කිරුළපන දී සිකුරාදා (01) පැවැති මැයි දින රැලිය අසලට පැමිණි මහින්ද රාජපක්ෂ හිටපු ජනපති සුළු වේලාවක් වාහනයේ සිටම රැලිය නැරැඹූ බව ඔහුට හිතවත් ආරංචි මාර්ග සඳහන් කරයි.
රාජපක්ෂ මහතා මීළඟ අගමැති කරවීමේ සටනේ පෙරමුණෙන්ම සිටින පාර්ලිමේනතු මන්ත්‍රීවරුන් වන දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාහර සහ විමල් වීරවංශ ඇතුළු පිරිසක් එම මැයි රැලිය සංවිධානය කර තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමා තනියම ආවොත් දෙනවා. නැත්නම් මෛත්‍රීට දෙනවා. (නි)
එතුමා බලන්න ඇති වැඩේ හරියට කරනවද කියලා (නි)
කෙළින්ම එන්නේ නැතුව හැංගිමුත්තන් කරන්නේ මොකද ?? අපේ හිටපු ගරු ජනපතිතුමා......... (නි)
අනේ මන්දා! කියන්නේ නම් එහෙම. කරන්නේ නම් මෙහෙම (නි)
සෙනඟ මදි නිසා යන්න ඇති. (නි)
වැඩිම සෙනඟක් හිටිය රැලිය නුගේගොඩ. කට උත්තර නම් නැහැ. ඉදිරිය පැහැදිලිය. මහින්ද මහත්තයා වෙනුවෙන් ඉදිරියට එන මහජනතාව නවත්වන්න කාටවත් බැහැ. (නි)
ඇයි හොරෙන් යන්නේ? (නි)
තවම කරන්නේ හොර දේවල්ම තමයි (නි)
තාමත් මේ වගේ හොර වැඩම තමයි කරන්නේ. (නි)
ඒ කියන්නේ සමාජයට කෙළින් මුහුණ දෙන්න තරම් ශක්තියක් නැහැ! (නි)
අයියෝ මහත්තයෝ! (නි)
ඉටුකොට කල යුතු යුතුකම්..ලැබුනත් ලෝකෙන් ගැරහුම්..ඉවසන්නට පුලුවන්නම්..ඔබයි මගේ පුතා උතුම්.. (ත)
ආශාව... ආශාව... ආශාව... (නි)
මහින්ද මැතිඳු ,අපේ රජතුමා! (නි)
මේක ඇත්තක් නම් එතුමාට තමන් ගැනම කළකිරෙනවා ඇති. ඇත්තටම අපිට කණගාටුයි.ඔබතුමාට කොච්චර කාලයක් මේ රට පාලනය කරන්න තිබුනද? (නි)
වාහනයේ සිටම රැලිය නැරඹූවේ සෙනඟ මදි බව දැනගෙන වේදිකාවට නැඟීමට ලජ්ජාවෙන්ද? එහෙම නැත්නම් බියකටද? (නි)
ඡන්දය දුන් සියල්ලෝම ඇවිල්ලද? බලන්න වෙන්න ඇති ගියේ (නි)
මොකටද හොරෙන් යන්නේ? බයක් නැතුව කෙළින්ම ගිහින් බලන්න හෝ සහභාගිවන්නට තිබුනා (නි)
නිදහස් ශ්‍රී ලංකාවේ ජාතියේ පියා නාමයෙන් මිනිසුන්ගේ හදවත්වල ලියවී ඇති මේ උදාර මිනිසා, මේ රැළියට ගියා නම් එය අනුමතකළ නොහැකිය. මොකද එතුමා අයිති මේ රැලියේ අයට පමණක් නොවෙන නිසා. එතුමා වෙනුවෙන් ඡන්දය දුන් ලක්ෂ 58 න් මෙතැන නියෝජනය වන්නේ අඩක් පමණි. ඉතිරි අය පක්ෂයට ලැදිව, පක්ෂයේ නීතිවලට ගරුකර අනෙක් රැලියට ගියා වෙන්න පුළුවන්. අපිට වැදගත් වන්නේ මහින්ද, ගෝඨා, බැසිල් හෝ සන්ධානය නොවේ. ලැබූ නිදහස,ලැබූ ජයග්‍රහණය රැකගෙන සියලු ජාතීන්ට සාමයෙන් හා සහජීවනයෙන් ජීවත්වන්න පුළුවන් රටක් නිර්මාණය කළහැකි නායකයෙකි. (නි)
හොඳ අදහසක් මිනිසුන්ගේ මනාපය බලන්නත් එක්ක. (නි)
රටට සේවයක් කළ කෙනෙකුට කවද්ද අපේ ජාතිය කෙළෙහිගුණ සැලකුවේ.(හේ)
සෙනඟ නැති නිසා ආපසු හැරිලා ගියාවද්ද? (නි)
දැන් වීරයෝ වෙලා මෙතුමන්ට අපහාස කරන ගුණමකුවන්ට එතුමන්ගෙන් රටට වුණ සේවය ගැන අංශු මාත්‍ර මතකයක්වත් නැති හැටි! අනේ ඇත්තට මෙහෙම අසත්පුරුෂයන්ටත් ඉර හඳ පායනවනේ. (නි)
ජයවේවා! (නි)
ඔහුට දැන් කරන්න තිබෙන්නේ කුරහන් සාටකය අයින්කර සත්‍ය අවබෝධ කරගන්න මහන්සිවීමයි (නි)
හිටපු ජනාධිපතිතුමා පැත්තකට වෙලා ඉන්න. පොඩ්ඩක් විවේක අරගෙන ඉදිරියට එන්න. ඔය පරාජිතයෝ පස්සේ වැටිලා නැතිවෙන්න එපා (නි)
අයියෝ! සෙනඟ අඩුනිසා ආපසු යන්න වෙලාද? (නි)
මිනිසුනි, දැන්වත් හිතාපල්ලා (නි)
අනේ පව්! වැඩ වැඩි හින්දා වෙන්න ඇති ඉක්මනටම ගියේ. ආරාධනාවක් ආවා නම්, දොරකඩට ඇවිල්ලා ගියේ මොකද? (නි)