාළ දේශපාලකයා නැහැ.දේශපාලකයෝ ඉන්නවා. ඒ අයට රට ගැන හැගීමක් නැහැ.ඡන්ද දායකයෝ ඉන්නවා. ඒ අයට මෙය තේරුම් ගන්න මොලේ නැහැ. (හේ)
ඉස්සර වගේ දැන් බය වෙන්න දෙයක් නෑ.(හේ)
ආව කියපු තැනැත්තයි ඩමියෙයි වෙනස මොකක්ද? පැහැදිලි කරලා දෙන්ඩලාකෝ. (බ)
ඔය තරම් බයනම් පාඩුවේ හිටියනම් ඉවරනේ. (හේ)
කළු කොටි නැතිවට කොලකොටි ඉන්නවනේ (හේ)
දැන් එහෙම තමයි කියන්නේ.(හේ)
යුද්ධය අවසන් කිරීමට මුල්වූ නායකයන්ගේ ජීවිත ඔවුන් මියයනතුරු අවදානමේ. පුනරුත්තාපනය නොවු ත්රස්තයන් සහ දේශපාලුවන්ගේ පාතාලයන්ගෙන් ප්රවේශම් වියයුතුය. සමහරක්ගේ කතාව අද ඉපදුණවුන් වැනිය. (නි)
දැන් බය වෙන්න දෙයක් නැහැ (හේ)
ඔය කතා කොණ්ඩෙ බැඳපු චීනුන්ට කියන්න .(බ)
කියන්න දෙයක් නැතිවුණාම කටට එන කෙබරයක් අරින්න තියෙන්නේ. ඒක අහලා විශ්වාස කරන මෝඩ රැලකුත් කට ඇරගෙන ඉන්නවානේ ඉතින් (බ)
අයියෝ මෙයාලා මාර බයක්නේ තියෙන්නේ.(හේ)
එදත් මිනිසුන් රැවටුවා අදත් එන්නේ මිනිසුන්ව අන්දන්නයි. කරුමෙ කියන්නේ මිනිසුන් මොවුන්ට රැවටෙන එකනේ (නි)
ඔබ මොවුන්ට අායෙමත් බලය දෙනවාද ජනතාවනි? (නි)
ඔක්කොම හොරු සෙට් එක අද නුගේගොඩ! (නි)
එයා තවම හිතාගෙන ඉන්නේ එයා මේ රටේ මහා රජ කියලා. (නි)
මහින්දත් දැන් ඩමියක් වගේ තමයි අපිට නම් (නි)
කට්ටියට රිදෙනවා ඇති නේද ඉන්න සෙනඟ දැක්කහම? (නි)
එතුමා මුතුමැණික් වලටත් වඩා වටිනවා අපිට (නි)